ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉතා පැහැදිලිවම හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.
ඒකාබද්ද විපක්ෂය තුල විවිධ යෝජනා තිබුනද ගමින් ගමට ගොස් සමීක්ෂණයක් කලහොත් ඔවුනගේ එකම බලාපොරොත්තුව ගෝටාභය රාජපක්ෂ මහතා යයිද ඒ මහතා සදහන් කරයි.
ගෝටාභය රාජපක්ෂ නම් මෙරට පහල වූ අති සුවිශේෂී රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා මේ රට බාරගන්නා දවස එනතෙක් රටේ ජනතාව බලා සිටින බවද ඔහු කියා සිටී.
මීලගට මේ රට බාර ගත යුතු රාජතාන්ත්‍රික, විදග්ග, බුද්ධිමත් නායකයා ගෝටභය රාජපක්ෂ මහතා මිස වෙන කිසිවෙකු නොවන බව තම විශ්වාසය යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...