මේ දිනවල රට පුරා ප‍්‍රකට කතාව සේරුවිල රන් නිධිය ය. ඒ ඔස්සේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි බවට විවිධ මත පළවේ. විදෙස් රටවලට ණයකරුවකුව සිටින ශ‍්‍රී ලංකාව මේ ණය බරින් ගොඩ දැමීමට නම්. නව නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුය. ඊට අවැසි ඛනිජ සම්පත් ඇති පදමට මේ දෙරණේ ඇති බවට මහාචාර්ය ආචාර්ය වරුන් පරීක්ෂණ සිදුකොට සනාථ කර තිබේ.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල ප‍්‍රදේශයේ වර්ග කිලෝ මීටර පනස්හතරක් පුරා පැතිරී පවත්නා රත්තරං සහිත දැවැන්ත නිධියක් පිළිබඳ තොරතුරු හෙළිකරනු ලැබුවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයය. මෙම නිධිය තුළ රන් වලට අමතරව තඹ හා යකඩද තිබෙන බව මේවන විට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් තහවුරුව තිබේ. මෙම ස්ථානයේ රන් නිධියක් තිබෙන බවට මෙයට පෙර අවස්ථා කිහිපයකදී තොරතුරු අනාවරණය වුවත් ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම් කිරීමට කිසිවෙකුත් උනන්දු නොවීම ජාතියේ අවාසනාවකි. ලෝක වෙළෙඳ පොළේ ඉහළම ඉල්ලූමක් ඇති අතිශයින් දුර්ලභ රන් අපේ රටින් මතුවීම ණය බරින් මිරිකී සිටින අපට ඉන් ගොඩ ඒම පිණිස දෙවියන් දුන් තිළිණයක් යැයි පැවසීම වරදක් නොවන්නේ මේ අපට එවැනි සම්පතක අවශ්‍යතාව තදින්ම දැනෙනා අවස්ථාවක් බැවිනි. ඇමරිකාව මගින් යෝජනා කර තිබෙන එම්. සී. සී. ආර්ථික කොරිඩෝවට මෙම රන් නිධියට අමතරව කළු රන් ලෙස ප‍්‍රකට පුල්මුඬේ ඉල්මනයිට් නිධියද අයත්ව තිබිණි.
අපේ රටේ මහ පොළොව තුළට මේ රන් සම්පත පැමිණියේ කෙසේද එය ගොඩගැනීමට අප කළ යුත්තේ කුමක්ද යන කාරණා දැන් අප හමුවේ තිබෙන ප‍්‍රශ්නයි. මේ සම්බන්ධව මූලික පරීක්ෂණ සිදුකළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාය.
ඔහු පවසන පරිදි. පරීක්ෂණ සිදුවන්නේ දෙදහස් දහඅටේ සිටය. මේ ඒ පිළිබඳව ඔහුගේ කතාවය.
”පොළොව අභ්‍යන්තරට අඩි හයසියයක් ගැඹුරට විඳුම් කරලා ගොඩගත් සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවාහි රත්තරං අඩංගු බව පැහැදිලිව දක්නට ලැබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සිදුකළ පරීක්ෂණ තිහකින් පමණ මේ පාෂාණ වල රන් අඩංගු බව හෙළිවීමෙන් පසු අයර්ලන්තයේ පර්යේෂණාගාරයකට සාම්පල් යවා නැවත එය තහවුරු කර ගනු ලැබුවා…
1903 දි එංගලන්ත ආණ්ඩුවෙන් පටන් ගත්තා ඛනිජ විද්‍යාඥයන්ගේ සංගමය ආරම්භ කළා. ආනන්ද කුමාරස්වාමි ඉන්දියානු ජාතික දාර්ශනිකයෙක්. එයා ලංකාවේ පළමු ඛනිජ විද්‍යාඥයා වුණා. එයා පරීක්ෂණ කරලා ඛනිජ විශාල ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. එදා ඉඳන් අද වන තුරු එයාගේ සොයා ගැනීම් වලින් ප‍්‍රයෝජන අරං නැහැ. ඒ වාර්තාවල තිබෙනවා ලංකාවේ රත‍්‍රං නිධි ගැන. කළු ගෙඟ් එහි අතු ගංගා වල බලංගොඩ ඇතුළු තවත් ප‍්‍රදේශ රැසක රත‍්‍රං තිබෙන බවට එහි සඳහන්..
සේරුවාවිල රත‍්‍රං ගැන කුමාරස්වාමි කියා තිබුණේ නැහැ. පේරාදෙණිය භූගර්භ පර්යේෂණ වලින් සොයා ගත් දෙයක්.
දෙවැන්න අවුරුදු මිලියන විසි තුනකට පෙර ලංකාව ඔස්ටේ‍්‍රලියාව ඉන්දියාව අප‍්‍රිකාව මැඩගස්කරය සහ ඇන්ටාක්ටිකාව යන සියල්ල එකට තිබුණේ. පසු කාලිනව තමයි රටවල් වෙන්වෙලා ඈතට ගියේ. භූ විෂමතාවන් අනුව මේ රටවල් එකතුවෙලා තියෙද්දි මේ හැම රටකම රත‍්‍රං තිබුණ බවට තොරතුරු සනාථ වූවා. ඒ මාර්ගය වැටී තිබුණේ ලංකාව මැදින්. එහෙම නම් ලංකාවේ රත‍්‍රං තිබිය යුතුය යන අනුමානය තහවුරු කර ගතයුතු බව සිතුවා.
ඛනිජ පිහිටීමේ රටාව සහ සෙසු ඛනිජ ඇති රටවල පරිසර තත්ත්වයන් සමානතාවය අනුමාන කරමින් පර්යේෂණ සිදුකරන්න පෙලඹවීමක් ඇති කළා. ඒ කරුණු ඒකරාශි කර අනුමානයක් ලෙස සේරුවිල රත‍්‍රං ඇත්ද යන්න සොයා බැලූවා.
මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලාංකික භූ විද්‍යාඥයෙක් ලංකාවේ රත‍්‍රං තියෙනවා කියලා පළමු වතාවට පර්යේෂණ වාර්තාවක් එළි දැක්වූයේ දෙදහස් විස්සේ පෙබරවාරි විස්ස ශ‍්‍රී ලංකා භූ විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික පර්යේෂණ එලි දැක්වීමේ අවස්ථාවේදි. එතනදි මම මේ පර්යේෂණ වාර්තාව එළි දැක්වූවා. ඉන් අනතුරුව භූ විද්‍යා හා පතල් කැණීම් ආයතන අතීතයේ කළ ගවේෂණයකදි කළ සාම්පල ඒවා විදේශීය පර්යේෂකයන් වෙත යවා රත‍්‍රං ඇති බව තහවුරු කර ගත්තා.
ඛනිජ සම්පත් සංවර්ධනයට ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙළක් තිබෙනවා නම් සියයට දහයක ආර්ථික දායකත්වයක් ලබා ගත හැකියි. මේ සඳහා තමයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයක් තියෙන්නේ. නමුත් ඉන් කරන්නේ වැලි ගොඩදාන්නත් ගල් කඩන්නත් බලපත‍්‍ර දෙන එකයි ඒ ඔස්සේ විවිධ කටයුතු සිදුකිරිමයි පමණයි.
ගවේෂණවල ප‍්‍රතිඵල ලබා ගැනීම යනු පහසු කාර්යයක් නොවේ. නමුත් ප‍්‍රතිඵලය සාර්ථක හෝ අසාර්ථක වීමට නම් ගවේෂණයක් සිදු කළ යුතු වෙනවා. ගවේෂණය සඳහා රජයෙන් සහායක් නැහැ. රජය ට නොමිලයේ ලැබෙන සම්පතක් නිසා මේ ගැන වැඩි අවධානයක් යොමු කර ගත යුතු වෙනවා. ගවේෂණය සඳහා ඉඩක් ලබා දෙන්න අවශ්‍යයි. උපකරණ ග‍්‍රිල් මැෂින් . ඇතුළු සෙසු දෑ සඳහා විශාල ගවේෂණය සඳහා බාධා කිරීමෙන් රට ආපස්සට යනවා.
ගවේෂණය කරන්නේ භූ විද්‍යාඥයෙක් වැනි බුද්ධිමත් අයෙක්. කැලේ ඇතුළට යන්න දෙන්නේ නැ. මෙවන් තත්ත්වයකදි රටක් සංවර්ධනය වන්නේ නැහැ.
රට දියුණු කරන්න කැමති නැතිනම් වැදි ජනතාව වගේ ඔහේ ඉන්න ඕනි. ඇමරිකාව ඇතුළු බලවත් රටවල් තමන්ගේ සම්පත් ඔස්සේ දියුණු වෙලා ආර්ථික බලවතෙක් වෙලා පරිසරයත් ආරක්ෂා කර ගන්නවා. නමුත් අපි පරිසරයත් විනාශ කරමින් විදේශීයයන්ට ගැති වෙලා රටේ සංවර්ධනයක් කියන මුසාවකට මුළා වෙලා ඔහේ ඉන්නවා. ප‍්‍රතිපත්ති සකස් කළ යුතු පුද්ගලයන් රටට අවශ්‍යයයි. නව ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ යුතු යි.”
සේරුවිල රත‍්‍රං වලට අමතරව මිනිරන් නිධියක් ඇති බවට ද සනාථ වී තිබේ. ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් පවා ඉදිරිපත්ව සිට ඇති මුත් කර්මාන්ත ලෙස පණ ගැන්වීමට රජයේ විශේෂ අනුග‍්‍රහයක් නොලැබෙන තැන ආයෝජකයන් ඉවත්ව ඇත.
ටොන් මිලියන අනූවකට වැඩි ප‍්‍රමාණයක් සහිත ලංකාවේ ඇති ලොකුම යකඩ නිධිය දෙදහස් එක වසරේ බුත්තලදි සොයා ගනු ලැබූයේ ද අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායම විසිනි. එය අයිතිකර ගැනීම සඳහා දේශපාලකයන් කුලල් කා ගැනීම මත ඉන් පල ප‍්‍රයෝජන ගැනීමේ හැකියාවක් මේ වනතුරුද අහිමිව ගොස් ඇත්තේය. ලංකාවේ යකඩ නිෂ්පාදනය සඳහා වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මෑතක මෙහි නිරීක්ෂණ චාරිකාවක් ගොස් ඇත.
එම බුත්තල යකඩ නිධිය රටේ දැවැන්ත සම්පතක් ලෙස හඳුනා ගෙන තිබේ. වසරකට යකඩ ටොන් ලක්ෂ පහක අවශ්‍යතාවක් ලංකාවට ඇත. එය ආනයනය කිරීම සඳහා බිලියන ගණන් මුදල් වැය කිරීමටද සිදුව ඇත. ලංකාව තුළ යකඩ නිෂ්පාදනය කිරීම සඳහා එපමණ මුදලක් වැය නොවුණද. යකඩ ගෙන්වීම ඔස්සේ දැවැන්ත ලාභයක් සාක්කුවට වැටෙන හෙයින් ලංකාවේ ලොකුම සහ පිරිසිදුම යකඩ නිධිය බුත්තලටම වී නිහඬව සිටී. කන්දක් ලෙස පිහිටා ඇති මෙම යකඩ නිධිය බිමට සමතලා වන තුරු යකඩ ගත හැකි නම් ලංකාව ද දියුණු හා බලවත් රාජ්‍යයක් ලෙස කිසිවකුටත් අතනොපා සිටින තැනට වැටෙන්නේය.
ගැඩොලිනියම් තයෝබියම් වැනි අතිශය දුර්ලභ ලෝහ සේරුවිල ඇති බව සනාථ වි තිබේ. සේරුවිල පමණක් නොව ඛනිජ පැතිර තිබෙන කලාපය පුරාම මෙම දුර්ලභ ලෝහ ඇත. රටේ ඛනිජ තිබෙන කලාපයක වර්ග කිලෝමීටර් දොළොස්දහසක් පුරා පැතිර ඇත. ලංකාවම වර්ග කිලෝමීටර හැටපන්දහසක් වන බැවින් ලංකාවේ පොළොවෙන් පහෙන් එකක ඛනිජ සම්පත තිබෙන බවට මේ වනවිට අනාවරණය වී ඇත. වසර හතළිහක් පුරා මේ සම්බන්ධයෙන් ගවේෂණ වාර්තා එලිදක්වා තිබුණද පාලකයෝ එය නෑසූ කනින් නොදුටූ දෑසින් සිටින බව පෙනෙන්නට තිබේ.
ගවේෂණය සඳහා බලපත‍්‍ර හිමිව තිබෙන වර්ග කිලොමීටර් අටකින් එක් කිලෝමීටරයක රත‍්‍රං ඇති බව තහවුරු වී තිබෙ. වසර දෙකක් තිස්සේ කළ ගවේෂණ මත රන් නිධිය සම්බන්ධයෙන් තහවුරු වී ඇති මුත් තවදුරටත් වසර දෙකක් හෝ පර්යේෂණ සිදුකරමින් අවසර ලබා ගනිමින් මෙම රත‍්‍රං ආර්ථික ලාභ උපයන තත්ත්වයට පත්කර ගැනීමේ කර්තව්‍ය සිදු කළ යුතුවේ. මේ වන විට. මධ්‍යම හා සබරගමුව වැනි පළාත්වලද රන් ආකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන නමුත් ඒ සඳහා වන ගවේෂණයන් සිදු කිරීමට තවමත් අවසර ලැබී නැත.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති කිත්සිරි දිසානායක මහතා කියන ආකාරයට ඔවුන් මෙම නිධිය අසලට ගොස් සාම්පල ගෙන පරීක්ෂා කර ඇත. එහිදී ඔවුනට හමු වී ඇත්තේ කැල්කො පයිරය්ට්ස් යන තඹ යකඩය. එහිදී ඔහු කියන ආකාරයට එම පර්යේෂණ සිදුකළේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සේවය කරන කාලයේදීය. තව දුරටත් ඔහු ප‍්‍රකාශ කළ පරිදි එම පර්යේෂණ සඳහා නියැදි ලබා ගෙන ඇත්තේ භූ විද්‍යා කාර්යාංශයේ කැණීම් කොට එකතු කර ගත් සහ කැණීම් කරද්දී ඒ භූමියේ තැන් තැන් වලට විසි කරන ලද පාෂාණ කැබලිවල සාම්පල වලිනී. එමෙන්ම එම ප‍්‍රදේශයේ තැන්තැන්වල තිබෙන වගා ළිංවලින් ගත් කොටස්ද ලබාගෙන තිබේ. ඒවා විශ්ලේෂණය කරද්දිත් රත‍්‍රං යම් ප‍්‍රමාණයක් තිබෙන බවට ද සොයා ගෙන තිබේ.
මෙලෙස රත‍්‍රං තිබෙනවා යැයි කියන්නේ පොළොව ගැඹුරට වන්නටය. ඒ සමහර විට මීටර සියයකට වඩා ගැඹුරු වන්නටද පුළුවන. ඒ අනුව අදාළ සම්පූර්ණ භූමි ප‍්‍රදේශයම ආවරණය කර රත‍්‍රං තිබෙනවා යැයි නිගමනය කළ පසු එය කැණීම් කොට ලබා ගැනීමට කොපමණ මුදලක් වැය වනවා දැයි තීරණයකට එලැඹිය හැකිය.
ආචාර්ය කිත්සිරි දිසානායක මහතා පවසන පරිදි. ඔහු ලෝහ නිස්සාරණය පිළිබඳව ආචාර්ය උපාධියට ඉගෙන ගත් අයෙකි. ඒ නිසා මෙවැනි කටයුත්තකදි. එනම් නිස්සාරණය කිරීමේ ක‍්‍රියාවලියේදි ඊට සහයෝගය දිය හැකි බව හෙතම පවසයි.
සමන්තී වීරසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...