කොවිඞ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය පිළිබඳ අද නැවතත් ආන්දෝලනාත්මක සංවාදයක් ඇති වී තිබේ. මෙය මූලික වශයෙන් ආගමික ඉල්ලීමකි. ඒ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව භූමදානය ගැටලූවක් නොවන බවය. එසේ නොකිරීමෙන් මුස්ලිම් ජනයාගේ සංස්කෘතික අයිතීන් උල්ලංඝනය වන බවය. ඒ සම්බන්ධව රජයෙන් පත් කළ විද්වත් කමිටුවේ මතය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පොදුවේ කළ නිර්දේශය මත පිහිටා මේ පිළිබඳ තීරණයක් ගැනීම නිවැරදි නොවන බව සහ එහිදී එක් එක් රටවලට අදාළ විශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගත යුතු බවය. හදාරා අවසන් කොට නැති විටින් විට වෙනස් ප‍්‍රභේද මතුවන වෛරසයක හැසිරීම ගැන නිගමනයකට ඒම පහසු නැති බවය. ඔවුහු ඒ මූලික ප‍්‍රවේශය යටතේ කරුණු ගණනාවක් ගෙනහැර දක්වති. මේ සංවාදය දෙස මැදහත්ව බැලීමේදී පෙනී යන්නේ මළ සිරුරු භූමදානයේ හොඳ නරක තීරණය කිරීම සරල නැතත් එහි පැහැදිලි සෞඛ්‍ය අවදානමක් තිබිය හැකි බවය. මුහුණු ආවරණ පැළඳීම ගැන පවා විටින් විට වෙනස් කතා කියන ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ තත්ත්වය අධ්‍යයනය නොකර එවූ ලියුම් කෑල්ලක් මත පිහිටා මෙවන් කරුණක් සම්බන්ධව තීරණවලට එළැඹීම නුසුදුසු බවය. කෙසේ හෝ වේවා එය අදාළ ක්ෂේත‍්‍රවල විද්වතුන් විසින් අපක්ෂපාතීව ගත යුතු තීරණයකි. මේ ලිපියේ අරමුණ මළ සිරුරු වළ දැමීමේ හොඳ නරක විද්‍යාත්මකව විමසා බැලීම නොව මේ මළ සිරුරු ප‍්‍රශ්නය පසුපස පෙළ ගැසෙන අන්තවාදී පෙරහැර හා ඒ වෙනුවෙන් පෙනී සිටන පාර්ශ්වයන්ගේ වංචනික හැසිරීම හා ඔවුන්ගේ අරමුණු දේශපාලනිකව විමසා බැලීමය. මෙය අදාළ ප‍්‍රශ්නය පිළිබඳ දේශපාලන විවරණයක් විනා විද්‍යාත්මක විවරණයක් නොවේ.
* සංස්කෘතික අයිතියට ඉඩදීම වරදක්ද?
මළ සිරුරු භූමදානය හරි වුවද වැරදි වුවද එය විද්‍යාත්මක ඉල්ලීමක් නොව ආගමික සංස්කෘතික ඉල්ලීමකි. අන් ජාතීන්ගේ සාධාරණ සංස්කෘතික අයිතීන්ට ගරු කිරීම ගැන අපට ගැටලූවක් නැත. එහෙත් එය කළ හැක්කේ ඒ අයිතියෙන් අනෙක් ජාතීන්ට හෝ පොදු සමාජයට අයහපතක් නොවන්නේ නම් පමණි. සංස්කෘතික ඉල්ලීමක් පොදු සමාජයට යහපතට බලවත් ලෙස හානි කරන්නේ නම් අපට එහිදී සංස්කෘතිය පසෙක තබා සංස්කෘතියට ඉහළින් පවතින මිනිස් වටිනාකම් ගැන සිතන්නට සිදුවේ. ඒ කාරණය මුස්ලිම් සංස්කෘතියට පමණක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට වුවද අදාළය. මුස්ලිම්වරු තොප්පි පැළඳීම අපට ප‍්‍රශ්නයක් නැත. එයින් කිසිවකුට හානියක් නොවේ. නමුත් බුර්කාව වැනි සංස්කෘතික අංගවල ඇති ගැටලූව වන්නේ එය කාන්තා නිදහසට පමණක් නොව ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වීමය. මේ මළ සිරුරු ප‍්‍රශ්නයද එවැන්නකි. ඊට එරෙහි විය යුත්තේ මුස්ලිම් විරෝධී අර්ථයකින් නොව එහි පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමිනි. එවැනි කිසිදු අවදානමක් නැතැයි සහතික වශයෙන්ම කිව හැකි නම් මළ සිරුරු භූමදානය ගැටලූවක් නොවේ. නමුත් අවදානමක් පිළිබඳ විවාදයක් මෙහි ඇත. එවැනි අවදානමක් තිබේ නම් එහිදී මුල් තැන දිය යුත්තේ සුළු පිරිසකගේ සංස්කෘතික ඉල්ලීමකට නොව සමස්ත ජාතියේ සෞඛ්‍ය පිළිබඳ කාරණයටය. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ මේ ප‍්‍රශ්නය අරභයා සෞඛ්‍ය නිර්දේශ පසෙක තබමින් ආගමිකත්වයට මුල් තැන ඉල්ලා සිටීමය. එය සාධාරණද? මේ අන්තවාදී ජාතිවාදී ප‍්‍රවණතාව භූමදාන ඉල්ලීමෙන් පමණක් නතර වන්නක් නොවේ. භූමදානයේ වරදක් නැත්නම් අප ඒ සඳහා ඉඩකඩ ලබාදිය යුතුය. නමුත් ඒ පසුපස පෙරට එන ජාතිවාදී දේශපාලනයේ සමස්ත පින්තූරය නිවැරදිව දකිමින් එය කොන්දේසි රහිතව පරාජය කළ යුතුය.
* ජනවරමට කෙළ ගසන අලි සබ්රි සහ සමාගම
මේ ප‍්‍රශ්නය ගැන මුලින්ම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේ රවුෆ් හකීම් මහතාය. අද මේ වෙනුවෙන් වැඩිපුරම පෙනී සිටින්නේ සද්ධර්මරතනාවලිය කියවා සහජීවනය උගත් බව කියමින් වත්මන් ආණ්ඩුවේ රිෂාඞ් බදුර්දීන් බවට පත්වෙමින් සිටින අලි සබ්රි ඇමැතිවරයාය. මෙවන් අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අමතරව සජිත් පේ‍්‍රමදාස වැනි සිංහලයෝ රාශියක්ද මේ මළ මිනී අන්තවාදය වෙනුවෙන් පෙනී සිටිති. වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ මිථ්‍යාවට එරෙහි, නිරාගමික රැඩිකල් අදහස් දරන බව කියන මාක්ස්වාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී පඬියන් පවා අද මේ ආගමික අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීමය. ආදාහනයට එරෙහිව එවැනි පඬියන් එකසිය හැට ගණනකගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාට භාර දී තිබිණි. වමේ පක්ෂවල නායකයන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විකල්ප රැඩිකල් යැයි කියාගන්නා විශාල පිරිසක් මීට අයත්ය. මේ සියල්ලෝ කිසිදු හිරිකිතයකින් තොරව අද අලි සබ්රිගේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිති.
අලි සබ්රි යනු ජනතා අනුමැතියකින් තොරව අහසින් පාත් වී අධිකරණ ඇමැතිධුරය හිමි කරගත්තෙකි. සහජීවනය ගැන සුරංගනා කතා කියමින් දේශපාලනයට පිවිසි අයෙකි. එහෙත් ඔහු අද අන්තවාදී ඉල්ලීම් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියි. පෙනී සිටිනවා පමණක් නොවේ. එම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් මුස්ලිම් තරුණයන් අන්තවාදීන් බවට පත් විය හැකි බව පවසමින් සහරාන්ලාගේ භූමිකාවද සාධාරණීකරණය කරයි. සහරාන්ලා සිහිපත් කරමින් හැට නම ලක්ෂයේ ජනවරමට තර්ජනය කරයි. මේ කොහෙන් ආ හයියක්ද? ගෝඨාභය මහතා බලයට ගෙන ඒමට ප‍්‍රධාන සාධකයක් වූයේ ආගමික අන්තවාදයට එරෙහි සුරක්ෂිත රටක් පිළිබඳ අපේක්ෂාවය. එක රටක් එක නීතියක් වැනි දේශපාලන සටන් පාඨය. අද අලි සබ්රි වැනි දුෂ්ට ඇමැතිවරු ගෝඨාභයගේ ඇමැති මණ්ඩලය තුළම හිඳිමින් එකී ජනවරමේ මහා අපේක්ෂාවන්ට කෙළ ගසමින් සිටිති. ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධව නිසි තීන්දු නොගන්නේ නම් එතුමාට ඉදිරියේදී 2015 පරාජයටත් වඩා දරුණු ඉරණමක් අත්විය හැකි බව සිහිපත් කර දිය යුතුය.
* නිරාගමික සහරාන්ලාගේ භූමිකාව
මීළඟට වැදගත්ම කාරණයක් වන්නේ අලි සබ්රිගේ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගය, වමේ පක්ෂ සහ
නිරාගමික රැඩිකල් පඬියන්ගේ භූමිකාව විමසා බැලීමය. මොවුහු අද මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අයිතියක් ගැන කතා කරති. එය ප‍්‍රශ්නයක් නැතැයි සිතමු. එහෙත් මේ පිරිස සිංහල ජනතාවගේ සාධාරණ සංස්කෘතික අයිතියක් ගැන කතා කළේ කවදාද? කතා නොකළා පමණක් නොව ඔවුන් හැකි සෑම විටෙකම සිංහලයාගේ සංස්කෘතික ආගමික විශ්වාසයන්ට පමණක් නොව දේශීය දැනුමට පවා මිථ්‍යාවන් යැයි සලකා පහර දෙති. විද්‍යාව ඔසවා තබමින් සිංහලයාට නිරාගමිකත්වය දේශනා කරති. ප‍්‍රතිසංස්කෘතික වන්නැයි සිංහලයාට උපදෙස් දෙති. සිංහලයා සම්බන්ධව විද්‍යාව අගයමින් මිථ්‍යාවට පහරදෙන මේ තක්කඩියන් මුසල්මානුවා සම්බන්ධව විද්‍යාව පසෙක තබා සංස්කෘතිය උඩ දමන්නේ කුමක් නිසාද? සිංහලයා සම්බන්ධව පමණක් වලංගු වන ආගම් විරෝධය, මිථ්‍යාව, නිරාගමිකත්වය, ප‍්‍රති සංස්කෘතිකය වැනි කතා මුසල්මානුවා සම්බන්ධව වලංගු නොවන්නේ ඇයි?
අද මුස්ලිම් අයිතිය වෙනුවෙන් පෙනී සිටන වාමාංශික මන්තී‍්‍රවරයකු පසුගිය දාක ප‍්‍රකාශ කළේ පන්සල් යෑම ගෝති‍්‍රක චාරිත‍්‍රයක් බවය. කොවිඞ් වසංගතය වෙනුවෙන් පිරිත් පැන් ගංගාවලට මුසු කරන විට සමගි ජන බලවේගය, වමේ පක්ෂ ඇතුළු රැඩිකල් පඬියන් සියල්ලෝ ඊට එරෙහිව පොළොවේ පස් කෑ බව අප අමතක කළ යුතු නැත. පසුගිය දිනක කෑගල්ලේ ධම්මික මහතා සොයා ගත් බෙහෙත සම්බන්ධවද ඔවුන්ගේ ප‍්‍රතිචාරය වූයේ එයමය. ධම්මික මහතාගේ බෙහෙතත් මොහොතකට අමතක කර පිරිත් පැන් කතාව පමණක් සලකා බලමු. පිරිත් පැන් යනු සිංහල බෞද්ධ ආගමික සංස්කෘතික විශ්වාසයකි. එයින් කොවිඞ් රෝගයට බලපෑමක් වුවත් නැතත්, පිරිත් පැනින් කුරා කුහුඹුවකුටවත් කිසිදු හානියක් සිදු නොවේ. නමුත් මිනී වළ දැමීම එවැනි අහිංසක විශ්වාසයක් නොවේ. එය පැහැදිලි සෞඛ්‍ය අවදානමක් ඇති ප‍්‍රශ්නයකි. එසේ තිබියදී කාටවත් කිසිදු හානියක් නොකරන පිරිත් පැන් මුට්ටියට උඩු බුරන පඬියෝ මිනී වළ දැමීම වෙනුවෙන් පෙනී සිටීමේ මහා පරස්පරය අප තේරුම්ගත යුත්තේ කෙසේද? අපූරු කාරණය වන්නේ මේ නිරාගමිකයන් බොහෝ දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී අලි මන්තර මතුරන පුතාණෝ කෙනකුට ඡන්දය දුන් අයද වීමය.
ලංකාවේ රැඩිකල් නිරාගමිකයන් යනු පුදුමාකාර සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ට පන්සල් යෑම ගෝත‍්‍රිකය. හන්දි ගානේ පල්ලි ඉදිකිරීම නූතනය. ගංගා ජලයට පිරිත් පැන් මුසු කිරීම මිථ්‍යාවකි. එහෙත් අලි මන්තරකාරයන්ට ඡන්දය දීමට හෝ අන්තවාදී විශ්වාස අනුව මළ මිනී භූමදානය කිරීමට මිථ්‍යාව අදාළ නැත. කාලි මෑණියන් අදහමින් රෝගයකට බෙහෙතක් සොයාගැනීම වැරදිය. එහෙත් අල්ලා දෙවියන් අදහමින් මළ මිනී ඔස්සේ රෝග පතුරුවා හැරීම නිවැරදිය. සිංහලයාගේ සංස්කෘතික අයිතිය ගැන කතා කිරීම ජාතිවාදයකි. මුසල්මානුවාගේ සංස්කෘතික අයිතිය ගැන කතා කිරීම මානව අයිතියකි. සිංහලයාට ජාතිය ආගම ගැන ගීතයක් ලිවීමට පවා නිදහසක් නැත. නමුත් මුසල්මානුවාට ජාතිය, ආගම වෙනුවෙන් මිනීමැරීමේ නිදහස පවා තිබිය යුතුය. සිංහලයා සම්බන්ධව අවම හෝ සංස්කෘතික නිදහසක් අදාළම නැත. මුසල්මානුවා සම්බන්ධව විද්‍යාව, රටේ නීතිය, රටේ සෞඛ්‍ය ආදී සියල්ලට ඉහළින් ආගම හා සංස්කෘතිය වැජඹිය යුතුය. මේ මොන නිරාගමිකත්වයක්ද?
අද රටේ සියලූ ආගමිකයන් තම සංස්කෘතික විශ්වාස පසෙක තබා කොවිඞ් මරණ සම්බන්ධව රටේ පොදු නීතියට අනුගතව කටයුතු කළද, අලි සබ්රිලාට පමණක් වෙනම නීතියක් වුවමනා වී තිබේ. වළ දැමීම හොඳ වුවද නරක වුවද සැබෑ නිරාගමිකත්වයක් පෙර කී ඊනියා පඬියන් තුළ තිබේ නම් ඔවුන් කළ යුත්තේ පිරිත් පැන් කලයට මෙන්ම සබ්රිලාගේ ඉල්ලීමටද එකම ආකාරයෙන් එරෙහි වීමය. නමුත් පිරිත් පැන් කලයට බුරන මේ ඊනියා නිරාගමික පඬියෝ අලි සබ්රිලාගේ පමණක් නොව සහරාන්ලාගේ ජාතිවාදය වෙනුවෙන් පවා කොන්දේසි විරහිතව පෙනී සිටිති.
* බොරු නිරාගමිකත්වයේ දුෂ්ට වුවමනාව කුමක්ද?
වැදගත්ම හා අසීරුම කාරණය වන්නේ නිරාගමිකයන්ගේ මේ දෙබිඩි ව්‍යාජ හැසිරීම හා මළ සිරුරු වාදය පසුපස ඇති සැබෑ දේශපාලන හේතුව වූ ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම කුමක් දැයි හඳුනා ගැනීමය. ඒ ප‍්‍රධාන ගැටුම හැර ජාති භේද, ආගම් භේද, පක්ෂ භේද, පන්ති භේද හෝ මිථ්‍යාව විද්‍යාව අතර ගැටුම ආදී කාරණා කිසිවක් මෙතැනට අදාළ නැත. ඒ සියල්ල පවතින්නේ ඉහත කී ප‍්‍රධාන ප‍්‍රශ්නය වූ නව යටත්විජිතවාදයේ තර්ජනයට යටිනි. සුපුරුදු ලෙස විජාතික කඳවුරේ මතවාද වෙනුවෙන් පෙනී සිටින එජාපය, වමේ පක්ෂ, එන්.ජී. ඕ. කල්ලි ආදිය මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින අතර, ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඔවුන්ගේ ප‍්‍රවේශයට එරෙහි වෙති. කොටි ත‍්‍රස්තවාදය ඇතුළු රටේ සෑම ප‍්‍රධාන ප‍්‍රශ්නයකදීම දේශපාලන පිල් බෙදීම සිදුවන්නේ මේ ආකාරයටය.
ජාතිකත්වයට එරෙහි කඳවුර අද මුස්ලිම් ජනයාගේ සංස්කෘතික අයිතියක් වෙනුවෙන් හඬා වැළපෙති. නමුත් ඒ මුස්ලිම් ජනතාවට ඇති ආදරයක් නිසා නොවේ. ඔවුන්ගේ වුවමනාව වන්නේ කුමන හෝ ක‍්‍රමයකින් රටේ ප‍්‍රධාන සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමය. ඔවුන් අද ඒ වෙනුවෙන් දෙමළ මුස්ලිම් ජාතිවාදයන් භාවිතා කරති. මුස්ලිම් ජනතාව ගැන නැති ආදරයක් මවා පෙන්වති. නමුත් යම් හෙයකින් මේ රටේ ප‍්‍රධාන සංස්කෘතිය ඉස්ලාම් හෝ හින්දු වූයේ නම් ඔවුන් ඒ ආකාරයටම ඒ සංස්කෘතීන්ටද පහර දෙනු ඇත. රටේ ප‍්‍රධාන සංස්කෘතිය බෙලහීන කොට ඊට එරෙහිව සුළු ජාතීන් කුපිත කරවමින් ජාතිවාදය වැපිරීම අන් කාගේවත් අවශ්‍යතාවක් නොව නව යටත් විජිතවාදයේ දේශපාලන අවශ්‍යතාවක් බව අප ගැඹුරින් තේරුම් ගත යුතුය. එය ලංකාව සම්බන්ධව පමණක් නොව බොහෝ යටත් විජිත රාජ්‍යයන් සම්බන්ධව කි‍්‍රයාත්මක වන මෙහෙයුමකි.
ඉසුරු ප‍්‍රසංග
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...