කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පෙරේදා (24 වැනිදා) ඝාතනයට ලක්‌වූ පදිකයන් දස දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්‌ද සිටී.
ඇය හොරණ කුඩාඋඩුව කරව්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්‌දරු මවකි. 2001 වසරේදී කැනඩාවට ගොස් ඇති ඇයට එරට පුරවැසිභාවය හිමි වී ඇත.
හොරණ කුඩාඋඩුව කරව්හේන පදිංචිව සිටින ඇයගේ සොහොයුරා වන හේමන්ත අමරසිංහ මහතා සිය සොහොයුරිය ගැන විස්‌තර පැවසූවේ මෙසේය.
මම මුලින්ම 1991 දී කුවේට් රටේ රැකියාවට ගියා. 1994 දී මා මගේ බිරිඳත්, සොහොයුරියත් (රේණුකා අමරසිංහ) කුවේට් රටට ගෙන්වා ගත්තා. මගේ ස්‌වාමියාගේ පුතා කැනඩාවට යන විට 2001 වසරේදී මගේ නැගණියවත් කැනඩාවට රැගෙන ගියා. කැනඩාවේ පදිංචි වී අවුරුදු 5 කින් පසු පුqරවැසිභාවය හිමි වුණා. නංගි විවාහ වුණාට පස්‌සේ ටොරෙන්ටෝ සිට වෙනත් ප්‍රදේශයක පදිංචි වුණා. නංගිට අවුරුදු 7 ක පුතෙක් ඉන්නවා. නංගියි පුතයි සිංහල අවුරුද්දට ලංකාවට ආවා. සති 3 ක් විතර අපි එක්‌ක ඉඳලා පසුගිය 17 දින ආපසු කැනඩාවට ගියා. ලංකාවෙන් ගිහින් දවස් 7 යි නංගී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන කොට. දරුවා පාසලට ඇරලවා ගෙදර එන්න පාර අයිනේ ඉන්න විටයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.
මීට පෙර නංගී ලංකාවට ආවේ අවුරුදු 3 1/2 කට විතර කලින්. මේ වතාවේ ආවේ අවුරුද්දට අම්මවත් බලලා, කකුලේ අසනීපයකට ප්‍රතිකාර කරන්නත් එක්‌ක.
එයා කැනඩා පුරවැසියෙක්. දේහය ලංකාවට ගෙන ඒම ගැන නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...