දේශීය පුවත්

“ශ්‍රී ලංකා රජය සහ හමුදාව යුද අපරාධ සිදු කළාද? යෑයි ඇමරිකානු රජය අපගෙන් විමසුවා. යුද අපරාධ පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව අප ඇමරිකානු රජයට කියා සිටියා” යෑයි තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා වඩමාරච්චිහි මයිකල් ක්‍රීඩාංගණයේ පැවැති මැයි දින රැලිය අමතා ප්‍රකාශ කර ඇත.

රජය තවදුරටත් ද්‍රවිඩ ජනතාවට වංචා කළහොත් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්‌ව පියවරක්‌ ගන්නා බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

ද්‍රවිඩ සංධානය පැවැත්වූ මෙම මැයි දින රැලියට අදාළ පෙළපාලියේදී කොටි සංවිධානයේ විප්ලවීය ගීත වාදනය කර ඇත.

“රජය ද්‍රවිඩ ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳිය යුතු බවට අපි රජයට අනතුරු අඟවා සිටිනවා” යෑයිද මාවයි සේනාධිරාජා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More