දේශීය පුවත්

මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි.

හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදෙන ලෙස විදේශීය රටවලින් ඉල්ලීමක් තිබූ බව ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී ජනාධිපතිවරයා තමන්ට පැවැසී යැයි ෆොන්සේකා මහතා කියා සිටී. විදේශීය ආකල්පවලට යටත් වෙමින් රට කරවන නායකයකුව පත්කර ගැනීම ගැන තමන් මේ මොහොතේ කනගාටු වන බවද ඇමැතිවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු දැයි ඇතැමුන් තමන්ගෙන් විමසන බවයි. ප්‍රශ්නයට නියම පිළිතුර ලබා දුන්නොත් සජිත් ප්‍රේමදාස තමන්ගේ පරම හතුරකු වනු ඇතැයිද එබැවින් එයට උත්තර නොදී සිටීමට වගබලා ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වනජීවී අමාත්‍ය ධුරය හිමිවීම ගැන සතුටු විය යුතුව ඇතැයිද කැලේට ගොස් මත්පැන් පානය කොට ගීත ගයා නැටීමට කැමැති අයට ඒ සඳහා වෙනම වන අඩවියක් වෙන්කර දීමට හැකි බවද හෙතෙම පවසයි. යාල වැනි ජාතික වනෝද්‍යානවලට යන ඇතැම් සංචාරකයන් මත්පැන් බී සතුන්ට පීඩා වන අයුරින් හැසිරෙන බව දැන ගැනීමට ලැබුණු බවත්, එවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවැතුණහොත් වනෝද්‍යානවලට මත්පැන් රැගෙන යෑම තහනම් කරන බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More