පුරවැසි කොලම

රටට සතුරු මතවාදයක ස්වභාවය නොදැන ඒ මතවාදය (තවමත්) ලිහිල්ව දරන අයව විශ්වාස කිරීමත් දැඩිව දරන අයව අවිශ්වාස කිරීමත් අදූරදර්ශී අනුවණ ක්‍රියාවක්. ඒ වෙනුවට අප කල යුත්තේ සතුරු මතවාදයෙහි ස්වභාවය මැනැවින් හඳුනාගෙන එයට නතු වූ මනුෂ්‍යයන් සමග අවබෝධයෙන් ගනුදෙනු කිරීමයි. හැකි පමණින් ඔවුන්ද එයින් ගලවා ගැනීමයි.ඉස්ලාමය, යුදෙව් ආගම, සහ කිතුනු දහම, යන ප්‍රධාන ඒබ්‍රහමික ආගම් අප කවුරුත් දන්නා හින්දු ආගම මෙන් හුදු පුද්ගල විමුක්තිය අරමුණු කරගත් ඇදහිලි ක්‍රම නොවේ. ඒවා ඇත්තෙන්ම (අඩු වැඩි වශයෙන්) මුළු ලෝකයම කවදා හෝ තම තනි අණසකට ගැනීම සඳහා නිර්මාණය වූ “ව්‍යාපෘතීන්”.

මේ ආගම් තුනේම එන මූලික ඉගැන්වීම් මීට වසර තුන් දහසකට පමණ පෙර පුරාණ මෙසපොතේමියාවේ උපන් හිබ්රූ බයිබලය මත පදනම් වෙනවා. සමූහ වශයෙන් රැස් වී වරද කළවුන් ගල් ගසා මැරීම, අත පය කපා දැමීම, වැනි දේ එදා සිට අද දක්වාම කරන ලෝකයේ ඉතා දරුණු මිනිසුන් වෙසෙන කලාපයක් වූ මැද පෙරදිග සංස්කෘතිය සමග බද්ධ වූ ඒබ්‍රහමික ආගම් වල එන සමහර ඉගැන්වීම් හේතුවෙන් ලෝක ඉතිහාසයේ බොහෝ ව්‍යසන සිදු වුනා. නමුත් ජේසුස් වහන්සේගේ ආගමනය සමග එකල පැවති  හීබෲ බයිබලයෙන් බිඳී කිතුනු බයිබලයේ පැරණි තෙස්තමේන්තුවත්, උන් වහන්සේගේ සානුකම්පිත ඉගැන්වීම් ලියා දැක්වුණු නව තෙස්තමේන්තුවත් බිහි වුනා. එසේ වුවත් ලෝක ඉතිහාසයේ අන්‍යාගමික රාජ්‍ය වලට සිදු වූ දරුණුතම ආක්‍රමණ සිදු වී ඇත්තේ කිතුනුවන් සහ ඉස්ලාම් භක්තිකයන් අතින් බව ඉතා පැහැදිලි කරුණක්. ඒවා දෙස පවා හොඳින් බැලුවොත් ඒවාට හේතු වී ඇත්තේ කිතුනු බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ මෙන්ම අල් කුරාණයේ ද අඩංගු එකම ආකාරයේ ඉගැන්වීම් බව හොඳින්ම පෙනෙනවා. (මේ ආගම් තුනම පිළිපදින්නන් තමන් ගේ ආගම් ඒබ්‍රහම් / ඊබ්‍රහිම් නම් තැනැත්තෙකු ගෙන් පැවත එන බව පිලිගන්නවා.)මේ ආගම් තුනේම ඉගැන්වෙන්නේ ලෝකයේ සිටිය හැක්කේ එක සර්ව බලධාරී දෙවියෙකු පමණක් බවයි. තවද මොවුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථ වල එන මේ දෙවියන්ගේ වචනය ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීම මරණින් මතු දෙව් ලොව යන එකම මාර්ගයයි. එසේ නොකරන අය සියල්ලන්ම යන්නේ අපායටයි.

නමුත් 16 වන ශත වර්ෂයේ යුරෝපයේ ඇරඹි බටහිර විද්‍යාවේ නැගීමත් සමග කිතුනු සහ යුදෙව් ආගම් වල ලෝකයම සිය අණසකට ගැනීමේ බලය බිඳුනා. ඇත්තෙන්ම එහිදී සිදු වුනේ දේව සංකල්පය ක්‍රමයෙන් බිඳ වැටෙමින් ලෝකය ආක්‍රමණය කිරීමේ බලය කිතුනු පල්ලිය අතින් ගිලිහී යුදෙව් චින්තනය පදනම් කරගත් බටහිර රාජ්‍ය ව්‍යුහයන් විසින් අත්පත් කර ගැනීමයි. ඒ බටහිර රාජ්‍ය ව්‍යුහයන් තුල මේ ආධිපත්‍යය අදටත් රැඳී තිබෙන්නේ යුදෙව් සංස්කෘතිය සතුවයි.
නමුත් ඉහත සඳහන් දරුණු ආක්‍රමණශීලි ආගමික ඉගැන්වීම් අද වන තෙක් විශාල වෙනසකට ලක් නොවී ඉස්ලාමයේ පමණක් පවතිනවා. අරාබි කරයේ සහ ආසියාවේ පැතිරී තිබූ ඉස්ලාමය බටහිර ලෝකයේ කිතුනු ආගම මෙන් කිසි දාක ප්‍රතිසංස්කරණ වලට ලක් වී තිබුනේ නැතත් ඉස්ලාමයේ බොහෝ කාරුණික ත්‍යාගශීලී ඉගැන්වීම් ද තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ඉස්ලාමයේ ද අනෙකුත් “ආගම්” වල මෙන්ම එකිනෙකට බොහෝ පරස්පර ඉගැන්වීම් බහුලව හමු වෙනවා. නමුත්, ලෝකයම සිය අණසකට ගැනීමේ උවමනාව ඒ කිසිවකින් යටපත් කල නොහැකි තරමට ඉස්ලාමයේ ප්‍රබලයි.

1938 වර්ෂයේ අරාබිකරයේ මුල් වරට තෙල් සොයා ගැනීම සමගම එම ප්‍රදේශයේ රාජ්‍ය ආගම වූ ඉස්ලාමයට, යටපත් වී තිබූ ලෝකය සිය අණසකට යටත් කර ගැනීමේ ව්‍යාපෘතිය නව වටයකින් අරඹන්නට අවස්ථාව උදා වෙනවා. සෞදි අරාබිය ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍ය අද ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක කරන්නේ එම ව්‍යාපෘතියයි.මෙහිදී අප පැහැදිලිව තේරුම් ගත යුතු පළමු කාරණය වන්නේ මේ ව්‍යාපෘතිය සතු මතවාදී බලය දෙමල බෙදුම්වාදය ට තිබූ බලයට වඩා බෙහෙවින් වැඩි බවයි. උදාහරණයකට, දෙමල ජාතිවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුට ක්‍රියාත්මක වීමට වෙනත් පිරිසක් ගැන ඉතා තදබල වෛරයක් ගොඩ නගා ගත යුතු බවත් ඉස්ලාම් ආගම්වාදියෙකුට පහසුවෙන් දෙව්ලොව යන අරමුණින් එය කල හැකියි. ඉස්ලාම් ආගමේ බලය පැතිරවීම වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යන්නේ දිව්‍ය ලෝකයට නොවේ යයි පෙන්වන්නට ඉගැන්වීමක් ඉස්ලාමයේ නැහැ.

දෙවනුව එවන් අන්තවාදී ඉගැන්වීම් (කවර අවස්ථාවේ කවර හේතු නිසා නබි තුමන් විසින් දේශනා කර තිබුනත්) අල් කුරාණයේ මෙන්ම හදීත් වලත් පැහැදිලිව සඳහන් වන නිසා කිසිදු ඉස්ලාම් භක්තිකයෙකුට ඒවා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ හේතුන් නිසා අද මුස්ලිම් ජාතිකයන් අති බහුතරයක් ඉහත කී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නට හැර එහි අඩු වැඩි වශයෙන් කොටස් කරුවන් වී සිටිනවා. ඔවුන්ගේ ක්‍රියා කාරිත්වය බොහෝ දුරට පාපන්දු කණ්ඩායමක විවිධ තැන් වල ස්ථානගත වී සිටින ක්‍රීඩකයන්ට සමානයි. ඔවුන් අතරින් සෘජු ප්‍රහාරකයන් වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක්. නමුත් සියලු දෙනාම පාහේ අවසාන විග්‍රහයේදී පන්දුව ගෙන යන්නේ ඉස්ලාමය ලෝක ආධිපත්‍යය ලබා ගන්නා අරමුණ දෙසටයි.පසුගිය දා සිදු වූ ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇත්තටම සිදු වුයේ දිව්‍ය ලෝකයට යන්නට හදිසි වූ මෝඩයන් සුළු පිරිසක් නිසා හොරාට කලින් ඉස්ලාම් ව්‍යාපෘතියේ කෙහෙල් කැන වැට පැනීමයි. ප්‍රහාරයෙන් පසුව මධ්‍යස්ත යයි කියා ගන්නා බහුතර මුස්ලිම් සමාජය හැසිරුනු ආකාරය දෙස විමසිලිමත් ව බැලූ විට මෙය පැහැදිලියි.

මොවුන් අද ආරක්ෂක අංශ වලට ඔත්තු සැපයීම වුවද කරන්නේ තමන්ගේ ව්‍යාපාර බිඳ වැටීම ඇතුළු පාඩු මග හරවාගෙන වැට පැන්න කෙහෙල් කැන මතින් සියලු පව් සෝදා හැර හදිසියේ පීලි පැන්න ඉස්ලාම් ව්‍යාපෘතිය ඉතා සුක්ෂම ව නැවත වරක් පීල්ලට දමා ගැනීමට මිස ඊනියා සංහිඳියාවක් නිසා නොවේ. නැවත එවැනි ප්‍රහාර ඇති වීමේ අවදානම පවා ඉන් අහෝසි වෙන්නේ නැහැ.

ශ්‍රී ලාංකේය මුස්ලිම් බහුතරය මේ දරුණු ම්ලේච්ඡ අරාබිකරණය ට විරුද්ධව “ඇත්තටම” කිසිවක් කරන්නේ නැහැ. මේ ව්‍යාපෘතියේ ඔවුන්ගේ භූමිකාව පාපන්දු කණ්ඩායමක පසු පෙළ ආරක්ෂකයන්ට සමානයි. අල් කුරාණයේ සහ හදීත් වල පැහැදිලිව සඳහන් ඉස්ලාමයේ ජිහාඩය හෙවත් අන් සියලු ආගම් ලෝකයෙන් අතුගා දමා මුළු ලෝකයම ඉස්ලාම් කරණය කරන ව්‍යාපෘතිය අපෙන් සඟවමින් ඒවා නබි තුමන් විසින් යුද්ධ වලට යන අවස්ථා වල කියූ දේවල් පමණය කියමින් කොලේ වහන්නේ මේ බහුතර පිරිසයි.

කරුණු මෙසේ වුවත් මැලේ ජාතිකයන් වැනි සමහර ඉස්ලාමීය ජන කොටස් මැද පෙරදිග සංස්කෘතිය හා බැඳුනු මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පාහේ මගහැර යන්නට සමත් වී තිබෙන බව පෙනෙනවා. ඒ වෙන කිසිවක් මගින් නොව ඉස්ලාමයේ එන ඉගැන්වීම් වලින් තමන්ගේ සංස්කෘතියට ගැලපෙන ඒවා පමණක් තෝරාගෙන පිලි පැදීමෙනුයි. එසේ කිරීමෙන්, සෙසු සුන්නි මුස්ලිම් ජනයා ද පිලි ගන්නා එකම අල් කුරාණය පිළිගන්නා ඔවුන් ආක්‍රමණ ශීලී නොවී පන්දුව තමන්ගේ පැත්තේම රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. ඉහත සඳහන් කලේ මුස්ලිම් ලෝකයේ අති බහුතරයක් වූ සුන්නි මුස්ලිම් ප්‍රජාව ගැනයි. ෂියා මුස්ලිම් සුළුතරය නම් කොහොමටත් ඔයව්‍යාපෘතියේ නැති සැහැල්ලුවෙන් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පිරිසක්. (කවදා හෝ ඉරාන ජාතිකයෙකු මුණ ගැසී ඇති නම් මෙය ඔබට පැහැදිලි වනු ඇත.)

ශ්‍රී ලංකාව ඉස්ලාම් අන්තවාදයෙන් සහ එම ව්‍යාපෘතියේ ම කොටසක් වන ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට නම් අප කල යුත්තේද මැලේ ජාතිකයන් මෙන් තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතියට ගැලපෙන ඉගැන්වීම් පමණක් උගෙන ඒවා පිළිපැදීමට සෙසු ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයාට බල කර සිටීමයි. (මෙය ඕනෑම රටක වෙසෙන අරාබි මුස්ලිම් හෝ යුදෙව් සංස්කෘතියට අයත් නොවන ඕනෑම සුළු ජන කොටසක් පිළිපදින න්‍යායක්.) නමුත් මෙය ඔවුන් පසුගිය දශකයකට වැඩි කාලයක් තුල සම්මාදම් වූ අරාබි ඉස්ලාම් ව්‍යාපෘතිය ආපසු හැරවීමක් වෙනවාට සැකයක් නැහැ. එම ව්‍යාපෘතිය ආපසු හරවන තෙක් (එනම් වෙනම ඇඳුම්, වෙනම ආහාර, වෙනම පාසැල්, වෙනම විශ්ව විද්‍යාල, වෙනම නීති, වෙනම පාලන කලාප ආදිය එපා යයි මුස්ලිම් සමාජය තුලින්ම ව්‍යාපාරයක් අරඹා එම අරමුණු ක්‍රියාවෙන් සාක්ෂාත් කරගෙන පෙන්වන තාක්) ඉස්ලාම් ව්‍යාප්ත වාදී අන්තවාදී ව්‍යාපෘතියේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කරන සියලු මුස්ලිම් ජනයා ශිෂ්ඨ සමාජයෙන් කොන් කර තැබිය යුතු මය.

වෙනත් ඕනෑම විකල්ප විසඳුමකින් සිදු වන්නේ නැවත වටයකින් (සමහර විට අවසාන වටයෙන්) සිංහලයන් රැවටීම මිස අනෙකක් නොවනු ඇත. යම් ප්‍රමාණයක නව නීති පැනවීමක් සහ පවතින නීති ක්‍රියාකත්මක වීමක් සිදු විය යුතු නමුත් අරාබිකරණය සහ වහබ්වාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය තුලින් ක්‍රියාත්මක විය යුතු පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව ඒ කිසිවක් ප්‍රායෝගික වන්නේ නැහැ.මෙය ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නිසා කල යුතු දෙයක් නොව සියලු ජාති ආගම් වලට අයත් සියලුම මනුෂ්‍යයන්ට ලක් පොළොවේ නිදහසේ තම ආගම්අදහමින් ජීවත් විය හැකි වීම සඳහා “මෛත්‍රී සහගත පරාක්‍රමය” පෙරටු කොට ගෙන කල යුත්තකි.

චාමින්ද විජේකෝන්
(ලේඛකයා මහනුවර ප්‍රදේශයේ උපත ලද දැනට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකිකයෙකි. මෙම ලිපිය ඔහුගේ “ෆේස් බුක්” පිටුවෙන් උපුටා ගන්නා ලදී.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More