කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය වැළඳුණ ආසාදිතයින් 6 ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. පසුගිය මාසය තුළ බි‍්‍රතාන්‍යයේ සිට මගීන් 33,000ක් පමණ ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 114 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ද ඉන්දියාවයි. එවන් තත්ත්වය තුළ වෛරසයේ නව ප‍්‍රභේදය වැළඳුණ ආසාදිතයින් හමුවීම එරට කොරෝනා වසංගත අවුල තවත් වැඩි කරන අතර ලංකාවට ද බරපතළ අනතුරක් ඇති කරයි. කොරෝනා රෝගය හේතුවෙන් ඉන්දියාවේ මේ වනවිට පුද්ගලයන් 148,190ක් පමණ මියගොස් ඇත.
නව ප‍්‍රභේදය තම රට තුළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගිය සතියේ සිට බි‍්‍රතාන්‍ය හා සම්බන්ධ සියලූම ගුවන් ගමන් නවතා දැම්ම ද ඒ වන විටත් රෝගීන් පැමිණ ඇති බව මේ අනුව හෙළිවෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ දකුණු දිග ප‍්‍රදේශයේ දී මුල්වරට හඳුනාගත් මෙම නව ප‍්‍රභේදය දෙසැම්බරයේ මුලදී ලන්ඩන් නගරයෙන් ද මතුවිය. කොරෝනා වෛරසයෙහි නව ප‍්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීමට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේ දැඩි සීමා පනවා ඇත. ගෙවුණු නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති තදින්ම ක‍්‍රියාත්මක විය. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සඳහන් කර තිබුණේ මෙම ප‍්‍රභේදය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝ වීමේ ප‍්‍රවණතාව 70% ක් බවයි. ඇත්තෙන්ම ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප‍්‍රථම වරට හමු වූ වෛරසය නොවේ. පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප‍්‍රභේදය පසුව ලෝකයේ ප‍්‍රමුඛ වෛරසය බවට පත්විය.
A222V නමින් තවත් ප‍්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය. කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සිදු කරන ලද පරීක්ෂණ අනුව මෙම නව ප‍්‍රභේදය රසායනාගාර පරීක්ෂණවලදී ආසාදනය වීම දෙගුණයකින් වැඩි කර පෙන්වා ඇත. එය සුභ නැත. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම භාර අංශයේ ප‍්‍රධානී මයික් රයන් ප‍්‍රකාශ කරන්නේ අලූතින් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදය වසංගතයක් පරිණාමය වීමේදී උද්ගත වෙන සාමාන්‍ය ප‍්‍රවණතාවක් බවයි.
එහෙත් ”එය පාලනය කරගත නොහැකි” තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියයි. බි‍්‍රතාන්‍ය මෙන් නොව ඉන්දියාව අපේ අසල්වැසියා නිසා වඩා කල්පනාකාරී වීම වැදගත්ය. රතු එළි දැල්වී තිබේ. චෙන්නායි නගරයෙන් රෝගීන් දහස් ගණන් වාර්තා වන විට යාපනය පවා අනාරක්ෂිත විය. විශේෂයෙන්ම උතුරු මුහුදට පැමිණෙන ධීවරයින් හරහා රෝගය ව්‍යාප්තවීමේ අනතුර එදත් අදත් හෙටත් පවතී. කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයට එරෙහිව ඔක්ස්ෆර්ඞ් එන්නත වඩා සාර්ථක බව හෙළිව තිබේ. එහෙත් එය බි‍්‍රතාන්‍ය වැසියන්ට ලබා දීම සිදුවන්නේ ජනවාරි මාසයේය. ලංකාව ද වඩා විශ්වාසය තබා ඇත්තේ ඔක්ස්ෆර්ඞ් එන්නත පිළිබඳව ය. මන්ද එය ගබඩා කර තැබීම ද පහසු වන නිසාය. ෆයිසර් එන්නතට වඩා මිල අඩු බව ද පැවසේ. 2020 සැබැවින්ම කොරෝනා වසංගතය නිසා ලෝකයම අඳුරු කළ වසරකි. 2021 දී ඔක්ස්ෆර්ඞ් එන්නත හරහා ලෝකයට යළි නැගිටින්නට හැකිවෙයිද? මනුෂ්‍ය වර්ගයාගේ ප‍්‍රාර්ථනය වසංගතයෙන් ඉක්මනින් ගැලවීමය.
(2020 දෙසැම්බර් 30 දිවයින පුවත් පතේ කතු වැකිය)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...