කොවිඩ් වසංගතයට තිරසාර ඖෂධයක් හෝ එන්නතක් සොයා ගන්නා තුරු තම රට විදේශිකයන්ට හා සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කරනු ලබන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) විසින් පසුගිය 25 වැනිදා එරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේය. මෙම තහනම නවසීලන්තයේ වෙසෙන විදේශිකයන්ට හා එරට වැසියන්ට බලනොපානු ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් “නවසීලන්තය සාමාන්‍ය තත්වයට පත්වූවා යැයි සැලකිය හැක්කේ සමස්ථ ලෝකය සාමාන්‍ය තත්වයට පත්වූ දිනට පමණි. දැනට ලෝකය පුරා පවතින වසංගත තත්වය පිළිබඳව විමසා බලද්දී හා ජාත්‍යන්තර තලයේ එන්නත් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවයත් නිසා බොහෝ විට 2021 වර්ෂයේ විශාල කාලයක් පුරා රටේ ගුවන් සීමා වසා දැමීමට රජය තීරණය කළා. ආර්ථික අරමුණු වලට වඩා සමස්ථ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍යය වඩා වැදගත් ” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
මාස දෙකකට පසු පළමු කොවිඩ් රෝගියා පසුගිය සති අන්තයේදී සොයාගත් පසු රජය මෙම තීරණය ගත් බව නවසීලන්තයේ වඩාත් ජනතා ගෞරවයට පත් රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන අගමැතිණි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) පවසන්නීය. රෝගී බවට පත් වූ කාන්තාව දකුණු අප්‍රිකාවෙන් මතු වූ කොවිඩ් විභේදයෙන් අසාධ්‍ය තත්වයට පත් වූ රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ.
එරට සමස්ථ ආර්ථිකයෙන් 20% උපයා ගැනෙනුයේ කෘෂි හා මස් නිෂ්පාදන අපනයනය කිරීමෙන් වන අතර දෙවන අදායම ලෙස වාර්තාවනුයේ සංචාරක කර්මාන්තයයි. සංචාරක කේෂ්ත්‍රය එරට දළ ජාතික නිෂ්පාදනයට ඩොලර් බිලියන 12.8ක දායකත්වයක් ලබා දේ. මිලියන 5 කින් යුත් එරට ජනගහණයෙන් 9% ක් එනම් ලක්ෂ දෙකක ශ්‍රම බලකායක් එම ක්ෂේත්‍රයේ සේවය කරති. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රට වසා දැමීමෙන් සංචාරක ව්‍යාපාරයේ නියුතුව සිට රැකියා අහිමිවූ මෙම ශ්‍රමිකයන්ට වැටුප් ගෙවනු ලබන්නේ නවසීලන්ත රජය විසිනි.
කොවිඩ් වසංගතය නිසා පිඩා විඳින අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස නිරතුරුවම නවසීලන්තයට පැසසුම් හිමි වන අතර මේ වනවිට එරටින් මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු වන අතර රෝගය වැළඳුනු ප්‍රමාණය 2000ක් ලෙස වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...