ප‍්‍රධාන පුවත්

මියන්මාරයේ දිගින් දිගටම පැවැත්වෙන හමුදා පාලනයට එරෙහි ජනතා විරෝධතා අතර පෙරේදා (09) දින 19 හැවිරිදි පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ලවූ Mya Thwe Thwe Khaing නම් වූ තරුණියගේ තත්වය බරපතළ බව වාර්තා වන අතර ඇයට ඉක්මන් සුවය පතා එරට තරුණ, තරුණියන් විසින් දිගින් දිගටම අධිෂ්ඨාන පූජා පවත්වමින් සිටින බව ද වාර්තාවේ. මෙම වෙඩි ප්‍රහාරය තරුණියගේ හිස පිටුපසට වැදී තිබුණ අතර තරුණියගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත නොහැකි යැයි වෛද්‍යවරුන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම තරුණිය ඇයගේ සහෝදරිය සමඟ සිට ඇති අතර විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබීම ආරම්භ කිරීමත් සමඟ වෙඩි වැදුණු තරුණියව ඇයගේ සහෝදරිය අතින් ඇදගෙන යන්නට හදන අවස්ථාවේ මෙලෙස වෙඩි ප්‍රහාරය වැදී තිබේ.

තම නැගණිය වෙඩි වැදුණු බව තමන් මුලින් නොදැන සිටි බවත්, ඇය තරහින් සිටි නසා ක්ලාන්තය වී වැටෙන්නට ඇති බවත් තමන් සිතූ බව අනතුරුට මුහුණ දුන් තරුණියගේ සහෝදරිය පවසා තිබුණි.

එමෙන්ම ඇයගේ සහෝදරයා විසින් මෙම අනතුරට පෙර සිය සහෝදරිය වෙත දුරකථනයෙන් අමතා ඇති අතර එහිදී සහෝදරයා විසින් විමසා තිබුණේ පොලීසිය වෙඩි තැබුවොත් කුමක් වෙයිද යන්නයි. තරුණිය එයට පිළිතුරු ලබා දී තිබුණේ එසේ නොවෙන බවත්, එසේ වුණත් කමක් නැති බවයි.

මේ වන විට ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මෙන්ම, හමුදා පාලනයට විරෝධය පාමින් දස දහසක් ගණනක පිරිස් හමුදා අණ නොතකා එරට අගනුවර උද්ඝෝෂණවල නිරතව සිටියි.

නවතම වාර්තා සඳහන් කරන්නේ එරට Kayah ප්‍රාන්තයේ පොලිස් නිළධාරීන් හා නිළධාරිණියන් විශාල පිරිසක් මෙම විරෝධතාකරුවන් සමග එක්වී ඇති බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම හමුදා කුමණ්ත්‍රණය හෙළාදැක ඇති අතර ඔහු පවසන්නේ මියන්මාරයට එරෙහි සම්බාධක පැනවීමෙන් නොනැවතී ඉදිරි දැඩි පියවර ගැනීමට ද ඇමරිකාව සූදානම් බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.bbc.com/news/world-asia-56005909

එම තරුණියට වෙඩි පහර එල්ල වන අවස්ථාව පහත වීඩියෝවෙන්

http://



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More