ප‍්‍රධාන පුවත්

දෙකෝටි හැට ලක්ෂයක් කොවිඩ් – 19 රෝගීන් වාර්තාවී ඉන් හාර ලක්ෂ හතලිස් දහසක් මියගොස් වසංගතයෙන් දරුණුවටම පීඩා විඳින ලොව අංක එකේ රාජ්‍යය බවට පත්වී ඇති ඇමරිකාවේ මේ වනවිට ෆයිසර් බයෝ එන් ටෙක් (PfizerBioNTech) සහ මොඩර්නා (Moderna) එන්නත් මගින් සමූහ එන්නත්කරණය එරට ආරම්භ කර තිබේ.

නමුත් එම එන්නත් නිසා විශාල පිරිසකට සංකුලතා සහ අතුරු ආබාධ ඇතිවී තිබෙන බවට මෙන්ම මේ වනවිට එම එන්නත් නිසා 55 දෙනෙකු මියගොස් ඇති බවට ද පළවන වාර්තා අතරට එන්නත ලබාගැනීමෙන් පසුව ද කොවිඩ් 19 වෛරසය වැළඳුන රෝගීන් පිළිබඳව ද වාර්තාවීමට පටන්ගෙන තිබේ.

එහි නවතම ප්‍රවෘත්තියක් වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඩිමොක්‍රැටික් පාක්ෂික කොංග්‍රස් සභික ස්ටෙෆන් ලින්ච් (Stephen Lynch) මෙම එන්නත් ලබාගැනීමෙන් සති කිහිපයක් ඉක්මයෑමෙන් පසුව ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමයි.

ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂිකා මොලී රෝස් තාර්පෙයි (Molly Rose Tarpey) පවසන්නේ ඔහු මේවනවිට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://sputniknews.com/us/202101311081933815-us-congressman-tests-positive-for-covid-19-after-receiving-two-pfizer-vaccine-shots/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More