පුරවැසි කොලම

සුදු අප්පොලාගේ යටත් විජිත ක්‍රමෝපායයන්ට අනුව රෝපනය කල දමිල ජාතිවාදය සහ බෙදුම්වාදය ත්‍රස්තවාදය බවට පරිවර්තනය වී, දලුලා ඉතිරී පැතිරී ගිය වනස්පතියක් වී, පාරක් පාරක් ගානේ බස් රියක් දුම් රියක් ගානේ මරණ බිය දනවමින්, බෝම්බ පූපුරවමින්, අහිංසක ජනයාගේ ජීවිත බිලිගනිමින් තිබු සමයක්ද විය.

කෙලවර අපේ සිංහල සොල්දාදුවන් දහස් ගනනින් දිවි පුදා ත්‍රස්තවාදය පරාජය කලමුත්, දමිල බෙදුම්වාදය සහ ජාතිවාදය පරාජය කිරීමට අද වනතුරු නොහැකි විය. යුදබිමේ කොටුවූ දමිල ජනතාව මුදාගැනීමේ පරමාර්ථයෙන් දියත් කල අවසන් සටන, අපේ සිංහල හමුදාවේ මානුශික ගුණය, දයාව සහ හික්මීම මොනවට පෙන්නුම් කල ක්‍රියාන්විතයක් වූවද, යුද්ධය අවසන් වූ ක්ශණයකින්, බෙදුම්වාදී බලවේග මගින් ජාත්‍යන්තර මානව හිමිකම් නාමයෙන්, නැවත බෙදුම්වාදයට පණගැන්වීම අරඹන ලදී.

එමගින් දමිල දේශපාලනඥයින්ගේද අනුදැනුම සහ සහයෝගය යටතේ දමිල බෙදුම්වාදයට නැවතත් නව ජීවයක් ලැබුනි. මේ අතරේ ජිනීවා සමුලුව මගින් ජත්‍යාන්තරය කල ඇඟිලි ගැසීම් නිසා සිංහල දමිල දෙකොට්ඨාශය අතර තව දුරටත් විශ්වාසය පලුදු වූ අතර, තිබූ සංහිඳියාවද පෑල දොරින් පලා ගිය සෙයක් දැනුනි.

සංහිඳියාව යනු මානසික තත්වයක් මිස දේශපාලනඥයින්ට හෝ ව්‍යවස්ථාවකින් හෝ අන්තර්ජාතික ප්‍රඥප්තියකින් ඇතිකල හැකි දෙයක් නොවන බව තව දුරටත් පෙන්වා දෙමින්, මෙතෙක් සියලුම රජයන් සංහිඳියාව වෙනුවෙන් ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වී ජන කොටස් අතර සුලුවෙන් වුවද නොයෙක් ගැටුම් ඇතිවන තත්වයක් උදා වූ අතර, සංහිඳියාව බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන සංකල්පයක් පමනක් බවට පත්විය.

දමිල බෙදුම්වාදී බලවේග වලට කප්පම් ලබාදීමෙන් හෝ, සිංහල ජනතාවට නැති විදිහේ සුවිශේෂ ආකාරයකට දමිල ජනතාවට සැලකීමෙන් හෝ, සංහිඳියාව ඇති කල නොහැක. එයින් සිදුවන්නේ සිංහල ජනතාවගේ සිත් තුල, සැක සංකා ඇති කිරීම පමණි. එසේම දමිල බෙදුම්වාදී බලවේග සතුටු කිරීමට සිංහල සොල්දාදුවන් සිපිරිගෙට යැවීම වැනි දෑ කිරීමෙන්, බහුතරයක් දමිල ජනතාවට සහනය ලැබෙනවා යයි උපකල්පනය කිරීමද බලවත් මුලාවකි.

තනි අතකින් අත්පොඩි ගැසිය නොහැකි සේම, සංහිඳියාවටද සිංහල සහ දමිල යන අත් දෙකම අවශ්‍ය වේ. එසේනම් රජය විසින් සියලු ජන කොටස් වලට සමානාත්මතාවයෙන් සැලකිය යුතු වේ. සැබෑ සංහිඳියාව ඇති වන්නේ එවිටයි. පලාත් මට්ටමින් දේශපාලනඥයින්ට බලය බෙදා දීමෙන් සියලු ජන කොටස් අතර සමානාත්මතාවය තහවුරු නොවන බවට අතීතයෙන් පාඩම් උගත හැකි වේ.

උතුරේ කුල හීනයන් වෙනුවෙන් සම්මත කරගත්, ලක් ජනතාවගේ කිසිදු දිනෙක අවධානයට ලක් නොවූ, 1957 දී බිහි වූ “සමාජ දුර්වලතාවයන් වැලැක්වීමේ පනත” ගැන, උතුරේ වෙල්ලාලයන් අද කතා නොකරති. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදීන් වත් නොකල පරිදි පහත් ක්‍රියාවන්ගෙන්, වෙල්ලාලයන් විසින් කුල හීන දමිල ජනතාව පීඩාවට පත් කල, අප්‍රසන්න අතීතයක් උතුරුකරයේ සනිටුහන් වී ඇත

මෙවන් අතීත පසුබිමෙක, අතලොස්සක් වෙල්ලාලයන් අතට බන්දේසියක තබා දෙන ස්වයං පාලන බලය මගින්, සියලු දමිල ජනතාවට සාධාරණත්වයක් ඉටු කල හැකි වීම සිහිනයක් පමනකි.

***(1957 “සමාජ දුර්වලතාවයන් වැලැක්වීමේ පනත” ; උපුටා ගැනීම: පුංචි ඡන්දයෙන් ජනපතිවරණයට; කලයුත්තේ කුමක්ද; මහජන රාජ්‍ය සභාව : කෘතියෙන්)

දමිල භාශාවට අසාධාරණයක් වී යැයි කෑ ගොස්සම් ගසනා වෙල්ලාලයින්, “1958 දමිල භාශා විශේෂ විධි විධාන පණත” මගින් ඔවුනට යුක්තිය ඉටු වීම පිලිබඳව මුනිවත රකිති. එනමුත්, 1987 දී 16 වන සංශෝධනය මගින් දමිල සහ සිංහල භාශා දෙකම රාජ්‍ය භාශා බවට පත් කලමුත්, ඉන්පසු වෙල්ලාලයින්ගේ බලපෑම නිසා, 1988 දී සම්මත කල 16 වන සංශෝධනය නිසා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, සිංහලෙන් හෝ දෙමලෙන් පරිපාලන කර්තව්‍යයන් කිරීමට තිබූ අයිතිය අහෝසි කරමින්, දමිල භාශාව කතා කරන ප්‍රදේශ වල පරිපාලන භාශාව දමිල සහ ඉංග්‍රීසි බවට පත් කරවීය.

*** ( “1958 දමිල භාශා විශේෂ විධි විධාන පණත,1987 16 වන සංශෝධනය – උපුටා ගැනීම: පුංචිඡන්දයෙන් ජනපතිවරණයට; කලයුත්තේ කුමක්ද; මහජන රාජ්‍ය සභාව : කෘතියෙන්)

මෙසේ එම පලාත් වල සිටින සිංහලයින්ට සහ සිංහල භාශාවට කුඩම්මාගේ සැලකිලි ලැබීම ගැන, එම සිංහලයින් හෝ වෙල්ලාලයින් අද “හුම්” ශබ්දයක් නොකරති. මේ භාශා අසාධාරණය ගැන සිංහලයා සියලු කල්හිදීම මුනිවත රකින අතර, වෙල්ලාලයින් තවමත් ඝෝශා කරන්නේ ඔවුනට භාශා අසාධාරණයක් වී ඇති බවය.

එමෙන්ම අමෙරිකාවේ නිර්දෙශයෙන් ඇති කල, ඊනියා සංහිඳියා ලේකම් කාර්යාලය වාර්තා ඉදිරිපත් කරන්නේද, සිංහල ජන කොටස් වල හැසිරීමට අදාලව පමණකි. එනමුත් සංහිඳියාවට බාධා කරන දමිල නායකයින්, ප්‍රභාකරන්ව පූජනීයත්වයට පත්කරමින් දමිල ජනතාවට කරන අමූලික බොරුව ඔවුන්ට නොපෙනේ. මේ ආකාරයෙන් කෙදිනක හෝ සැබෑ සංහිඳියාවක් ගැන බලාපොරොත්තු තබා ගත හැකිද ?

මේ බොරුව එලිදරව් කල හැක්කේ, වාර්ගිකව පටු ජාතිකවාදී කුලවාදී දමිල නායකයින් අතට බලය ලබා දීමෙන්, ජනතාවට බලය ලැබෙන්නේ නැති බව, අභියෝගාත්මකව සහ තර්කානුකූලව පෙන්වා දීමෙන් පමණි.

ඒ සඳහා දකුනේ සිංහල ජනතාව භුක්ති විඳින, උතුරේ දමිල ජනතාවට අහිමි යයි කියන, සියලු වරප්‍රසාද ලයිස්තු ගත කරන ලෙස උතුරේ නායකයින්ගෙන් ඉල්ලා සිටිය යුතුයි.

එමෙන්ම ලොව අනෙක් රටවල් වල සුලු ජාතිකත්වයන්ට ලබා දී ඇති, ලංකාවේ නොමැති, සියලු වරප්‍රසාදද ඔවුන් විසින් ලයිස්තු ගත කල යුතුයි. එම අභියෝගය රජයටද, බෙදුම්වාදී දෙමල දේශපාලනඥයන්ටද, බෙදුම්වාදයට උදව් දෙන දමිල ඩයස්පෝරාව ඇතුලු විදේශ බලවේගයන්ටද, එල්ල කල යුතුය.

සැබෑ සංහිඳියාව ඇතිකල හැක්කේ එවන් ක්‍රමෝපායකින් පමනකි. එනමුත් බෙදුම්වාදී බලවේග වලින් ඉල්ලා සිටින්නේ සැබෑ සංහිඳියාව හෝ දමිල ජනතාවගේ අයිතිවාසිකම් නොව, තුවක්කුවෙන් කල නොහැකි වූ දේ පෑනෙන් කලහැකි වන පරිදි, වෙනම රාජ්‍යයකට පාර කපාගනු වස්, දේශපාලන බලය බෙදාහරින ව්‍යවස්ථාමය විසඳුමකි.

ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුනට අවශ්‍ය වන්නේ, ඒකීය වචනය එසේම තිබියදී 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම මගින්, රටේ ඒකීය භාවය නැති කර, ෆෙඩරල් ලේබලය නොමැති ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමය.

ඒ සඳහා ඔවුනට අවශ්‍ය වන්නේ, 13 වන සංශෝධනය බලාත්මක කිරීමට බාධක ලෙස ඇති, ජනාධිපතිගේ පරිපාලන බලතල ඉවත් කිරීමය. එසේ කරගත් පසු, 2 වන මන්ත්‍රණ සභාවක් සහ ව්‍යවස්ථා අධිකරණයක් මගින්, එය තව දුරටත් ශක්තිමත් කරගැනීමය.

අනවශ්‍ය දේ ඉල්ලා සිටියොත් සියල්ල අහිමි වන බව දන්නා බෙදුම්වාදීහු ඉතාම සූක්ශම ලෙස 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීම හැර අන්කිසි දෙයක් ඉල්ලා සිටින්නේ නැත. එනමුත් භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් යයි කියාගන්නා පිරිස් සතුරාගේ කපටි සලසුම් ගැන නොදැන, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු වීමට නියමිත, භයානක බෙදුම්වාදී ප්‍රතිපාදන ගැන කිසිවක් කතා නොකර, බුද්ධාගමට හිමි තැන අහිමි කරන්නේ යයි බොරුවට ඝෝශා කරති

එසේ හෙයින් ජනාධිපති බලතල කප්පාදු කර බලාත්මක කරන, නව ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමෙන් පසුව, සැබෑ ජාතික සංහිඳියාවක් ඇති වන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුය. ඒ ව්‍යවස්ථාව තුල, ප්‍රාදේශීය සභා මට්ටම තෙක් විධායක බලය උපරිම ලෙස විමධ්‍ය ගත කරන අතර, කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් නොවන ලෙසට, උපරිම ප්‍රතිපාදන ඇතුලුකර, බෙදුම්වාදී ජාතිවාදී බලවේග සදහටම පරාජය කරන ව්‍යවස්ථාවක් විය යුතුය.

ඒ සඳහා ලබන මහ මැතිවරණයේ නව අපේක්ශකයා, ව්‍යවස්ථාවක් රැගෙන පමිණිය යුතු අතර, මැතිවරණය එම ව්‍යවස්ථාව අනුමත කරන ජනමත විචාරණයක් විය යුතුය.

ජනපති බලතල කප්පාදු කිරීමට මේ රජයෙන් සකස් කර ඇති, නව ව්‍යවස්ථාව බලගැන්වීමට ඉඩ නොතැබීමට ජනනතාව වග බලාගතයුතු අතර, මව් බිමේ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන්, 13 වන සංශෝධනය මුලිනුපුටා දමා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සියලු ජාතීන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා, සියලු දේශප්ප්‍රේමියෝ දිවි හිමියෙන් කැපවිය යුතුය.

බිනුරි දිසාසේකර

මේ ලිපියේ එන අදහස් මා ලබා ගත්තේ පුංචිඡන්දයෙන් ජනපතිවරණයට; කලයුත්තේ කුමක්ද; මහජන රාජ්‍ය සභාව : කෘතියෙන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More