දූෂණ චෝදනාවකට නියමවූ අත්හිටවූ සිර දඬුවම් කොන්දේසි උල්ලංඝණය කිරීමේ හේතුවෙන් අත් අඩංගුවට පත් වූ රුසියානු විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවල්නි නිදහස් කරණ ලෙස ඉල්ලා මොස්කව් නුවර පුෂ්කින් චතුරශ්‍රයේ පැවැත්වීමට සූදානම් වූ විරෝධතාවය නවත්වා සාමකාමීව විසිර යන ලෙස රුසියානු පොලීසිය විසින් ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගනිමින් ඉල්ලිම් කරත්දී යම්කිසි උණුසුම්කාරී තත්වයක් ඇති වුවද එය සාමකාමීව පාළනය කරගැනීමට රුසියානු පොලීසිය සමත් වූ බව වාර්තා වෙයි.
නමුත් එම සිදුවීම් උපයෝගී කරගනිමින් රුසියාවේ ඇමරිකානු තානාපති කාර්‍යයාලයේ මාධ්‍ය ප්‍රකාශිකා විසින් කර ඇති ප්‍රකාශයක් නිසා දැන් ඇමරිකාව සහ රුසියාව අතර තානාපති අර්බුදයක් ඇතිවී තිබේ.
ඇය ප්‍රකාශ කරන්නේ එය මාධ්‍යවේදීන් සහ විරෝධතාකරුවන්ගේ සාමකාමී රැස්වීමක් බළධාරීන් විසින් සැලසුම්ගතව මර්ධනය කර ඔවුන්ගේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් බවයි.
නමුත් රුසියාවේ ඇමරිකානු තානාපති එම පිරිස හඳුන්වා තිබෙන්නේ “ඔවුන් කළහකාරී පිරිසක්” ලෙසයි.
කෙසේ වුවද ඇයගේ එම ප්‍රකාශයට එරෙහිව තදබල ප්‍රතිචාරයක් දක්වමින් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනවල වොෂින්ටන් නුවර කැපිටෝල් ගොඩනැගිල්ල ආශ්‍රිතව සිදුවූ විරෝධතාවයන් වලදී සිදු වූ ඝාතන පිළිබඳව හෝ විරෝධතාකරුවන් 100කට අධික පිරිසක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව හෝ ඇය නිකුත් කර ඇති කිසිදු නිවේදනයක් සොයාගැනීමට නොහැකි බවයි.
එමෙන්ම මෙම ප්‍රකාශය ඇමරිකාවේ කුහක සහ කෛරාටික බව පෙන්වන තවත් අවස්තාවක් බවත් අන් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ වලට මැදිහත් නොවී තම රටේ අර්බුධ විසඳාගැනීමට උනන්දු වන ලෙසත් ඔවුන් ඇමරිකාවට දන්වා ඇත.
#Moscow police detain Navalny supporters staging unsanctioned rally to demand release of jailed opposition figure https://t.co/pVO9uR13Zk pic.twitter.com/J4yXHy4BvY
— RT (@RT_com) January 23, 2021
#Moscow: Supporters of jailed Russian opposition figure Alexei Navalny gather for an unauthorised demonstration pic.twitter.com/YwUT8dggUS
— RT (@RT_com) January 23, 2021
Protesters detained at rallies in support of jailed opposition figure Alexey Navalny in Russia’s Far East & Siberia
VIDEOS: https://t.co/ACWJr4KuzY pic.twitter.com/eLbVJ6WMf9
— RT (@RT_com) January 23, 2021
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
https://www.rt.com/russia/513213-navalny-supporters-protest-arrest/
https://www.rt.com/russia/513447-navalny-protest-washington-slam/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...