ප‍්‍රධාන පුවත්

සෑම කෙනෙකුටම තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් ඇත. බංග්ලාදේශ ජනතාව ආගමිකයන් මිස අන්තවාදීන් නොවේ. බංග්ලාදේශය වාර්ගික සමගිය ඇති රටකි. ආගම දේශපාලන මෙවලමක් ලෙස භාවිතා නොකරන්න යැයි බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ‘ඩඉල්ය්හුන්ට්‘ පුවත් වාර්තා කරනවා.

බංග්ලාදේශය සෑම කෙනෙකුටම අයිති බව ඇය තරයේ කියා සිටි අතර රට ආගමික සාරධර්ම රකිමින් ප්‍රගතියේ හා සංවර්ධනයේ මාවත කරා ගමන් කරනු ඇති බවට නැවත අවධාරණය කර සිටින ලදි.

“මෙය ලාලොන්, රබීන්ද්‍රනාත් තාගෝර්, කාසි නස්රුල් ඉස්ලාම් සහ ජිබානන්ද දාස්ගේ බංග්ලාදේශයයි. මෙය ෂජ්ජලාල්, ෂා පරාන්, ෂා මක්දුම් සහ ඛන්ජාහාන් අලිගේ බංග්ලාදේශයයි. මෙය ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ බංග්ලාදේශයයි. කෝටි 16 ක බංග්ලාදේශයයි. මේ රට හැමෝටම අයිතියි ”ඇය පවසන ලදි.

ආගමික අන්තවාදී පිරිස් විසින් ව්‍යාජ ප්‍රකාශ හරහා භක්තිමත් මුස්ලිම්වරුන් තුල නොසන්සුන්තාවයක් ඇති කර රට වසර 50ක් පසුපසට ගෙනයාමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

1971 දී පාකිස්තානයෙන් බංග්ලාදේශය මුදා ගැනීමේ ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් කරමින් සෑම වසරකම දෙසැම්බර් 16 වන දින ‘විජය දීවාස්’ දිනය සමරනු ලැබේ. මිලිටරි ඉතිහාසයේ වේගවත්ම හා කෙටිම මෙහෙයුම් වලින් එකක් වන මෙය හරහා නව ජාතියක් බිහි වූයේ ඉන්දීය හමුදාව විසින් දියත් කරන ලද වේගවත් මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙනි. 1971 යුද්ධයෙන් පරාජයට පත්වීමෙන් පසු එවකට පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් අමීර් අබ්දුල්ලා ඛාන් නියාසි සහ ඔහුගේ 93,000 භට පිරිස් මිත්‍ර හමුදාවන්ට යටත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More