ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සංයුතිය වෙනස් විය.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129 ක් වන අතර (කථානායකවරයා හැර) විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 95 කි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 106 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 23 ක්ද සිටිති.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 55 ක්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 ක්, ජවිපෙ මන්ත්‍රීවරුන් 06 ක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 01 ක්, ඊ. පි. ඩී. පි. එක් මන්ත්‍රීවරයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 ක් සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...