නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව අමාත්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවත් එසේ වුවහොත්…ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී එම පරිපූරක ඇස්තමේන්තු පරාජය කිරීමට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා ක්‍රියා කරන බවත් හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවැසීය.
රට දැඩි ආර්ථික අර්බුදයකට පත් වී තිබෙන අවස්ථාවක ගෑස් මිල, කිරිපිටි මිල ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළගොස් තිබෙන වෙලාවක මේ ආකාරයෙන් පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතා අසාධාරණ බවත්, එසේ ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු සියල්ල පරාජය කිරීම විපක්ෂය නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂවල වගකීම බවත් ඒකනායක මහතා පෙන්වා දෙයි.
දැනට ජාතික ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 10 දෙනකු වත්මන් ආණ්ඩුව ගැන දැඩි කලකිරීමකින් පසුවන නිසා එම දහදෙනාද මේ පරිපූරක ඇස්තමේන්තුවලට විරුද්ධ වනු ඇති බවත් ඒ ගැන මේ වනවිට ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...