COVID 19 වසංගතය මැඩලීමට දේශීය ඔසු ක්‍රම යොදා ගත හැකිද යන්න පිළිබඳව වගකිව යුතු රජයක් ලෙස බටහිර දැනුමේ වහලුන්ට අවශ්‍ය ලෙස කල් මරන්නේ නැතිව තීරණයක් ගත යුත්තේ ඇයි?
පැය 24න් අවසන් කටයුතු කිරීමත් අපූරුවට අමතක කර භූමිදානය නොකලොත් ආගමික නීති කැඩෙනවා කියමින් වැලලෙන්න හදන්නේ දේශපාලන බලය පෙන්වීමටයි.
රටේ හෙළ වෙදකම නිසා කොරෝනා රෝගීන් 170+ ක් මරණයට පත් වූ වා නම් බටහිර දැනුමේ වහල්ලු හෙළ වෙදකමට කොහොම අපහාස කරයිද?
ධම්මික මහතාගේ පැණිය ගත් කිසිවෙක් අසාධනය වූ බවට සාක්ෂි නැත. ඔහුගේ චරිතයේ ඇති දුර්වලතා ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස යොදා නොගෙන ඉක්මන් තීරණයක් ගෙන මිනිසුන් මරණයෙන් බේරා ගත හැකිදැයි සොයා බලන්න.
(1) එන්නත පැමිණීමටත් කාලයක් ගත විය හැකි නිසාත් (2) එන්නත සැමට ලබා දිය නොහැකි නිසාත් (3) එන්නත COVඓඪ් 19 සියලු ප්‍රභේද වලට සාර්ථක බව තවම තහවුරු කර නොමැති නිසාත් (4) නව COVID 19 වයිරස් ප්‍රභේද දිනෙන් දින මතුවන නිසා තනි එන්නතක ප්‍රතිඵල දායක බව අඩු වන නිසා (5) එන්නත මගින් දිගු කලකට රෝගයෙන් ආරක්ෂණයක් ලැබෙන බව සහතික නොකරන නිසා (6) මේ සියලු බටහිර එන්නත් ප්‍රතිකාර පර්යේෂණ සාර්ථක වෙන තුරු මිනිසුන්ට මිය යාමට දී බලා සිටිය නොහැකි නිසා
(7) එදිනෙදා මෙරට වැසියන් ඇතැම් අමුද්‍රව්‍ය සියවස් කිහිපයක් මෙන්ම ඇතැම් අමුද්‍රව්‍ය දහස් ගණනක් භාවිතා කර ඇති එදිනෙදා ප්‍රයෝජනයට යොදා ගන්නා කුළුබඩු සහ අමුද්‍රව්‍ය නිසා විෂ නොවන බව තහවුරු වී ඇති නිසා
ධම්මික මහතා ඉදිරිපත් කල ඔසුව සහ අනෙකුත් දේශීය ඔසු මේ සම්බන්ධයෙන් 50%-75% හෝ ප්‍රතිඵපලදායක බවක් ඇත්දැයි බලා ජනතාව වසංගතයෙන් මුදවා ගැනුමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගැනීමට රජයට වගකීමක් ඇත.
දේශීය වෙදකම් ප්‍රතික්ෂේප කිරීමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඕනා කියනවා වගේ මේ ඊනියා විද්වත් කමිටුවල කල් මැරීම නවතා කඩිනම් ක්‍රියාමාර්ගයක් වගකිව යුතු රජයක් ලෙස ගත යුතුය.
අප රජයෙන් අහන්නේ දැන් මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ රාමුව අනුව පර්යේෂණ කර ප්‍රතිඵල පෙන්වන ලෙස ධම්මික මහතා නිපදවූ ඔසුවට නියම කරනවා සේ මෙරට සියලුම හෙළ ඔසු ක්‍රම බටහිර රාමුවේ පරික්ෂා කල යුතුයි කියාද මේ බටහිර දැනුමේ වහල්ලු කියන්නේ.
එයට අමතරව; ධම්මික මතාගේ පැණිය හා හෙළ වෙදකමේ අනිකුත් ප්‍රතිකාරයන් සාර්ථක නැති නම්, හොඳ නැති නම් බටහිර වෛද්‍ය කුළකයන් විසින් බටහිර වෙදකමෙන් මෙම වසංගතයට එන්නතක් නොවන සාර්ථක ඖෂධයක් වහාම ලොවට හෙළි කළ යුතුය.
රුවන් දිසානායක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...