පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පවසා සිට්යේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මුදල් සමාගම් 41න් සමාගම් 6ක් පාඩු ලබන ආයතන බවට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට්ස් ඇන්ඞ් ෆිනෑන්ස් ලිමිටඞ්, ද ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඞ්, ටී.කේ. ෆිනෑන්ස් ලිමිටඞ්, ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්සල් සර්විස්, යන ආයාතන පාඩු ලබන මුල්‍යය සමාගම් ලෙස හඳුනාගෙන සිටී.
සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට්ස් ඇන්ඞ් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 20161ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 3965කි. ද ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 6600ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2721කි. ටී.කේ. ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 35184ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2691කි. ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 147152 ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 27400කි. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඞ් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 37586ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 22648කි. ස්වර්ණමහල් ෆයිනෑන්සල් සර්විස් ඡුඛක් සමාගමේ ලියාපදිංචි තැන්පත්කරුවන් සංඛ්‍යාව 9623 ක් වන අතර මුළු තැන්පත් වටිනාකම රුපියල් මිලියන 2372කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...