දේශීය පුවත්

2050 වසර වනවිට කාබන් විමෝචනය බින්දුවට බස්සන ලද රටක් බවට පත්වීම සඳහා ජපානයේ ඇති අභිලාෂය ශාක්ෂාත් කරගැනීමේ තවත් පියවරක් ලෙස ජපානයේ විශාලතම ගුවන් සමාගම වන All Nippon Airlines (ANA) සමාගම තම ජෙට් යානා සඳහා ජීව ඉන්ධන භාවිතාව හඳුන්වා දීමට තීරණය කර තිබේ.

එහි ප්‍රථම පියවරක් ලෙස පසුගියදා තෝකියෝ සිට ටෙක්ස්සාස් බලා පියාසර කරන ලද ගුවන් යානයක් ජීව ඉන්ධන මඟින් පියාසර කරවීමට ඔවුන් පියවර ගෙන තිබේ. මාංශ නිෂ්පාදන අපද්‍රව්‍ය වලින් නිපදවා ඇති එම ජීව ඉන්ධන වියදම් අධික වූවද එය ඉදිරියට දිගටම භාවිතා කිරීමට ඔවුන් තීන්දු කළ බව ANA සමාගම පවසයි.

ඒ අනුව යමින් Japan Airlines ද ගෘහස්ත ප්ලාස්ටික් සහ රෙදිපිළි අපද්‍රව්‍ය මඟින් නිපදවන ජීව වායුවකින් ඔවුන්ගේ ගුවන් යානා පියාසර කරවීමට නව වසරේ සිට පියවර ගන්නා බවත් එම ව්‍යාපෘතිය සඳහා දැනට වසර දෙකකට පෙර විශාල ආයෝජනයක් ඔවුන් කළ බවත් ප්‍රකාශ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More