දේශීය පුවත්

ඊයේ (01) දිනයේ දී අඛන්ඩව දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 101.0 කින් ඊයේ දිනයේ දී පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 8,567.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.17% ක පහළ යාමක් බව පැවසේ. කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියළු කොටස් දර්ශකයන්ගේ දැවැන්ත මිළ පහළ යාමක් පසුගිය ජනවාරි 29 දිනයේ දී ද දක්නට ලැබුණි. එය ඒකක 143.94 ක දැවැන්ත පහළ යාමක් බව පැවසේ.
මේ අතර S&P SL20 දර්ශකය ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 75.03 කින් පහළ ගොස් ඒකක 3,439.15 ක් ලෙසින් සනිටුහන් වූ බව පැවසේ.

ඊයේ දිනය තුළ දැකිය හැකි වූ සුවිශේෂී සිදුවීම නම් රු. බිලියන 23.75 ක දැවැන්ත පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා වීමයි. ඒ සඳහා වැඩි දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසාගනු ලැබූ (crossings) ගනුදෙනු කිහිපයක් හරහා ලැබී තිබුණි. එහිදී ගනුදෙනු 5 ක් හරහා කොටස් 2,634,352,470 ක් කොටසක් රු. 6.40 බැගින් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 16.85 ක පිරිවැටුමක් එමගින් ජනනය වී තිබුණි. ඊයේ දින සාමාන්‍ය ගනුදෙනු තුළින් වැඩි දායකත්වයක් දෛනික පිරිවැටුමට ලැබී තිබුණේ LOLC හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනු මගිනි. එය රු. බිලියන 1.37 කි.

ඊයේ දිනය තුළ දී සමාගම් 55 ක කොටස් මිල ගණන් ඉහළ යද්දී සමාගම් 153 ක කොටස් මිල ගණන් පහළ යන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More