2020 දෙසැම්බර් 19 දින ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගෙන් ආරම්භ වූ ඊශ්‍රායලයේ “සමූහ එන්නත්කරණ” වැඩසටහන මේ වනවිට සාර්ථකව ඉදිරියට යමින් කොවිඩ් 19 සඳහා ලොව වැඩිම ප්‍රතිශතයක් එන්නත් ලබාදී ඇති රට බවට ඊශ්‍රායලය පත්ව තිබේ.
වාර්තාවන ආකාරයට දිනකට 150,000කට පමණ එන්නත් ලබාදීමෙන් මේවනවිට ඊශ්‍රායලයේ ප්‍රමුඛතා ලේඛනයේ 60%කට වැඩි පිරිසකට එන්නත ලබාදී ඇත.
තත්වය එසේ තිබියදීත්; ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අද (25) දින පැවැත්වෙන කැබිනට් රැස්වීම අමතා ප්‍රකාශ කර ඇත්තේ වසංගතයේ පළමු රැල්ල අවස්තාවේදී මෙන්ම නව කොවිඩ් -19 ප්‍රභේදය පැතිරයන මෙම අවස්තාවේදීත් ඊශ්‍රායලයේ ගුවන් තොටුපළවල් සියලුම ගුවන් ගමන් සඳහා වසා දැමීම ඉතා අත්‍යවශ්‍යව ඇති බවයි.
මෙමගින් පෙන්නුම් කරන්නේ කොවිඩ් – 19 වසංගතයෙන් රට ආරක්ෂා කිරීමට විදේශිකයින්ගේ ආගමනය නවතා දැමීම ප්‍රමුඛ කාර්‍යයක් වන බවත් එයට අමතරව මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ අනෙකුත් අදාල සෞඛ්‍ය පුරුදු ජනතාවට අනුගමනය කිරීමට පෙළඹවීම අන් සියල්ලටම වඩා මෙම අභියෝගාත්මක අවස්තාවේදී වැදගත් වන බව “ලංකා ලීඩ් පර්යේෂණ කණ්ඩායම” පෙන්වා දෙයි.
වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න
https://www.cnbc.com/2021/01/07/israels-covid-vaccine-rollout-is-the-fastest-in-the-world.html
https://www.timesofisrael.com/cabinet-to-vote-on-banning-all-international-flights-amid-new-virus-strain-fears/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...