ප‍්‍රධාන පුවත්

විද්‍යාත්මක පදනමක් මත ද්වීපාර්ශවීය එකඟතාවයන් මගින් විදේශ රටවල් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට රුසියාව කටයුතු යොදා ඇති අතර ඒ අනුව හෙට (27) දින සිට ඉන්දියාව, ෆින්ලන්තය, වියට්නාමය සහ කටාර් රාජ්‍යය සමග මොස්කව් සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට එරට උප අගමැතිණි තත්යානා ගොලිකෝවා මහත්මියගේ සභාපතිත්වයෙන් ඇති හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

ජනගහණයෙන් ලක්ෂයකට සති දෙකක් තුළ නව කොවිඩ් ආසාදිතයින් 40කට වඩා අඩුවෙන් වාර්තා වන රටවල් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට බළධාරීන් විසින් ගත් තීරණයකට අනුව සතියකට වාර දෙක බැගින් ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර, වියට්නාමයේ හැනෝයි අගනුවර සහ ඉන්දියාවේ දිල්ලි නුවර අතරත් සතියකට වාර තුන බැගින් කටාර්හි දෝහා අගනුවර වෙතත් මොස්කව් නුවර සිට ගුවන් ගමන් ආරම්භ වේ.

පසුගිය දෙසැම්බරයේ සිට රුසියාව තම පුරවැසියන්ට සංචාරය සඳහා රටවල් 20කට පමණ අවසර දී ඇති අතර පසු ගිය මාස දෙක ඇතුලත පිළිවෙලට ඊජිප්තුව, මාලදිවයින, ටැන්සානියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත වැඩිම වශයෙන් රුසියානුවන් සංචාරය කර ඇති බව ද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More