ද්වීපාර්ශවීය සබඳතා වර්ධනය, න්‍යෂ්ඨික අවි ව්‍යාප්තිය පාළනය සහ කොවිඩ් – 19 වසංගතයට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවය යන කරුණු මුල්කරගනිමින් ඊයේ (26) දින රුසියානු ජනාධිපති පුටින් සහ ඇමරිකානු නව ජනාධිපති බයිඩ්න් අතර පැවති ප්‍රථම දුරකථන සාකච්ඡාව ඉතා ඵළදායී බව වාර්තාවේ.
ආරම්භයේදීම බයිඩ්න්ගේ නව පත්වීමට සුභාශිංසන එක්කළ පුටින්; ගෝලීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගැනීමේදී රුසියාවට සහ ඇමරිකාවට පැවරෙන භාරදූර වගකීම ගැන සලකා බැලීමේදී රටවල් දෙක අතර ද්වීපාර්ශවීය සහයෝගීතාවය වර්ධනය කරගැනීම රුසියාවට සහ ඇමරිකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම වැදගත් කාරණයක් වන බව බයිඩ්න්ට පැහැදිළි කර දී තිබේ.
2019 අගෝස්තු 02 දින එවකට ජනාධිපති ට්‍රම්ප් විසින් අත්තනෝමතික ලෙස න්‍යෂ්ඨික අවිහරණ ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසු ඇතිවූ අර්බුධකාරී වාතාවරණය හමුවේ එක් බොත්තමක් තදකිරීමෙන් ලොවම විනාශ වී යෑමේ අනතුරුදායක තත්වයක් නිර්මාණය වූ අතර එළඹෙන පෙබරවාරි මාසයේදී නැවතත් එම ගිවිසුම සක්‍රීය කිරීමට දෙපාර්ශවය ගිවිස ගැනීම මෙම දුරකථන සංවාදයේ අග්‍රඵලය ලෙස හැඳින්විය හැකි බව ගෝලීය සාමය පිළිබඳ ලංකා ලීඩ් පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/513700-putin-biden-first-call-normalization/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...