Uncategorized

කිතු දහමේ සැබෑ පරම සත්‍යය ජනගත වී ඇත්තේ බෙත්ලෙහෙම් ගවහලේය. නමුත් ඒ පරම සත්‍යය දැන හෝ නොදැන හෝ කිතුණු දහම තවම ගවහලට සංවේදී වී තිබේද? ගවයන් ලඟින ගවහල, සමාජයේ අන්ත දිළින්ඳන් වූ, සමාජයෙන් කොන් කළ එඬේරු, අහිංසක ගවයන්, බැටළුවන් පිරිවරාගෙන විශ්වය මවා වදාළ විශ්වයේ මහා මිදුම්කාර රාජාති රජාණන්ගේ පුත‍්‍රයාණන් වූ කිතු සමිඳුන් ලොව ජනිත වීමට තෝරා ගත්තේ ඇයි?

කිතු සමිඳුන්ගේ මනු උපතේ මංගල පණිවිඩය ජනගත කළේ කාටද? ගවයන්ට තණ කවා වෙහෙසී මිටියාවතේ නිදා සිටි දුගී එඬේරුන් අවදි කරවා, ස්වර්ගයෙන් පැමිණි දේව දූතයන් ඒ උත්තරීතර පේ‍්‍රමයේ හා සාමයේ පණිවිඩය ප‍්‍රකාශ කළේය. මේ සියලූ සිද්ධීන් තුළින් දෙවිඳුන් විශ්වයට දුන් විමුක්ති පණිවිඩයට සිදුවූයේ කුමක්ද? එම විමුක්ති පණිවිඩය ඔස්සේ සභාව දේව වචනයෙන් දේව ජනතාව බලගන්වා සන්නද්ධ කර ඇද්ද? නැත. නත්තල් රාති‍්‍රයේ සුරලොවින් ජනගත කරන ලද සාමයේ හා පේ‍්‍රමයේ පණිවිඩය විකෘති කළේ කවුද? පීඩිත පන්තිය නියෝජනය කරමින් උපත ලද පේ‍්‍රමයේ කි‍්‍රස්තු රාජාණන් පිළිගැනීමට සමස්ත කිතුනු ලෝකයම පසුගාමී වී ඇති බව රෝම සභාව පිහිට වූදා පටන් මෙතෙක් ආ දහම් මඟ දෙස විමර්ශනාත්මකව බලන විට පැහැදිලිව පෙනි යන්නේය. රාජකීය අධිරාජ්‍ය බල පරාක‍්‍රමයන් ත්‍යාජ කරමින් කිතු සමිඳුන් මෙලොව බිහිවීමට දෙවි පියාණන් තෝරා ගත්තේ ගලීලයේ නාසරෙත්හී ඉතා අප‍්‍රසිද්ධ දිළිඳු පවුලක කන්‍යාවියක් වූ නිර්මල මරියතුමිය නොවේද? උන්වහන්සේගේ සුරැුකි පියා ලෙස තෝරා ගත්තේ ගලීලයේ නාසරෙත්හි දිළිඳු වඩු කාර්මිකයෙක් වූ ශුද්ධ වූ ජුසේ තුමා නොවේද? මෙම දේව සැලැස්ම ගැන කිතුනු අපගේ ගවේෂණාත්මක නිගමනයන් සභාව තුළ කි‍්‍රයාත්මක වන්නේද? නැත. ගවහලක කි‍්‍රස්තු උපත තුළින් දෙවියන් වහන්සේ විශ්වයට දුන් පණිවිඩය නම් දේව රාජ්‍යයේ උරුමය හිමිවන්නේ ලද දෙයින් තුටු වන බැහැපත් වූ නැති බැරි පීඩිතයන්ට නොවේද?

ශුධාත්ම වරමින් දේව් පුතා කන්‍ය මරිය මවු කුසේ පිළිසිඳගත් මංගල පුවත ගාබි‍්‍රයෙල් දේව දූතයා මරියතුමියට සැලකළ මොහොතේ එය නිහතමානීව පිළිගත් එතුමිය, මෙම මංගල පුවත එතුමියගේ ඥාතිවරිය වූ එළිසබෙත් තුමිය බැහැදැක ප‍්‍රකාශ කිරීමෙන් පසු ගැයූ මරිය උදාන ගීතයෙන් ඉස්මතු වූයේ ද දිළින්දන්ගේ රාජ්‍යයක් ගැන නොවේද?

‘‘මගේ සිත මා මිදුම් කාර දෙවිඳුන් ගැන උදම් අනන්නේය. කුමක් නිසාද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව සලකා වදාළ සේක. හැම පරපුරක්ම මෙතැන් සිට මට භාග්‍ය වන්තිය යැයි කියනු ඇත. පරාක‍්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. පරිශුද්ධයාණන් යනු එතුමාන්ගේ නාමයය. එතුමානන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවේන් එතුමාණෝ විකුම් පා උඩඟු සිත්ඇත්තන් විසුරුවා හැර මහා නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා දීනයන් උසස් කළ සේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්පවා ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.’’ (ශුධවර ලූක්, මරිය උදාන ගීතය)

උන්වහන්සේගේ දේවත්වයේ ප‍්‍රසිද්ධ වසර තුන තුළ උන්වහන්සේ වැඩසිටි මාලිගාවක් හෝ නිවසක් ගැන ශුද්ධ වූ බයිබලයේ සඳහන් නොවන්නේය. පීඩිත පන්තිය නියෝජනය කරමින් සත්‍ය වූ දේව දහම දේශනා කරමින් උන්වහන්සේ ගමන් කළ මාර්ගය ශු. බයිබලයේ මෙසේ සඳහන් වන්නේය. උන්වහන්සේ මහ මඟ බැස යද්දී එක් මිනිසෙක් උන්වහන්සේ යන ඕනෑම තැනකට වුව ද මමත් ඔබ සමග එන්නෙමියි කීය එවිට ජේසුස්වහන්සේ කතා කොට, ‘හිවළුන්ට බෙනද, අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. එහෙත් මනුෂ්‍ය පුත‍්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැත්තේ යයි ඔහුට වදාළ සේක.’ (ශු. ලූක්් 9-57:58)

කි‍්‍රස්තුස්වහන්සේගේ මේ සියලූ ප‍්‍රකාශනයන් අනුව ඔබ මොහොතකට සිතා බලන්න, උන්වහන්සේගේ දහමේ නාමයෙන් පෙනී සිටින නායකයන් සිටින්නේ කොහේද? මේ නිර්ධන පන්ති කිතුණු නියෝජනය හමුවේ සභාවත් කිතුනු ලෝකයත් කොතරම් දුරස්ථ වී ඇද්ද? දේව වචනය වෙනුවෙන් සියලූ කිතුණුවන්ට සත්‍යයේ සාක්ෂිකරුවන් විය නොහැකිද? ගවහලේ මානව දයාවේ කිතු දහම අද වත්පිළිවෙත් දහමක් වී පේ‍්‍රමයේ සහජීවනයේ කිතු දහම විකෘති වීම කිතු සමිඳුන් කිසිදාක අනුමත නොකරන්නේය. උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු පේ‍්‍රමයේ, සහජීවනයේ හා බෙදා හදා ගැනීමේ දහම නොහොත් ගවහලේ දිළින්දන්ගේ සභාව ගොඩනඟා සමාජගත කළ අයුරු ශුද්ධ වූ පූජනීය බයිබලයේ සඳහන් වන්නේ මෙසේය. (සැදැහැවත් සියල්ලෝ එක්වී හැමදෙයම පොදුවේ තබා ගත්හ. ඔවුහු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ උවමනාවේ හැටියට සියලූ දෙනා අතරේ බෙදා ගත්හ. (අපෝස්තුළු කි‍්‍රයා පොත, 2-44:45) මේ සියලූ අභියෝග හමුවේ කිතු දහම ගොඩනඟා යායුතු දිසාව ශු. බයිබලයේ පෙන්වාදී ඇතත් කිතු දහම යායුතු දිසාව හඳුනා ගෙන නොමැත්තේය.
පමුණුගම- ජෝ. සංගපාලආරච්චි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More