ශ්‍රී ලංකාව, පෙබරවාරි 04 දින සමරණ නිදහස් දිනය වෙනුවෙන් ශුභාශිංශන එක් කරමින් සුභ පැතුම් පණිවිඩයක් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය විසින් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පළවේ.
පළමුව පෘතුගීසි ආක්‍රමණයෙන් ද පසුව ලන්දේසි ආක්‍රමණයෙන් ද දීර්ඝ කාළයක් පාළනය වූ ඉතා මිත්‍රශීලී ශ්‍රී ලාංකික ජනතාව අවසානයේ ශත වර්ෂයකට අධික කාළයක් බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයින්ගේ පාළනයෙන් 1948 දී නිළ වශයෙන් නිදහස උරුම කර ගැනීමට සමත් විය.
නූතන ශ්‍රී ලංකාව ඔවුන්ගේ ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පදනම ආරක්ෂා කරගැනීම පිළිබඳ ලෝකයේ ගෞරවය උරුම කරගෙන ඇත. එම පුරවැසියන් ඔවුන්ගේ අතීත ශ්‍රී විභූතිය සම්බන්ධයෙන් පමණක් නොව ඔවුන් ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ සාක්ෂාත් කරගෙන ඇති සාර්ථකත්වය පිළිබඳව ද නිවැරදි ලෙස ආඩම්බර වීම අගය කරන්නෙමු.
ඉතාම ඉහලතම මට්ටමේ සිට දේශපාලන සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනෙකුත් බහු පාර්ශවීය ජාත්‍යන්තර වේදිකාවලදී රුසියානු ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සහයෝගීතා සබඳතා ආරම්භයේ සිටම අඛන්ඩව සහ ශක්තිමත්ව පවත්වා ගැනීමට අප සමත් වීමු.
ශ්‍රී ලංකා තේ සඳහා රුසියානුවන්ගේ ඇති ඇල්ම ප්‍රදර්ශනය කරමින් ප්‍රධානතම ආණයනකරුවෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මනරම් ස්වභාව සෞන්දර්ය සහ සිත් ඇදගන්නා සුලු සංචාරක මධ්‍යස්ථාන රුසියානු සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට සමත් වීම නිසා ගොඩනැඟී ඇති වාණිජ සබඳතා ද දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරයි.
අපගේ මිත්‍රශීලී ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන්ගේ වැදගත්ම දිනයක් සමරණ මෙම අවස්ථාවේ සාමය, සතුට සහ සෞභාග්‍යය ඉත සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...