අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා
ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩා කප්පල් නොකරන ලෙස ඉල්ලා සිටිම.
ආණ්ඩුවට හිටි හැටියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අහේතුක උනන්දුවක් හටගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු කාලය ඉකුත්ව ගොස් වසර ගණනාවකි. එසේ වුවද පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසාම පළාත් මට්ටමේ රාජ්‍ය යාන්ත්‍රණයේ කිසිදු අකාර්යක්ෂමතාවක් හෝ ඌනතාවයක් හටගෙන තිබෙනු අපි නොදකිමු. අපේ රට දිනෙන් දිනම ආර්ථික අර්බූදයක් වෙත තල්ලුවෙන බවත් ඉන් ගැලවීම සඳහා දේශප්‍රේමී හා අවංක ක්රමෝපායන් නිර්මාණය කොට බලාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට අනපේක්ෂිත ලෙස නොහැකි වී තිබෙන බවත් අප දකින්නේ ඉතාමත් කණගාටුවෙනි. එවන් බියකරු තත්වයක් හමුවේ රටට තවත් වැය බරක් මිස කිසිදු සංවර්ධන දායකත්වයක් නොමැති පළාත් සභා සභිකයින් ගොන්නක් නඩත්තු කිරීම සඳහා මෙවන් අඥාන හා ස්වාර්ථ උත්සායක් ගනු ලබන්නේ හුදෙක් තම දේශපාලන බලය සංකේන්ද්‍රගත කිරීමේ උපායමාර්යගයක් වශයෙන් මිස ජනතා හිතවාදී චේතනාවකින් නොවන බව පැහැදිලිය. එසේ හෙයින් මෙම අවස්ථාවේ දී පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. ඊට හේතුවන ප්‍රධාන කාරණා මෙසේ ය.
(අ) පළාත් සභා නොමැතිව වුව ද පළාත් මට්ටමේ පරිපාලනය සිදු කිරීමේ හැකියාව.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා බලහත් කාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතළත් කරන ලද්දේ බෙදුම්වාදීන්ගේ අවසන් ඉලක්කය වූ උතුරු-නැගෙනහිර වෙනම ඊලාම් රාජ්‍යයක් ඇති කිරීම සඳහා වූ උපායමාර්ගයේ මෙවලමක් වශයෙනි. එහි කිසිදු සංවර්ධන අරමුණක් නොවීය. ඒ වන විටත් පළාත්පාලන ආයතන, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු යනාදි ආයතන හා ධුර අන්තර් සම්බන්ධීකරණය කරමින් සිදුවූ ප්‍රාදේශීය පරිපාලනයටත් එකී පරිපාලනය මධ්‍යම ආන්ඩුවට සම්බන්ධ කෙරුණු පරිපාලන යාන්ත්රණයටත් පරිබාහිරව කෘත්‍රිමව හා පරමාර්ථයක් නොමැති ව්‍යුහයක් ලෙස පළාත් සභා බද්ධ කර ඇත. එම නිසා ම පළාත් සභා ඕනෑම අවස්ථාවක දී කිසිදු අවදානමකින් තොරව අක්‍රීය කිරීමට හෝ අහෝසි කිරිමට හැකියාව තිබෙන අතර පළාත් සභා ක්‍රියාත්මක වී නොමැති වුවද රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු බාධාවකින් තොරව සිදුවේ. වත්මන් ව්‍යවස්ථා රාමුව තුල වුව ද විධායකයේ ප්‍රධානියා වූ ජනාධිපති විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරු හරහා විධායක හා පාලන බලය දිස්ත්‍රික්ක හා පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුල ක්‍රියාත්මක වේ. එබැවින් පසුගිය වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පළාත් සභාවලට අයත් බවට හුවා දක්වන පාසල්, රෝහල් ඇතුලු සියලු රාජ්‍ය ආයතන පළාත් මට්ටමින් සාමාන්‍ය ආකාරයෙන් ම ක්‍රියාත්මක වන්නේ කිසිදු පළත් සභාවක් ක්‍රියාත්මක නොවී තිබිය දී ය.
අදටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (5 වන වගන්තියේ) ශ්‍රී ලංකාවේ දේශ සීමාවන් නිර්වචනය කර තිබෙන්නේ දිස්ත්‍රික්ක (24) පදනම් කරගෙන මිස පළාත පදනම් කරගෙන නොවේ.
(ආ) පළාත් සභා දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කරගන්නා මෙවලමක් පමණක් වීම.
ඉන්දියාවේ තර්ජනවලට යටත් වූ මෙරට ආණ්ඩුව විසින් පළාත් සභා පිහිටුවීම මගින් අපේක්ෂා කරන ලද්දේ උතුරු-නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීම ය. මෙය ප්රභාකරන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ කොටසක් මිස ප්රජාතන්ත්රවාදී ක්රමවේදයක ප්රතිලඵයක් නොවේ. පසු කාලීනව ටී.එන්.ඒ. සංවිධානය විසින් උතරු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල එම ප්‍රදේශය දෙමල ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගත යුතු බව ජාත්‍යන්තරය හමුවේ කියා පෑමට අවභාවිත කරන ලදී. පසුගිය ආණ්ඩුව විසින් රටට හඳුන්වා දීමට උත්සාහ කළ බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද පළාත් තුළ වෙනම රාජ්‍යයන් ලෙස කටයුතු කළ හැකි තරමේ බලතල තිබෙන පාලන ව්‍යුහයක් බිහි කිරීමටත් එමගින් රට පළාත් මට්ටමින් බෙදී ගිය ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමටත් උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් අතීතය මෙන්ම වර්තමානය ද සැලකීමේ දී තහවුරු වන්නේ පළාත් සභා විවිධ දේශද්‍රෝහීන් විසින් තම දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කරගැනීමට පාවිච්චි කරන ව්‍යවස්ථාපිත මෙවලකමක් පමණක් වී ඇති බවය.
(ඇ) පළාත් සභා සුදු අලියෙක් වීම
අද වන විට රට දැඞ් ආර්ථික අර්බූදයකට මුහුණ දී තිබේ. මීට සමගාමීව රටේ ජනතාව අපේක්ෂා භංගත්වයකටත් මානසික පීඩාවකටත් පත්ව සිටිති. දේශප්‍රේමී ප්‍රාඥයින් ආණ්ඩුවේ යාන්ත්‍රණයෙන් නෙරපා හරිමින් ඒ වෙනුවට හුදෙක් යල් පැන ගිය න්‍යායන් කරපින්නා ගත් ඊනියා උගතුන් යැයි කියාගන්නා පිරිසක් හා දේශය හා ජනතාව පිළිබඳ තැකීමක් නොමැති අවස්ථාවාදීන් හා කුමන්ත්රණකාරී තැරැව් කරුවන් පිරිසක් ආණ්ඩුව තුළ තීරණ ගැනීමේ ස්ථානවල වැජඹිම ආණ්ඩුවේ මෙම අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවකි. එවන් තත්වයක් තුළ ජාත්‍යන්තර ආර්ථික දර්ශකවල ශ්‍රී ලංකාව තව තවත් පහලට වැටීම වැලැක්විය නොහැකිය. එසේ තිබිය දී රටට හුදෙක් ආර්ථික බරක් පමණක් වන හා සංවර්ධනයට හෝ පරිපාලනයට කිසිදු අමතර දායකත්වයක් නොමැති දැනටමත් ස්වභාවික මරණයට පත්ව තිබෙන පළාත් සභා නැවත ස්ථාපනය කිරීමට තිරණය කිරීම අපරාධයකි.
පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු නීතිය ද අවිනිශ්චිත ය. පළාත් සභාවලට පත්වන සභිකයින්ට දෙනු ලබන වාහන, පෞද්ගලික නිලධාරින්, වාසස්ථාන හා කාර්යාල පහසුකම් යනාදිය සඳහා වෙන් කළ යුතු වන්නේ රටේත් ජනතාවගේත් සංවර්ධනය හා අභිවෘද්ධිය උදෙසා වැය කළ යුතු මුදල් ය. මෙය විශාල ප්රමාණයකි. මෙසේ වැය කරන මුදලට සාපේක්ෂව පළාත් සභාවලින් සිදුවන කිසිදු සෙතක් නොමැත. එයින් සිදුවන්නේ හුදෙක් දේශපාලන සත්වයින් ප්‍රමාණයක් නඩත්තු කිරිම පමණකි. එවන් තත්වයක් තුළ පළාත් සභා හුදෙක් සුදු අලියෙකි.
(ඈ) පළාත් සභා මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට බාධාවක් වීම
පළාත් සභා මන්ත්‍රීවරුන් පත්වන්නේ වසර පහකට ය. වත්මන් ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා පත්කළ කමිටුවට නව ව්‍යවස්ථාවක කෙටුම්පතක් ඉදිරිපත් කිරිම සඳහා ලබා දී තිබෙන කාලය තවත් මාස තුනකින් අවසන් වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබූ අවස්ථාවේ දී ආණ්ඩුව විසින් ජනතාවට පොරොන්දු වූයේ වසරක් ඇතුලත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන බවය. නව ආණ්ඩක්රම ව්‍යවස්ථාවක් තුළත් බෙදුම්වාදීන්ගේ නිර්මාණයක් වූ අද පවතින ආකාරයේ අසාර්ථක පළාත් සභාවක් නැවත ඇති කළහොත් එම ව්‍යවස්ථාවෙන් ද රටට සිදුවන යහපතක් නොමැත. එසේ නම් ආර්ථික අර්බූදයකින් පෙළෙන මෙවන් අවස්ථාවක දී විශාල ධනස්කන්ධයක් වැයකොට වසරක පමණ කාලයක් සඳහා පළාත් සභා පිහිටුවීමෙන් ලගා කර ගැනීමට අපේක්ෂා කරන සංවර්ධන ඉලක්ක මොනවා ද? නව ව්‍යවස්ථාවක් සම්්පාදනය කරමින් තිබෙන මෙවැනි අවස්ථාවක දී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කර ඇත්තේ කුමන අරමුණක් ඇතිව ද යන්න පැහැදිලි නැත. ඒ නිසා කුමන හෝ පාර්ශ්වයකට පහත සදහන් අරමුණු තිබේද යන සැකය මහජනයා තුළ පහළ වීම වැලැක්විය නොහැක.
1 ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ ගෙන එන බවට ජනතාව වෙත ලබා දී ඇති පොරොන්දුව මුලාවක් විය හැකි බවයි.
2 නැතහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් පළාත් සභා ක්රමයම ඒ ආකාරයෙන් ම තබා ගැනීමේ අරමුණක් ආණ්ඩුවට තිබෙන බවයි.
3 එසේ නොමැතිනම් පළාත් සභා ඔස්සේ අධික බලයක් සංකේන්ද්‍ර කරගනිමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර දියත් කිරීමට අපේක්ෂාකරනු ලබන ජනතාවගෙන් වසන්කර සිටින ව්‍යපෘතියක් තිබිය හැකි බවයි.
වසරක කාලයක් තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හේතුකොට ගෙන වත්මන් පළාත් සභා අහෝසි වීමට අවකාශයක් තිබිය දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් විසින් ජනතාවට ලබා දෙන වසර 5 ක සංවර්ධන පොරොන්දු හුදෙක් ජනතාව වෙත කරනු ලබන වංචාවක් පමණක් වනු ඇත.
මෙම ආණ්ඩුව පත් කිරිම සඳහා ගාමක බලවේගයක් ලෙස පෙනී සිටිමින් ජනතාව මෙහෙයවන ලද අප නියෝජනය කරනු ලබන ජාතික බලවේගය 2019 නොවැම්බර් 16 ඓතිහාසික ජනවරමට සධාරණය ඉටු කිරිමට බැදි සිටි. එසේ හෙයින් ගරු ජනාධිපතිතුමාගෙන් හා වත්මන් ආණ්ඩුවේ සියලු ඇමතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ
1 නව ව්‍යවස්ථාව සම්මත කිරිමට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසත්
2 නව ව්‍යවස්ථා සමම්පාදන කියාවලිය වසරක් තුළ අවසන් කරන ලෙසත්
3 නව ව්‍යවස්ථාවක් මගින් පවතින පළාත් සභාවලට විකල්පයක් ලෙස හදුන්වා දීමට නියමිත පරිපාලන බලතල විමධ්‍යගත කිරිමේ බල ව්‍යුහය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි මතයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ය.
මේ වගට
පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමි,
පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිනිමල හිමි,
පූජ්‍යය කඹුරුගමුවේ වජිර හිමි,
පූජ්‍යය බෙංගමුවේ නාලක හිමි,
පූජ්‍යය ඇල්ලේ ගුණවංශ හිමි,
පූජ්‍යය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,
පූජ්‍යය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
පූජ්‍යය මල්වානේ චන්දරතන හිමි,
පූජ්‍යය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි,
පූජ්‍යය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි,
පූජ්‍යය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමි
පූජ්‍යය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...