කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී කුලියට ගත් වෑන්රියක් පදික වේදිකාව ඔස්සේ පදවා දස දෙනකු මරා දැමූ ඇලෙක් මිනාස්සියන් නැමැත්තා එම ඝාතන සිදු කිරීමට පෙර පේස්බුක් අඩවිය ඔස්සේ රහස් පණිවුඩයක් යවා තිබූ බව පොලිසිය සොයා ගෙන ඇත.
විසිපස් හැවිරිදි වියේ පසුවන ඇලෙක්ට එරෙහිව මිනීමැරීම් චෝදනා 10 ක් ඉදිරිපත් වී තිබේ.
මියගිය පිරිසගෙන් වැඩි දෙනා කාන්තාවන් වේ. මොහු ස්ත්රින් කෙරේ වෛරයෙන් සිටි අයෙක් බවට සැක කෙරේ. මෙම ඝාතනවලින් පසු පේස්බුක් ආයතනය ඇලෙක්ගේ පේස්බුක් සටහන මකා දමා ඇත.
මෙකී සිද්ධියට සම්බන්ධ ඇලෙක් 2017 වසරේදී කැනඩා හමුදාවේ සේවය කර ස්වේච්ඡාවෙන් අස් වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක ජෙසිකා ලැම්රැස්වේ පැවසූවාය.
මේ අතර ටොරොන්ටො පොලිස් ප්‍රධානියා වූ මාර්ක් සෝන්ඩර්ස් පැවසූවේ සිද්ධිය වාර්තා වී විනාඩි 7 ක් තුළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මියගිය පිරිස අතර දකුණු කොරියානු සහ ජෝර්දාන් කාන්තාවන් තිදෙනකුද සිටින බව හෙළි වී ඇත.
ඉන් කැනඩාවේ ආයෝජන සමාගමක සේවය කළ ඇන්මාරි අමිකෝ නැමැති කාන්තාවගේ සිරුර පමණක් හඳුනාගෙන තිබේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...