කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රිතව හටගත් බවට හෝ වෞලන්ගෙන් බෝ වූ බවට සාක්ෂි හමුනොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් නායක පීටර් බෙන් එම්බරෙක් (Peter Ben EmbareK) පවසයි.
වෛරසය, වූහාන්හි පර්යේෂණාගාරයකින් පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෙන් එම්බරෙක් පවසන්නේ වූහාන් වෛරස විද්‍යායතනය හොඳින් සංවිධාන කළ ආයතනයක් බවත් වෛරසය ඉන් පිටවීමේ සම්භාවිතාව ඉතා අඩු බවත්ය.
වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් මේ වනවිට එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වී තිබේ.
කොවිඩ්-19 ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳ පොළෙන් වුවත්, එය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක බවත් වූහාන් වෙළෙඳපොළ ආශ්‍රිතව එය හටගත් බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බවත් විශේෂඥ ලියෑන් වැන්නියන් (Liang Vannian) සඳහන් කරයි.
බළලුන්ට සහ මින්ක් සතුන්ට මෙම වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවය වැඩි බැවින් එම සතුන්ගෙන් අනෙකුත් සතුන් හට මෙය බෝවූවා යයි සැක කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
වීඩියෝ සහිත තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rnz.co.nz/news/world/436094/covid-19-who-team-brief-media-on-wuhan-findings
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...