ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ යෝග්‍යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්‍රමුඛතම රැහැන් නිෂ්පාදන සමාගමක් වන සියෙරා කේබල්ස් හි අතුරුගිරියේ පිහිටි කර්මාන්තශාලාවේ සංචාරය කිරීමට ඔහු කටයුතු කර තිබූ අතර අනාගත ව්‍යාපාරික සහයෝගීතාවන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. මීට අමතර ඔහු කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ ද නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.
ව්‍යාපාරික ලොව සුප්‍රකට පවුලක් වන රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවෝ ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටිති. මෙම ව්‍යාපාර අතරින් රෝත්ස්චයිල්ඩ් බැංකුව සහ, උතුරු අත්ලාන්තික සාගර කළාපයේ සුඛෝපභෝගී යාත්‍රා හා නිවාස ව්‍යාපෘතියක් වන ‘පෝර්ටො මොන්ටෙනේග්‍රෝ’ (Porto Montenegro) විශේෂ තැනක් ගනී.
Just finished a trip to learn first hand about SL’s suitability as a manufacturing location for electronics. Came away highly impressed by govt of @PresRajapaksa and its pandemic response as well as the businesses I met. SL is a true gem with a great future. #GoSL #SriLanka
— Nat Rothschild (@NatRothschild1) January 21, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...