ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකුත් විරුද්ධ බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සහ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී ජනාධිපති වනු ඇතැයි බියෙන් බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොදී ඔහු හොරෙක්, මිනීමරුවෙක් ලෙස පෙන්වා තරගයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා,
මාධ්‍යවේදී නොයාර් පැහැරගෙන ගිහිල්ලා ඔහුට පහරදීම සම්බන්ධයෙන් අද වෙනකොට ඒ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂව පටලවන්න උත්සාහ කරනවා. 2008 මැයි 22 මේ සිද්ධිය වුණේ. ඊට දින කිහිපයකට පස්සේ විපක්ෂ නායක විදියට ඉඳපු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා මේක කළේ සරත් ෆොන්සේකාගේ කණ්ඩායම කියලා. ඒ වගේම ජෝෂප් මයිකල් පෙරේරා කිව්වා වෙන කවුරුත් නෙවෙයි මේක කළේ සරත් ෆොන්සේකා කියලා. වහාම සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න කියලා ඔවුන් එදා ආණ්ඩුවෙන් ඉල්ලුවා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා පරීක්ෂා කළොත් ඒක බලාගන්න පුළුවන්.
කීත් නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහර දෙන්න කලින් දිගින් දිගටම ලිව්වේ සරත් ෆොන්සේකාට විරුද්ධව.
ඒ වගේම අපි දන්නවා සරත් ෆොන්සේකා අමානුෂික ලෙස කටයුතු කරපු විදිය ගැන. එහෙම කරපු කෙනෙක් කීත් නොයාර්ට පහර නොදී ඉඳී කියලා අපිට හිතන්න බැහැ.
දැන් සමහර මාධ්‍යවලින් කීත් නොයාර්ට පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා ඒත්තු ගන්වන්න හදනවා. අපිට මේකෙන් ඉතාම පැහැදිලියි අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහලාට, සරත් ෆොන්සේකලාට ඕන විදියට නටන අම්බලන්ගොඩ රූකඩ බවට පත්වෙලා කියන කාරණය.
අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් ඉදිරි ජනාධිපතිවරණයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඔහු ජයග්‍රහණය කරනවා. ඒ ගැන විශ්වාසයක් අපිට වගේම ජනතාවටත් තියෙනවා.
අනුර කුමාරලා බයවෙලා ඉන්නේ. මොකද ඔවුන් දන්නවා ගෝඨාභය රාජපක්ෂ දිනන බව.
ඒකාබද්ධ විපක්ෂයේ කොටසකුත් ඉන්නවා දෙන්නම් බැටේ, අපි බලයට පත් වුණාම කියලා. ඔවුන්ට වුවමනා දේවල් ඉටු කරගන්න වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ආවොත්. ඒකයි ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ගෝඨාභයට විරුද්ධ වෙන්නේ. ගෝඨාභය වැලි පාක් එකෙන් හරි දියත උයනෙන් හරි, ඔහු කරපු සංවර්ධන වැඩවලින් මුදල් වංචා කළේ නැහැ. ඔහු විනිවිදභාවයෙන් වැඩ කළා. රුපියලක්වත් වංචා කළේ නැහැ.
අද ගෝඨාභය රාජපක්ෂව හිරේ දාලා ඔහුව ජනාධිපති ධුරයට තරග කරන එක වළක්වන්න. ඒ සඳහා එක්නැලිගොඩ නඩුව, නාවික හමුදාව දෙමළ තරුණයන්ව පැහැර ගත්තා කියන නඩුව, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, කීත් නොයාර්ට පහර දීම, මිග් ගනුදෙනුව මේ දේවල් උඩට අරගෙන උත්සහ කරනවා.
අපි රණවිරුවෝ විදියට කියනවා විධායක ජනාධිපති ධුරය මේ රටේ තිබිය යුතුයි. ඒක අහෝසි කරනවා කියන්නේ ඊළමට පහර ගැසීමක්.
උදයන්ති මුණසිංහ
– mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...