ව්‍යාපාරික පුවත්

එළඹෙන ජූනි මස 30 දා තෙක් සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අනවශ්‍ය වියදම්වලින් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී තිබේ.

ප්‍රාග්ධන වියදම් සිදුකිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්යෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මේ තීරණ ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කළ විධානයක් මඟින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත් කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරිත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් පසුගිය 2020 වසරේ දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කෙරිණි.

මෙම සීමාකිරීම් යළි සලකා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ අතර, ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවල 2020 වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන විගණනයට ලක් කිරීමෙන් අනතුරුව, ලාභාංශ මුදලින් ගෙවීමට සහ ලාභ මෙරටින් බැහැර කිරීමට පසුගිය 19 දා නිකුත් කරන ලද විධානය මඟින් බලපත්‍රලාභී බැංකු වෙත අවසර ලබා දී තිබේ.

බලපත්‍රලාභී බැංකු විසින් මෙලෙස ලාභාංශ මුදලින් ගෙවීමේ දී සහ ලාභ මෙරටින් බැහැර කිරීමට තීරණය කිරීමේ දී, පවතින අභියෝගාත්මක වාතාවරණයන් හමුවේ බැංකුවල වත්කම්වල වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ්-19 ව්‍යසනය නිසා වන බලපෑම වැනි දෑ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
(දිනමිණ පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More