බි‍්‍රතාන්‍යයේ අයි. ආර්. ඒ. ත‍්‍රස්තවාදීන්ගේ ස්මාරක එරට විශ්වවිද්‍යාල තුළ ඉදිකර නැත. එසේම ඉන්දියාව රාජ්‍ය විශ්වවිද්‍යාලවල හෝ ඇසෑම් හෝ ජම්මුකාශ්මීර් ත‍්‍රස්තයන් සැමරීමේ ස්මාරක ඉදිකර ලීමට ඉන්දියාව අවසර දී නොමැත.
රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් චෙච්නියානු ත‍්‍රස්ත නායකයන්ගේ සමරුපලක චෙච්නියාව තුළ ස්ථාපිත කිරීමට ද ඉඩ දී නැත. එසේ නම් රජයේ පාලනය යටතේ ඇති යාපනය විශ්වවිද්‍යාල භූමියේ කොටි ඝාතකයක් සැමරීමේ ස්මාරකයක් ඉදිකර ඊට බුහුමන් දැක්වීමට රජය අවසර දිය යුතුද?
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය යනු කොටි හිතවාදී සංවිධානයකි. ප‍්‍රභාකරන් උතුර පාලනය කරන සමයේ කොටි ගුහාව වූයේ යාපනය විශ්වවිද්‍යාලයයි.
මෙම විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉදිකර තිබූ ස්මාරකය සිවිල් වැසියන් සැමරීමට නොව මියගිය කොටි සැමරීමේ අරමුණින් ස්ථාපිතකර ඇත. මේ සතියේ දිනෙක එම ස්මාරකය කඩා ඉවත් කෙරුණි.
එය සැලවීමත් සමගම ද්‍රවිඩ සංවිධානයේ සහ ශවේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ආධාරකරුවෝ රාත‍්‍රියේම එම ස්ථානයට පැමිණි විරෝධතා දියත් කළහ.
ඒ සමගම යාපනයේ සිට විද්්‍යුත් තැපැල් ලිපි දහස් ගණනක් තමිල් නාඩුවට ද කොටි ඩයස්පෝරාව වෙත ද යැවීමට බෙදුම්වාදීහු ක‍්‍රියා කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ තමිල්නාඩුවේ චෙන්නායිහි කොටි හිතවාදීන් ද කොටි ස්මාරකය ඉවත් කිරීම ගැන විරෝධය දැක්වීමයි.
මේ පසුබිම මැද යාපනය විශ්වවිද්‍යාල ඉදිරිපිට ඉදිකර තිබුණේ මියගිය සිවිල් වැසියන් සැමරීමේ ස්මාරකයක් නොව මියගිය කොටි හමුදා නායකයන් සැමරීමේ සමරුපලකයක් බව විශ්වවිද්‍යාල සිසුන්ගේ උපහාරවලින් තහවුරු විය.
මෙලෙස යාපනය විශ්වවිද්‍යාලය ඉදිරියේ තිබූ කොටින්ගේ ස්මාරකය ඉවත් කිරීම ගැන මුලින්ම කම්පාවට පත් වූයේ කැනඩා විදේශ ඇමැති ප‍්‍රැන්කොයිස් පිලිප්සේයි 2009 මුල්ලිවයික්කාල්හිදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලය ඉදිරියේ තිබූ ස්මාරකය විනාශ කිරීම පපුව පැළෙන සිද්ධියක් යැයි කැනඩා විදේශ ඇමැතිවරයා කියා සිටියේය.
ඊට සමානව කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්ත අගමැති ඩවුග් පෝඞ්ද පැවසුවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් තමාගේ පපුවද පැළි ඇති බවයි. එසේම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින කොටි හිතවාදී මන්ත‍්‍රීවරු වූ සියොබ්හාන් මැක්ඩෝනාද කම්පාවට පත් වී ඇත. එහෙත් තමාගේ හද පැළී ඇතැයි ඇය පැවසූවේ නැත.
මෙවන් පසුබිමක් මැද මෙම ස්මාරකය ඉදි වූයේ යාපනය විශ්වවිද්‍යාලය සිසුන්ට මුලතිව් වෙත ගොස් මියගිය සිවිල්වැසියන් සැමරීමට දැඩි අසීරුතාවයක් ඇති නිසා බව දක්වමින් බවට ප‍්‍රචාරය විය. එහෙත් එම ප‍්‍රකාශය අමූලික බොරුවකි.
යාපනය සිට මුලතිව් යෑම අසීරු යැයි පවසන සිසුන් යාපනයේ සිට අනුරාධපුර සිරගෙයි සිටින කොටි බැලීමට පැමිණියේ කෙසේද?
මේ තත්ත්වය මැද කැනඩා විදේශ ඇමැතිවරයාගේ ප‍්‍රකාශය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමකි. කොටි මිනීමරුවන් විශාල සංඛ්‍යාවකට දේශපාලන රැුකවරණ ලබාදී ඇත්තේ කැනඩාවයි.
කොළඹ ට සහ කටුනායක ගුවන් කඳවුරට ප‍්‍රහාර එල්ල කළේද කැනඩාවේ කොටි ගුවන් නියමුවන් දෙදෙනෙකි.
එසේම ජාත්‍යන්තර නෞකා ජාලයේ ප‍්‍රධානියාට පවා දේශපාලන රැකවරණ ලබාදීමටද කැනඩාව ක‍්‍රියා කළේය.
කැනඩාව ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වූ මුල් වතාව මෙය නොවේ. මේ ඊට නිදසුන්ය.
1. 2013 දී කැනඩා අගමැති හාපර් ශ‍්‍රී ලංකාවේ පැවැති පොදුරද සමුළුව වර්ජනය කිරීම.
2 ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයුවේ කැනඩාව බව කැනඩා පොලිස් වාර්තාවෙන් අනාවරණය වීම .
3 කොටි ආයුධ ජාලයේ ප‍්‍රධානී රවිශංකර් කනගරාජාට කැනඩාවේ දේශපාලන රැුකවරණ ලබාදීම.
4 ස්කාබරෝ රවුග් පාක් මන්ත‍්‍රී විජේ තනබාලසිංහම් ඔන්ටාරියෝ පාර්ලිමේන්තුව ලවා සමූල ඝාතන යෝජනාවක් සම්මත කර ගැනීම.
5 කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනොන් අම්පාරට ගොස් දේශපාලන කටයුතු ගැන සාකච්ඡුා කිරීම
6 කැනඩා මන්ත‍්‍රී ගානට් ජිනියන් ශ‍්‍රී ලංකාවට එරෙහිව මැග්නිස්කි සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටීම
මේ අතර ශ‍්‍රී ලංකා රජය විනාශ කළේ යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තිබූ සිවිල් වැසියන් සැමරීමේ ස්මාරකය බවට විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රචාරය කළත් කොටි හිතවාදී සංවිධාන ඇත්ත හෙළි කළේය.
ටැමිල් යූත් ඕගනයිසේෂන් නැමැති කොටි ඩයස්පෝරා සංවිධානය එම ස්මාරකය ගැන මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි.
මුල්ලිවයික්කාල් ද්‍රවිඩ සමූලඝාතන ස්මාරකය විනාශ කිරීමට රජය ක‍්‍රියා කළේ ද්‍රවිඩ සමූලඝාතනය සිදු නොවූ බවට දැක්වීමට සහ ද්‍රවිඩ ඉතිහාසය මකා දැමීමටයි.
මෙම කොටි ස්මාරකය විනාශ කළ බව කියමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කොටි හිතවාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විරෝධතා පැවැත් වූයේ කොටි ධජ ප‍්‍රදර්ශනය කිරීමෙහි මින් සනාථ වන්නේ යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තිබුණේ කොටි ස්මාරකයක් බවයි.
එසේම මෙම කොටි ස්මාරකය වැනසීමට වගකිවයුතු පිරිස් නීතිය හමුවට ගෙන ආ යුතු බව 2021 මාර්තු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවද ඔස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ කොංග‍්‍රසයේ සභාපති එම් මනෝහරන් සහ බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ලේකම් රවි කුමාර්ද ඉල්ලා ඇත. මින් බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය බංකොලොත් සංවිධානයක් ලෙස ලන්ඩන් අධිකරණය සනාථකර තිබුණි.
මෙයට අමතරව ලන්ඩන් කොටි ඩයස්පෝරාවේ සභාපති එස්. සීතාරාම් කොටි ස්මාරකය වැනසීම ගැන විරෝධය දක්වා ඇත.
මේ අතර කැනඩාවේ ඔන්ටාරියෝ ලේබර් පක්‍ෂයේ නායක ස්ටීවන් බෙල්ද ප‍්‍රකාශයක් කරමින් මුල්ලිවයික්කාල් කොටි ස්මාරකය වැනසීම ද්‍රවිඩ ඉතිහාසයක් මකා දැමීමක් බව පවසනු ලැබීය.
කොටි සාතකයන් සැමරීමේ ස්මාරකයක් වැනසීම නිසා දකුණු අප‍්‍රිකාවේ පිහිටුවා ගෙන ඇති ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා වූ සහයෝගිතා සංවිධානයේ ප‍්‍රධානී ප‍්‍රභාස් පරිඩියාචි නැමැත්තාද නිවේදනයක් නිකුත් කරමින් ස්මාරකය විනාශ කිරීම ගැන යාපනය
නගරාධිපතිද විරෝධය පළ කර ඇති බව කියා සිටියේය.
2019 ජනවාරි 8 දා රජයේ අවසරයකින් තොරව ස්ථාපිත කළ එම කොටි ස්මාරකය යළි ඉදිකිරීමට ක‍්‍රියා කරන බව උපකුලපති එන් ශ‍්‍රී ස්කන්දරාජා ප‍්‍රතිඥා දී තිබේ.
එම ප‍්‍රතිමාව වැනසූ ස්ථානයේම ඉදිකරන බව උපකුලපතිරවයා විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන්ට පොරොන්දු වී ඇත.
මෙහිදී නැෙඟන ප‍්‍රශ්නය රජයේ අවසරයකින් හා පොලිසියේ අවසරයකින් තොරව උපකුලපතිට ස්මාරකයක් ඉදිකළ ගැනීද යන්නයි.
මෙම ස්මාරකය යළි ගොඩනැ`ගීමට ඉඩ නොදෙන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීමක් කළේය.
මෙලෙස කොටි ස්මාරකය ඉදි කළහොත් ඉදිරියේදී ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිමාවක් ඉදිකිරීමද විශ්වවිද්‍යාල සිසුන් ක‍්‍රියා කරනු නියතය. කොටි ස්මාරකය වැනසීමේ අර්බුදය පවතින අවස්ථාවේ කොටි කාන්තා බළකායේ නායිකාවක් වූ මේජර් සෝතියා නැමැත්තිය සැමරීමටද උතුරේ පාර්ශ්ව ක‍්‍රියාකරන බව හෙළි විය.
සෝතියා යනු සිවිල් වැසියකු නොව ප‍්‍රභාකරන් පිහිට වූ සෝතියා බළකායේ නායිකාවයි. ඇය ත‍්‍රස්තවාදී කාන්තාවකි. මෙම පසුබිම මැද උතුරේ පසුගියදා සිදු වූ සැමරුම් ගැන අවධානය යොමු කළ යුතුයි. ඇයවත් බාලසිංහම් සහ ප‍්‍රභාකරන් තමිල්සෙල්වන් වැනි ත‍්‍රස්ත නායකයන්ව සමරන ලද්දේ පසුගිය කාලය තුළදීය. මේ කිසිවෙක් සිවිල් වැසියන් නොව මිනීමරුවන් සහ ඔවුන්ගේ සහයකයන්ය.
මේ තත්ත්වය මත උතුරේ විශ්වවිද්‍යාල සිසුන්ට තම බලපුළුවන් කාරකම් පිළිඹු කිරීමට ඉඩදිය යුතුද?
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මෙන්ම හමුදාව සම`ග ගැටුමක් ඇති කරගෙන එය ජාත්‍යන්තරයට යැවීම විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ව මෙහෙය වන පාර්ශ්වවල අරමුණ වේ.
මේ අතර කැනඩා විදේශ ඇමැතිවරයා හැර වෙනත් රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් කොටි ස්මාරකය වැනසීම ගැන රජයට විරෝධය දක්වා නැත. ඒ එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයක් බැවිනි.
එහෙත් කැනඩා විදේශ ඇමැති සහ ලේබර් පක්‍ෂ නායකයා කැනඩාවේ ද්‍රවිඩ ඡුන්ද නිසා බලයට පත් වූවන්ය.
කැනඩාවේ අතීතය විමර්ශනය කළහොත් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ගෙන යෑමට ප‍්‍රභාකරන්ට අරමුදල් සැපයුවේ කැනඩාව බව එරට පොලිසිය හෙළි කර තිබුණි.
මෙවන් පසුබිමක් මැද කොටිඩයස්පෝරා සංවිධාන තවදුරටත් ප‍්‍රකාශ කළේ 2009 දී මුල්ලි වයික්කාල්හිදී විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ද්‍රවිඩයන් දස දහස් ගණනක් ඝාතනය වූ බවයි.
එසේ වූවත් කොටි සංවිධානය විසින් ඝාතනය කළ උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් සහ ප‍්‍රතිවිරුද්ධ ද්‍රවිඩ ජාතිකයන් සැමරීමට විශ්වවිද්‍යාල සිසුන් අද වනතුරු ස්මාරකයක් ඉදිකර තිබේද?
කොටි සංවිධානය මගින් 55 ක් සම`ග ලයන් එයාර් ගුවන් යානාව මිසයිල ප‍්‍රහාරයකින් වැනසූ අතර එහිදී මියගිය ද්‍රවිඩ ජනතාව සැමරීමටද ස්මාරක ඉදි වී නැත.
මේ තත්ත්වය මත රජය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය ලෙස නීතිය නැවීමට ඉඩ නොදිය යුතුයි.
කොටි යනු ඝාතකයන් මිස අහිංසක සිවිල් වැසියන් නොවේ.
මේ අතර කොටි ස්මාරකය කඩා දැමීමට එරෙහිව කැනඩාවේ ටොරොන්ටොහි බ‍්‍රැට්ස්මන් සිට ටොරොන්ටෝ නගර ශාලාව දක්වා වාහනවලින් විරෝධතා පෙළ පාලියක් පැවැත්වීමට කොටි හිතවාදීහු ක‍්‍රියා කර ඇත.
කැනඩාවේ කොටි හිතවාදීන්ට සහය දැක්වීමට ලෙස කැනඩා රජයේ ප‍්‍රධාන සංවිධායක මාර්ක් හොලන්ඞ් පැවසූවේ සමූලඝාතනය මකාදැමීමට කැනඩාව කිසිවිටක ක‍්‍රියා නොකරන බවයි.
මේ අතර කොටි ස්මාරකය විනාශ කිරීමට එරෙහිව වෙන්නායි නගරයේදී විරෝධතා පවත්වා ඇත. ඊට සහභාගී වූ දේශපාලනය අතර ප‍්‍රභාකරන්ගේ සමීපතම සහයකු වූ වයිකෝද විය.
මේ පසුබිම මැද මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර පැවසූවේ රජයේ බදු මුදල්වලින් යැපෙන ආයතනයක් තුළ මෙවන් නීතිවිරෝධී ස්මාරකයක් ඉදිකර තිබීම නීති විරෝධී බවයි. මේ ස්මාරකයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අවසර දී නැහැ යැයිද හෙතෙම පළ කළේය.
එහෙත් එම ස්මාරකය වෙනුවට සාමයේ සංකේතය නමින් තම ස්මාරකයක් ඉදිකිරීමට ක‍්‍රියා කරන බව හෙළි වී ඇත. මේ තත්ත්වය මත පෙබරවාරි 22 ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වේ.
එම සමුළුව වෙත කොටි ස්මාරකය ඉවත් කිරීමේ සිද්ධිය යොමු කිරීමට ද්‍රවිඩ දේශපාලකයන් සැලසුම් කර ඇතැයි හෙළි වී තිබේ.
මේ අතර ද්‍රවිඩ සන්ධාන දේශපාලකයෙක් උතුරේ රණවිරු ස්මාරක කඩා දමන බවට තර්ජනයක් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...