තඇමැති මණ්ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැතිකමක් නොලැබීම නිසා කලකිරුණු රාජ්‍ය ඇමැති පියසේන ගමගේ අද හෙටම ‘තීරණයක්’ ගන්නා බව පැවැසීය.
ඉකුත් නොවැම්බරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට පත්වීමෙන් පසුව රාජ්‍ය ඇමැති ධුරවල දෙවරක් දිවුරුම් දී කටයුතු කළ තමා මෙවර ඇමැති මණ්ඩල සංශෝධනයේදී කැඳවා තිබුණේ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීමට බවත් නැවතත් ලබාදෙන්නේ රාජ්‍ය ඇමැති ධුරයක් නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත්දා පැවැති දිවුරුම් දීමේ උත්සවයට නොගිය බවත් හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු වශයෙන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද සමඟ පාර්ලිමේන්තු සමකාලීනයකු වූ තමාට කැබිනට් ඇමැති ධුරයක් ලබා නොදීමෙන් අසාධාරණයක් සිදුවී යැයිද පැවැසූ හෙතෙම තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා (03දා) හමුවී සාකච්ඡා කළ බවද කීය.
නව රාජ්‍ය ඇමැති ධුරය සඳහා පත්වීමේ ලිපිය සකස් කර ඇති බැවින් එය ලබා ගන්නැයි ජනාධිපතිවරයා පැවැසුවත් පියසේන ගමගේ මහතා එය භාර නොගත් බවද වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව ජාතික ආණ්ඩුව නියෝජනය කරනු ලබන තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 7, 8 දෙනකුම සිටින්නේ දැඩි කලකිරීමකින් බවද පියසේන ගමගේ මහතා ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.
ජේයෂ්ඨත්වය, පළපුරුද්ද අනුව මේ පිරිසට කැබිනට් අමාත්‍ය ධුර හෝ දැනට සිටින තත්ත්වයට වඩා වැඩි වගකීම් ලැබෙනු ඇතැයි ඔවුන් නියෝජනය කරනු ලබන ප්‍රදේශවල ජනතාව පවා උනන්දුවකින් පසුවූ බවත් එවැනි අවස්ථාවක් නොලැබීම ගැන ජනතාව විසින් සිදුකරනු ලබන විමසීම් හේතුවෙන් මේ හත්අට දෙනා නිරුත්තර වී සිටින බවත් ගමගේ මහතා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...