දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට පැවරෙන වකීම් ඉදිරි දින දහය තුළදී ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

පැලැන්වත්ත රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසවිධාන වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අලුතින් නායකත්ව මණ්ඩලයක් පත් කරලා අලුතින් තනතුරු පත් කර තිබෙනවා. ඉදිරි දින දහය තුළදී අලුතින් පත්වූ නිලධාරීන්ට හරියටම තමන්ගේ වගකීම් ලබාදෙනවා. මේ වන තුරු අලුතින් පත්වූ නිලධාරීන්ට වගකීම් පවරා නැහැ. නායකතුමා විසින් නිශ්චිව ඒ ඒ නිලධාරීන්ට ලැබෙන වගකීම් පවරනවා. ඉන් පසුව දෙවැනි පෙළ නායකයින් දුවන්න ඕන. තමන්ට ලැබුණ තනතුර භාවිතා කරමින් වැඩ කරන්න ඕන. පක්ෂයට විශාල පිබිදීමක් ලබාදෙන්න ඕන.ඒ ආකාරයට කටයුතු කළ විට පක්ෂයේ ඡන්ද පදනම වැඩි කළ හැකියි.

අලුතින් ඇතිවූ වෙනස්කම් ගැන විවිධ අදහස් මතුවෙනවා. ඕනෑම දේශපාන පක්ෂයක මතවාද තිබෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ට තනතුරුවලට පත් කිරිම් ගැන අදහසක් තිබුණා. ඔවුන්ගේ අදහස වුනේ සෑම තනතුරක් සදහාම ඡන්දයක් තියලා තෝරා පත් කරගැනීම් කළ යුතුයි කියන එකයි. ඒ ගැන අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. වාද විවාද පැවැත්වූවා. දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි මේ තනතුරුවලට පුද්ගලයින් තෝරා ගනු ලැබුවේ.

උදාහරණයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ තනතුරට තරගයක් තිබුණේ නෑ. මගේ තනතුරට අභියෝගයක් තරගයක් තිබුණේ නෑ. සමහර තනතුරුවට සුළු සුළු තරගයන් තිබුණා. ඒත් සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් එක තැනකට හැමෝම අරගෙන එන්න නායකතුමාට හැකියාව ලැබුණා. සමරුන්ට තනතුරු ලැබුණේ නෑ කියලා සිත් අමනාපයෙන් ඉන්නවා. ඒවා සමනය කරගෙන ඉදිරියට යන්න පුලුවන්.

පසුපෙළ මන්ත්‍රීවරු මේ ගැන මම සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ යම් යම් මැසිවිලි තිබුණත දැන් කිසියම් අවස්ථාවක් ලබාදෙමින් එකමුතුව යන්න සූදානම්. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා.

නායකත්වය වෙනස් කළ යුතුය කියලා මැතිවරණයක් පරාජයට පත්වු පසුව කියනවා. හැම පක්ෂයකටම ඒක පොදුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වූ විට මැතිණියටත් වෙනස් වෙන්න ඕන කියලා කිව්වා. නායකයා කියන පුද්ගලයා, රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගැන පක්ෂ අභ්‍යන්තරයේදී ඉවත් විය යුතුය කියලා පාර්ලිමේන්තු කමිටුව හෝ විධායක කමිටුව තුළදී පැවසුනේ නෑ. මමත් විවිධ අවස්ථාවලදී පක්ෂයේ නායකයා ඉවත් කිරීමට සටන් කරපු කෙනෙක්. නායකයා කනෙන් ඇදලා එළියට දාන්න බෑ. පක්ෂයේ ව්‍යවස්ථාවක් තිබෙනවා. පක්ෂ නායකත්වයේ වැඩ කටයුතු ක්‍රමයෙන් දෙවැනි පෙළට ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිම ගැටලුවක් නෑ. අපිට ඕනෑ තරම් අපේක්ෂකයින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. එකසත් ජාතික පක්ෂයට මිනිස්සු හොයන එකට අපිට අභියෝගයක් නෑ.

අගමැතිතුමා පක්ෂයේ වගකීම් තරුණයින්ට ලබාදේවි. දැන් ප්‍රතිසංවිධානය ආරම්භ වුනා පමණයි. මෙය අවසන් කිරීමට තවත් පියවර ගණනාවක් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම වැඩ කටයුතු සිදුවේවි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More