අතීතයේදී මෙරට වගා කටයුතු සඳහා භාවිත කරන ලද පාරම්පරික සහල් වර්ග ගණනාවකි. එවැනි සහල් වර්ග 2155ක නාමාවලියක් පියසේන කහඳගමගේ ශූරීන් විසින් රචිත “කෙතක මහිම – කුඹුර” නම් ග්‍රන්ථයේ ඇතුළත් කොට ඇත.
සියවස් ගණනාවක් තිස්සේ මෙරට පරිසර තත්ත්වයන්ට අනුව හැඩගැසීමෙන් ඉස්මතු වූ ප්‍රබල ජෛව ලක්ෂණ මේ වී ප්‍රභේද තුළ තිබිණි. නියඟය, පෝෂක ඌනතා, ගංවතුර, පළිබෝධකයන්, ව්‍යාධිජනකයන්, පසේ ලවණතා, ආම්ලිකතා, ආදී විෂම පරිසර තත්ත්වයන්ට මනා ලෙස ඔරොත්තු දීමේ හැකියාව සහිත වී ප්‍රභේද ඒ අතර විය. ඒ නිසාම ඒවා වගා කිරීමට කුඹුරුවලට ටොන් ගණන් වස විස හෙළීමට අවශ්‍ය වූයේ නැත.
පරිසරයට ඔරොත්තු දීමේ හැකියාවට අමතරව, මේ වී වර්ගවල සෞඛ්‍ය විද්‍යාත්මක වැදගත්කමද බෙහෙවින් ඉහළය. ශරීරයේ මනා ක්‍රියාකාරිත්වයට මෙන්ම දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී රෝග ගණනාවක් පාලනය සහ මැඩපැවැත්වීම සඳහා ඒවායින් ලද හැකි ප්‍රයෝජන රාශියක් තිබිණි.
ජර්මනියේ ළම්බෙර්ට් ඇශඩෙමිශ් ඵුබ්ලිශින්ග් නමැති ජාත්‍යන්තර ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ, ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර විසින් රචිත Hඒල්ත් Fඌඩ් ඵ්‍රොපෙර්ටීස් ඔෆ් ඨ්‍රඩිටිඔනල් Rඉශෙ ඉන් Sරි ළන්ක නම් කෘතියක් වෙයි. එහි පිටු 392කි. ලංකාවේ පාරම්පරික සහල්වල ඇති ප්‍රබලතා ගැන ඔවුන් කළ පර්යේෂණයක වැදගත් තොරතුරු රාශියක් එහි ඇතුළත්ය.
මේ පර්යේෂණයට, පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ ද, ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේද සහාය ලැබී තිබේ. ඒ අනුව මෙය බටහිර විද්‍යාවේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කළ පර්යේෂණයකි. ඒ නිසාම පසුගාමී දූපත්වාසී සිංහලයාගේ දැනුම පිළිබඳ සැක සංකා මතු කරන අයට මෙවැනි කෘති තුළින් ඔවුන් ඉල්ලා සිටින ආකාරයේ විද්‍යාත්මක පිළිතුරක් සපයා ගත හැකිය.
1963 වසරේ පැවති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කෘෂිකර්ම සංවර්ධනය සඳහා ලෝක වැඩපිළිවෙළක් හඳුන්වා දුන් අතර, එය “හරිත විප්ලවය” යනුවෙන් පොදුවේ හැඳින්විණි. රොකෆෙලර් සහ ෆෝඩ් නමැති බහුජාතික සමාගම් එහි ප්‍රධාන වැඩ කොටසක් ඉටුකළේය.
මේ යටතේ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය පිලපීනයේ පිහිටවූ අතර, ලෝකය පුරා රටවල ඇති සම්ප්‍රදායික වී වර්ග සොරාගැනීමේ ක්‍රියාදාමය ඒ යටතේ ආරම්භ විය. ඒ ජාන සම්පත් සුරැකීමේ නාමයෙනි. මේ යටතේ ඉන්දියාවේ වී වර්ග 12000ක්, ඇතුළු ආසියාතික රටවල වී වර්ග ගණනාවක් සොරා ගැනුණු අතර ලංකාවේ එම වැඩපිළිවෙළ ආරම්භ වූයේ 1967දීය.
අනතුරුව මේ පාරම්පරික සහල් වර්ග ඇසුරෙන් වැඩි අස්වැන්නක් ලබාදෙන නව වී වර්ග නිපදවා ඒවා ලංකාව වැනි රටවල ගොවීන්ට ලබා දෙන ලදී. ඒවායේ ප්‍රචාරය සඳහා ආකර්ෂණීය වැඩසටහන් රාශියක් දියත් විය. ගැටලුව වූයේ මේ ඊනියා නව වී ප්‍රභේද පොහොර හා පලිබෝධනාශක විශාල වශයෙන් අවශ්‍ය, ඉතා පහසුවෙන් පලිබෝධ උවදුරු ආදියට ගොදුරු වන වී වර්ග වීමය. ඒවා සම්පූර්ණයෙන්ම සකස් කරන ලද්දේ බහුජාතික සමාගම්වල වස විස වෙළෙඳපොළ ඉලක්ක කරමිනි. එසේම මේ බාල වී වර්ගවල බීජ අපටම අලෙවි කිරීමද ඔවුන්ට මහා ලාභ උපයා දෙන ජාවාරමක් විය.
මහාචාර්ය ගාමිණී සේනානායක පෙන්වා දෙන පරිදි 1924 වන විට වී ප්‍රභේද 567ක් පමණ ලංකාවේ ගොවීන් සුලබව වගා කළද අද ඒ සංඛ්‍යාව 5-10ක් දක්වා අඩු වී තිබේ. මේ ආකාරයට ලංකාව ඇතුළු රටවල භාවිතා වූ වටිනා සාම්ප්‍රදායික වී වර්ග ලක්ෂයකට අධික ප්‍රමාණයක් හරිත විප්ලවය තුළ අභාවයට යවන ලදී.
කෙටි කාලීනව ලාභදායක බව පෙනුනද දිගු කාලීනව මේවා දුප්පත් රටවල කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ල කරමින් පැති ගණනාවක අර්බුදවලට එම රටවල් ගොදුරු කරන ලදී.
අපේ වටිනා පාරම්පරික සහල් වර්ග කුඹුරෙන් පලවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපට බොහෝ විට ආහාරයට ගැනීමට සිදුවී ඇත්තේ බහුජාතික සමාගම් විසින් අපට බලෙන් පුරුදු කළ වස විස නැතිවම බැරි සහල් වර්ග පමණි. ඒ උවදුරින් ගැලවීමට නම් අපි වී වගාව ගැන අපේ පැරණි උරුමය, දැනුම නැවත සොයා යමින් ඒවා නූතන තත්ත්වයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කළ යුතු නොවේද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...