පසුගිය දෙසැම්බර් 21 දින ඊශ්‍රායල් බළධාරීන් දැඩි විශ්වාසයෙන් ආරම්භ කරන ලද Pfizer/BioNtech සමූහ එන්නත්කරණයෙන් පසු එම එන්නත ලබාගත් පුද්ගලයින් 240කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව ඊශ්‍රායල් සෞඛය අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වමින් චැනල් 13 ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
Pfizer/BioNtech එන්නතේ දත්ත වාර්තා අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා දී දින 8ත් 10ත් අතර කාලයේදී ලබාගත් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය 50%කින් ඉහල යන අතර දෙවන මාත්‍රාව ලබාගත යුත්තේ පලමු මාත්‍රාවෙන් දින 21කදීය. ඔවුන් පවසන ආකාරයට ප්‍රතිශක්තිය 95%ක් දක්වා වර්ධනය වන්නේ ඉන් සතියකට පසුවයි.
ඊශ්‍රායල් බළධාරීන් අවධාරණය කරන්නේ මෙම සම්පූර්ණ කාල සීමාව තුළ එන්නත්ලාභීන් එරට කොවිඩ් 19 සෞඛ්‍ය අංශ උපදෙස් තදින්ම පිළිපැදිය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...