ජර්මානු නාසි හමුදාව පරාජය කිරීමේ රුසියානු ජයග්‍රාහී දිනය මැයි 9 දාට යෙදී ඇත. රුසියාව එම ජයග්‍රාහී දිනයේදී සිය හමුදා ශක්තිය විදහාලමින් මොස්කව්හි රතු චතුරස්රයේ ආචාර පෙළපාලියක් පවත්වමින් දිවි පිදූ සිය සෙබළුන්ට ප්‍රණාමය දක්වති. මෙදින රුසියාවේ ජාතික නිවාඩු දිනයකි. මෙවර ජයග්‍රාහී දිනය සැමරීම සඳහා රුසියාව සිය අලුත්ම යුද රථ ජනතාව වෙත එළිදක්වනු ලැබීය. දෙවැනි ලෝක යුද්ධයේදී බලවත් නාසි හමුදාව මුළුමනින්ම පරාජය කිරීමට සෝවියට් හමුදාවට හැකි විය. ජර්මනිය පරාජය වීමේ ලියවිල්ල µSල්ඩ් මාර්ෂල් විල්හෙල්ට් කෙයිටල් විසින් සෝවියට් මාර්ෂල් ග්‍රෙගරි ෂුකොව් වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ජර්මන් හමුදාව පරාජය කිරීමේ ජයග්‍රාහී දිනයට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ මෙහෙයවීම මත මහා පරිමාණයෙන් සැමරීමට ක්‍රියාකර ඇත.
ලෝක ඉතිහාසය පිළිබඳව විමර්ශනය කරන විට හිට්ලර්ගේ බලසම්පන්න ජර්මන් හමුදාව විසින් සෝවියට් හමුදාව පරාජය කරනු ඇතැයි බලාපොරොත්තු විය. එහෙත් ලෙනින්ග්රාස්ට් නගරයේදී මුළු ජර්මන් හමුදාව පරාජය විය.
රුසියානු ජයග්‍රාහී දිනය සැමරීමේ ආචාර පෙළපාලියට බක් මිසයිල විශේෂය සහ වෙනත් නවීනතම යුද රථ මෙන්ම අන්තර් මහද්වීපික මිසයිල එල්ල කළ හැකි යුද රථ ද ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇත. මේ ජයග්‍රාහී ආචාර පෙළපාලිය ජර්මනිය අමනාප වේ යයි සිතමින් නතර කිරීමට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් කටයුතු කළේ නැත. මෙයට වසරකට පෙර ජනාධිපති පුටින් පැවසුවේ සතුරන් පරාජය කිරීම සැමරීමෙන් සෙබළුන්ගේ ශක්තිය වර්ධනය වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...