ඊයේ රාත්‍රියේ මියන්මාරයේ හමුදාව බලය අතට ගත්තා. මියන්මාර ජනාධිපති, රාජ්‍ය උපදේශිකා (අගමැතිණිය වැනි) සු චී මැතිණිය හා තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලය ජෙනරාල් මින් අවුන් ලේන්ට පවරා දී ඇති අතර හිටපු උපජනාධිපති මින් ස්වේ මහතා තාවකාලික ජනාධිපති ලෙස කටයුතු කරනවා. ඒ අතර සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.
හමුදාව අවුරුද්දක් බලපාන අයුරින් හදිසි නීතිය පනවා තියෙනවා. සු චී මැතිණියගේ පක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා තියෙනවා නීතියට ගරු කරමින් සාමකාමී ව සිටින ලෙස. මියන්මාරය පුරා සාමය පවතින අතර කැරළි කෝළාහල ගැන වාර්තා වන්නේ නැහැ.
එහෙත් බැංකු හා මුදල් මාරුකරන පුද්ගලයන් තම කාර්යයෙහි නිරත වන්නේ නැහැ. සමහර වෙළෙඳසල් වසා දමලා. එහෙත් භාණ්ඩ මිළ දී ගැනීමෙහි ලා ප්‍රශ්නයක් නැහැ. ලෝකයෙහි ඕනෑම තැනක සිදුවන පරිදි මිනිසුන් ආහාර රැස්කිරීමට උනන්දුවක් දක්වනවා.
හමුදාව බලය ලබා ගැනීම ගැන කසුකුසුවක් දැන් දින කිහිපයක සිට ම පැවතුණා. එයට මූලික හේතුව පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ ප්‍රතිඵලය හමුදාවට සහාය දක්වන පක්‍ෂය නො පිළිගැනීමයි. සු චී මැතිණියගේ පක්‍ෂය මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබුවා. එහෙත් අනෙක් පක්‍ෂය කියා හිටියේ මැතිවරණ දූෂණ තිබුණු බවත් තමන්ට එවැනි දූෂණ දසලක්‍ෂයක් පමණ ඉදිරිපත් කළ හැකි බවත් ය.
මියන්මාර මැතිවරණ කොමිසම ඒ චෝදනාව ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් හමුදාවත් කියා සිටියේ දූෂණ තිබූ බවයි. මේ ගැටුම උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ හමුදාව බලය ගැනීමට කටයුතු කරන්නේ දැයි ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා ප්‍රකාශකයා කියා සිටියේ එය නොවිය හැක්කක් නොවන බව ය. එහෙත් බොහෝ විශ්ලේෂකයන් කියා සිටියේ හමුදාව සු චී මැතිණියගේ පක්‍ෂය බිය වැද්දීම සඳහා එවැනි ප්‍රකාශයක් කරන්න ඇති බව ය.
එහෙත් එක්සත් රාජ්‍ය, එක්සත් රාජධානිය හා යුරෝපීය සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ක්‍රියා කරන ලෙස ය. සති අන්තයේ ඇතැම් ප්‍රදේශවල හමුදාවට පක්‍ෂ පෙළපාලි පැවැත්තුණා. නොවැමබර් මැතිවරණයෙන් පසු අලුත් පාර්ලිම්න්තුව මුලින් රැස්වීමට තිබුණෙ අද එනම් පෙබරවාරි පළමුවැනි දා. එහෙත් දෙපාර්ශ්වයේ ම එකඟත්වයෙන් එය දෙවැනිදාට කල් ගියා.
ඒ අතර තමයි පළමුවැනිදාට එළිවෙන යාමයේ හමුදාව බලය අල්ලා ගත්තේ. දශක කිහිපයක හමුදා පාලනයකින් පසු පළමු වරට සිවිල් ආණ්ඩුවක් ඇති වුණේ සු චී මැතිණියගේ නායකත්වය යටතේ දැනට වසර පහකට පෙර. එහෙත් මියන්මාර ව්‍යවස්ථාව අනුව හමුදාවට පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් හිමි වෙනවා. උප ජනාධිපති දෙදෙනාගෙන් එක අයකු හමුදාවෙන් වෙන්න ඕන.
එමෙන් ම රටේ ආර්ථිකය ද හමුදාවේ නිලධාරීන්ගේ අධීක්‍ෂණයට යටත් වෙනවා. එහෙත් විදේශ කටයුතු අධ්‍යාපනය ආදී අමාත්‍යාංශ ඇත්තේ සු චී මැතිණියටයි ඇගේ පක්‍ෂයේ සාමාජිකයන්ටයි. මේ තත්වය යටතේ හමුදාව හා සිවිල් පාලනය අතර යම් ගැටුමක් තිබුණා. එය තවදුරටත් සමනය කිරීමේ තත්වයක් නැති වූ බවයි අද සිද්ධියෙන් කියැවෙන්නේ.
මියන්මාරයේ ජනවර්ග සිය ගණනක් තියෙනවා. ඉන් දහයක් පමණ ප්‍රධානයි. එහෙත් එකක දෙකක හැර හැම ජනවර්ගයක ම ප්‍රධාන ආගම ථෙරවාද බුද්ධාගම. ලංකාවෙන් ගෙනා සිංහල බුද්ධාගම. ජනතාවගේ ජාතිකත්වයක් තියෙනවා. එය ලංකාවට වඩා වැඩියි.
මේ විස්තරයට වැඩි යමක් කිරීමට මා බලපොරොත්තු වන්නේ නැහැ. බටහිර රටවල් ඇහැත් කණත් පියාගෙන සිටී විය කියා බලාපොරොත්තු වෙන්න බැහැ. හමුදාව ඒ නොදැන ඉන්න විධියකුත් නැහැ.
මියන්මාරය, ප්‍රජාතන්ත්‍රවාදය හා වාර්තාකරුවෝ
මා ඊයේ පළ කළ මියන්මාර පෙරළිය ලිපියට ඇතැමුන් දක්වා තිබූ ප්‍රතිචාර කියවීමෙන් පසු මට ප්‍රශ්න දෙකක් ඇති වුණා. පළමුව මහාචාර්යවරයකු හා වාර්තාකරුවකු අතර ඇති වෙනස කුමක් ද යන්න. දෙවැනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද යන්න. මේවා දැවෙන ප්‍රශ්න නොවන්න පුළුවන්. ඒත් ඉතින් ප්‍රශ්න.
ඊයේ මට වෙලාවක හිතුණෙ මියන්මාර වැසියන්ට වඩා ලංකාවෙ සිංහලයන් මියන්මාර හමුදාව බලය අත්කර ගැනීම ගැන කලබල වෙලා ද කියල. ඊයෙ උදේ පැය කිහිපයකට දුරකතන හා අන්තර්ජාල පහසුකම් නතර කරල තිබුණ. මියන්මාරයෙ ලංකාවෙ අය දෙසිය පනහක් පමණ ඉන්නෙ. ඔවුන්ගෙ ලංකාවෙ ඉන්න ඥාතීන් ඒ අතර කලබල වෙලා තිබුණ. ඒක සාධාරණයි. දැන් නම් රට ඇතුළෙ තත්වය සාමාන්‍ය අතට හැරිල. ඒත් ගුවන් ගමන් තහනම් කරල කියනවා.
හමුදාව ඊයෙ බලය අරගෙන තියෙන්නෙ හොඳට කල්පනා කරල සූදානමින් බව පැහැදිලියි. හමුදාව බලය ගැනීමට විරුද්ධව බලවේග මතුවන බව නොදැන සිටින්න බැහැ. විශේෂයෙන් ම බටහිර රටවලින්. දැනටමත් ඒ විරුද්ධත්වය ප්‍රකාශ වෙලා. එහෙත් හමුදාව එයට සූදානම් ව ඉන්න ඇති. චීනය කියා ඇත්තේ හමුදාව බලය ගැනීම මියන්මාරයේ අභ්‍යන්තර කටයුත්තක් කියල. තායිලන්තය, පිලිපීනය, කාම්බෝජය, ලාඕසය, සිංගප්පූරුව වගේ රටවලත් ස්ථාවරය එයට සමීපයි.
හමුදාව බලය ගැනීම හා හදිසි නීති පැනවීම මියන්මාරයේ 2008 ව්‍යවස්ථාව අනුව සිදු වී තියෙන බවයි කියන්නෙ. එහි 417 හා 418 වැනි වගන්ති මෙසේයි.
417. If there arises or if there is sufficient reason for a state of emergency to arise that may disintegrate the Union or disintegrate national solidarity or that may cause the loss of sovereignty, due to acts or attempts to take over the sovereignty of the Union by insurgency, violence and wrongful forcible means, the President may, after co-ordinating with the National Defence and Security Council, promulgate an ordinance and declare a state of emergency. In the said ordinance, it shall be stated that the area where the state of 167 emergency in operation is the entire Nation and the specified duration is one year from the day of promulgation.
418. (a) In the matter concerning the declaration of the state of emergency according to Section 417, the President shall declare the transferring of legislative, executive and judicial powers of the Union to the Commander-in-Chief of the Defence Services to enable him to carry out necessary measures to speedily restore its original situation in the Union. It shall be deemed that the legislative functions of all Hluttaws and leading bodies shall be suspended from the day of declaration. It shall also be deemed that on the expiry of the term of the said Hluttaws, the relevant Hluttaws have been dissolved automatically.
(b) Notwithstanding anything contained in the Constitution, commencing from the day of transfer of the sovereign power to the Commander-in-Chief of the Defence Services, it shall be deemed that the members appointed and assigned duties by approval of the relevant Hluttaws in accord with the Constitution, Self-Administered Division Leading Bodies or the members of Self-Administered Zone Leading Bodies, with the exception of the President and the Vice-Presidents, have been terminated from duty.
Hluttaws – Parliament in Myanmar Language
හමුදාවේ ස්ථාවරය නොවැම්බර් මැතිවරණය දූෂිත බැවින් එවැනි මැතිවරණයකින් පත්වන ආණ්ඩුවක් ව්‍යවස්ථා විරෝධී බවයි. හමුදාවට අනුව ඔවුන් බලය අත්කරගෙන ඇත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් දූෂිත මැතිවරණයකින් ආණ්ඩුවක් බලයට පත්වීම වැළැක්වීමට. හමුදාව බලය ගන්න අවස්ථාවෙ මියන්මාරයෙ පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැ. පරණ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙලා.අලුත් පාර්ලිමේන්තුව රැස්වෙලා තිබුණෙ නැහැ. රැස්වෙන්න නියමිත ව තිබුණු දා (පෙබරවාරි පළමුවැනි දා) අලුයම තමයි බලය ගත්තෙ. මා එතැනින් එහාට මොකුත් කියන්නේ නැහැ. මියන්මාර රජයේ කටයුතු විශ්ලේෂණය කිරීමට මට නොහැකියි.
මහාචාර්යවරයකු හා වාර්තාකරුවකු අතර ඇත්තේ සුළු වෙනසක්. මහාචාර්යවරයකු පිටු දෙතුන්සීයක වාර්තාවක් ඊනියා මූලාශ්‍ර සහිතව අවුරුදු තුනක පමණ කාලයක දී ඉදිරිපත් කරනවා. වාර්තාකරුවකු අඟල් තුනහතරක වාර්තාවක් පැය බාගයකට අඩු කාලයක දී ඉදිරිපත් කරනවා. මා නම් මහාචාර්යවරයකු ව සිටියේ නිල වශයෙන් පමණයි. 2011න් පසු මා මහාචාර්යවරයකු නොවෙයි. මා වාර්තාකරුවකු ද නොවෙයි. එහෙත් මියන්මාරයේ ලංකා තානාපති ලෙස මට මියන්මාර දේශපාලනය ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරන්න බැහැ.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද කියන එක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ මොකක් ද කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ බටහිරයන් විසින් වූ බටහිරයන් සඳහා වූ බටහිරයන්ගෙ ආණ්ඩුවක්. රටක ආණ්ඩුව එවැන්නක් නොවූ විට ඒ පෙරළා දැමීම බටහිරයන්ගේ යුතුකමක් හා වගකීමක්. ලංකාවේ පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කරන්න.
ආචාර්ය නලින්ද සිල්වා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...