විදේශ පුවත්

දේශපාලන අර්බුදයට තිරසාර විසඳුමක් දෙපාර්ශ්වය විසින් සාකච්ඡා මගින් ලබාගන්නා තුරු වෙනිසියුලාවේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක Juan Guaido එරට ජනාධිපතිවරයා ලෙස පිළිනොගන්නා බව එක්සත් යුරෝපයේ (UE) විදේශීය කටයුතු පිලිබඳ කොමසාරිස් Josep Borell සඳහන් කරයි.

2019 ජනවාරි 25 වැනිදා වෙනිසියුලාවේ විපක්ෂය බහුතරයක් වන එරට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගන්නා Juan Guaido තමන් ඡන්දයෙන් පත්වූ නිත්‍යානුකුල ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. 2018 මැයි මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණය දුෂිත බවත් මදුරෝගේ පත්වීම නීතිවිරෝධී බව පවසමින් විපක්ෂය රට පුරා උද්ඝෝෂණය කැඳවන ලදී.

එහි ප්‍රථිපලයක් ලෙස රට පුරා ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුද රාශියක් රට තුල ඇති වූ අතර ඇමරිකාව හා නේටෝ රටවල් 50ක් වෙනිසුලාවට එරෙහිව සම්බාධක පැනවීම නිසාත් රටෙහි ප්‍රධාන නිෂ්පාදනයක් වන බොරතෙල් සඳහා ලෝක වෙළඳපලේ මිල අඩු වීමත් මත අර්බුදය තවත් උග්‍ර විනි. වෙනිසුලාව එරට ආර්ථිකයෙන් 95% උපයාගනුයේ තෙල් අපනයනයෙනි.

මෙම මස ජනවාරි 25 වැනිදා රැස්වූ එක්සත් යුරෝපයේ විදේශ අංශය ලෙස සැලකෙන යුරෝපීය කවුන්සලය තීරණය කරනු ලැබුවේ වෙනිසුලාවේ නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් හා මහා මැතිවරණයක් පවත්වනතුරු Juan Guaido එරට ජනාධිපතිවරයා ලෙස නොපිළිගන්නා බවයි.

“වෙනිසුලාවේ ව්‍යවස්ථාව අනුව Juan Guaido අවම වශයෙන් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්වත් නොවේ. ඔහුගේ තනතුර සංකේතාත්මක තනතුරක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදිව තම තනතුරේ නිත්‍යානුකුලභාවය සහතික කරගැනීමේ උත්සහය පසෙකලා ඔහු වෙනිසුලාවේ අරාජික තත්වයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම සියළු කාරනා සැලකිල්ලට ගනිමින් යුරෝපීය කවුන්සිලය මෙම තීරණය ගනු ලැබුවා” එක්සත් යුරෝපයේ විදේශීය කටයුතු පිලිබඳ කොමසාරිස් Josep Borell වැඩිදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් හා අසල්වැසි කොලොම්බියාව තවදුරටත් Juan Guaido එරට ජනාධිපති ලෙස පිළිගනී. එක්සත් යුරෝපයේ මෙම ස්ථාවරය වෙනිසුලා සමාජවාදී ජනාධිපති නිකොලායි මදුරෝ ලැබූ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

පසුගියදා එනම් ජනවාරි 23 වැනිදා නිකොලායි මදුරෝ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම බොලිවරියානු විප්ලවීය රජය සමග සංවාදයෙන්, සුහදතාවයෙන්, හා ගරුත්වයෙන් යුතුව, එකිනෙකාගේ අදහස් වටහාගැනීම් මත, නව සම්බන්ධතා ඇතිකරගැනීමට ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට ආරාධනා කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More