අමාත්‍යාංශ අධීක්ෂණයට අධීක්ෂණ මන්ත්‍රි ධුර ලබාදෙන ලෙසත් රජයේ රැකියා ප්‍රමාණයක් සංචිතයකට යොමුකොට එම රැකියා අවස්ථා පසුපෙළ මන්ත්‍රිවරුන්ට ලබාදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ.
එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් 52කගේ අස්සනින් යුත් ලිපියකින් මේ ඉල්ලීම කර ඇතැයි එජාප ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
අමාත්‍යාංශවල සහ ඊට අයත් ආයතනවල කාර්යයන් වඩාත් කාර්යක්ෂම කර රටේ පොදු මහජනතාවට අවශ්‍ය සේවා වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් වගකීම් සහිතව අධීක්ෂණ මන්ත්‍රි ධුර ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බව හෙට්ටිආරච්චි මහතා පවසයි.
ප්‍රගති සමාලෝචන රැස්වීම නිරන්තරයෙන් පවත්වමින් අදාළ රාජ්‍ය ආයතනවලට ගොස් කාර්යක්ෂම සේවාවන් ජනතාවට සිදුකරන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සහිතව යම් යම් තීරණ ගැනීමේ වගකීම්ද සමඟින් මෙම අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර ලබාදිය යුතු බව විජේපාල හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් දැනට ජනතා සේවය සිදුකරන්නේ බොහෝ පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවන් යටතේ බවත් ඇතැම් දිස්ත්‍රික් හා ආසන සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වශයෙන් ක්‍රියා කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නිසි කාර්යාල පහසුකම්වත් නොමැති බවද හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
මීට අමතරව රජයේ රැකියා අවස්ථාවලින් යම් ප්‍රමාණයක් එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම සඳහා එම රැකියා අවස්ථා සංචිතයකට යොමුකර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කමිටු දෙකක් මඟින් මෙම යෝජනා ලිඛිතව අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
මීට පෙර මෙම යෝජනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියාකරනු ඇතැයි කියා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැඩි උනන්දුවකින් බලා සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...