මහනුවර අධිවේගයට බිලිවීමට යන කෲඩියා ශාකය රැුකගනිමු’ යන්නෙන් දිවයින පුවත්පත මීට වසරකට පෙර එනම්, 2020 පෙබරවාරි මස 25 වැනිදා සුවිශේෂ අනාවරණයක් සිදු කළේය. දිවයින පමණක් නොව මේ කාලයේදී පුවත්පත් කිහිපයක්ම මෙම කෲඩියා ශාකය පිළිබඳව කතා කළා අපට මතක තිබේ. ඒ අනිකක් නිසා නොව, මධ්‍යම අධිවේගී මාර්ගයට යටවීමට නියමිතව, හරියටම එම මාර්ගයේ මධ්‍ය රේඛාවට සලකුණු වී තිබූ වටිනා, දුලභ, මුළු ලොවෙන්ම ශ‍්‍රී ලංකාවට පමණක් සීමාවී තිබූ මෙම ශාකය ආරක්ෂා කරගනු පිණිසය.
එහෙත්, වසරක් ගෙවී යන අද දිනයේත් අප කෲඩියා ගැන කතා කරන අතර, දැන් එහි තත්ත්වය නම්, ගස වටා තිබුණු අතිශය පොහොසත් ශාක වැස්ම බුල්ඩෝසර යොදා ඉවත් කර ඇති අතර, කපා දමන්නට නොදී යන්තම් බේරුණු කෲඩියා ගස ළඟටම අධිවේගී මාර්ගය පැමිණ ඇත.
අපගේ අදහස නම්, මේ ගස මේ තරම් රටට හා ලෝකයට වටින්නේ නම්, අප කරුණු හෙළිදරව් කළ දිනයේ පටන් අද දක්වාම ගස බේරාගන්නට ඕනෑතරම් කාලය තිබුණු බවයි. ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය චීන බුල්ඩෝසරය ඉදිරියට නොඑන්නට කෲඩියා දැනටමත් මිය පරලොව ගොස් සිටින්නට ඉඩ තිබිණි.
වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු ජීවී විශේෂයන්ගේ තොරතුරු ඇතුළත් අන්තර්ජාතික රතු දත්ත වාර්තාව මගින් හා ජාතික රතු දත්ත වාර්තාව (1999 සහ 2012) යන දෙකෙන්ම මෙම ශාකය වඳවී ගිය ශාකයක් (Highly Threatend and Possible Extinct-HTPE) බවට නම් කර තිබෙන්නකි. එසේ නම් මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව (Environment Impact Assesment Report-EIA) ලබාදුන් ආයතනයට මෙම ගස මිස් වුණේ ඇයිද යන්න දැන් අපට තිබෙන ප‍්‍රශ්නයයි. නියත වශයෙන්ම මේ වැදගත්, එමෙන්ම සුවිසල් ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති එම වාර්තාව අසත්‍ය හා ව්‍යාජ වාර්තාවක් බව අපගේ අදහසයි. නොහොත්, එය ක්ෂේත‍්‍රයට නොගොසින් ගෙදර සිට ලබා දුන් වාර්තාවක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව පරිසරවේදීන්ගේ මතයයි.
මෙම වාර්තාව පිළියෙල කිරීම සඳහා මිලියන ගණනක මුදලක් ගෙවා ඇති අතර, ආයතන කිහිපයකින් වාර්තා ලබාගෙන ඇත. කඩවත සිට දඹුල්ල දක්වා අධියර කිහිපයකින් පරිසර තක්සේරු වාර්තාව සකසා දී ඇත්තේ Skills International නම් සංවිධානයක් මගිනි. අනතුරුව එම වාර්තා සියල්ල එක වාර්තාවක් බවට පත්කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Centre for Sustainability ආයතනය මගිනි. ඉන් අනතුරුවත් මධ්‍යම පරිසර අධිකාරියේ දැනුම් දීම මත මෙහි වෙනම ජෛව විවිධත්ව සමීක්ෂණයක් ද සිදුකර ඇත. එහි ශාක අංශය සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා එහි ජාතික ශාකාගාරය ද සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවකු විසින් හෝ මෙම ගස කුමක්ද යන්න හඳුනාගෙන නොමැතිවීම පුදුමයකි.
2018 වසරේදී මේ සියලූ අංශවල සහභාගිත්වයෙන් ගම්පහ දාරළුව නම් මෙම පරිසර පද්ධතිය පිහිටි ස්ථානයේ සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදීද මගහැරුණු මෙම දුලභ ගස යළිත් විදුලොවට එන්නේ ඊටත් වසරකුත් මාස 7 කට පසු යළිත් එම ස්ථානය ගවේෂණය කරනු ලබන පරිසරවේදියකු අතිනි.
ඉන් පසු ලැව්ගින්නක් සේ පැතිර ගිය මේ අලූත් සොයාගැනීම පිළිබඳ ප‍්‍රවෘත්තිය මතු වූ දා සිටම හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීම පිළිබඳව ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටීම අද ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවයි.
මේ පිළිබඳව අපට (චීන) මාර්ග කොන්ත‍්‍රාත්කරුවන්ට චෝදනා කරන්නට නොහැකිය. මෙහි වගකීම පරිසර බලධාරීන් ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී තවත් මෙවැනි විශේෂයේ ගස් කිහිපයක් සොයා ගත් බවත්, මෙයින් පැළ රැසක් බෝකරගත් බවත් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පවසයි. ඔක්කොම කට හරින්නේ ප‍්‍රශ්නය නහය ළඟට පැමිණි පසුවය. එතෙක් වගකිවයුත්තන් සිටියේ මර නින්දකය. තත්ත්වය දැන් ඔඩු දුවා ඇති බව පෙනේ. පරිසරවේදීන්ට අලූත් මාතෘකාවක් ලබා දී තිබේ. කපන්නට නොදී කෲඩියා සසුන් ගතකර තිබේ. අධිවේගය උතුරට යන්නට බලා සිටී.
සැලසුම් කර ඇති පරිදි අධිවේගී මාර්ගය ද යා යුතුව තිබේ. එසේ නම් විසඳුමක් දීමද, වැරදුණේ කොතැනද හා වරද සිදුකළේ කවුරුන්ද යන්න විමසීම දැන් ඉතින් රජයට පැවරී ඇති කටයුත්තකි. මන්ද මේ වෙනුවෙන් අතිවිශාල ජනතා මුදල් කන්දරාවක් යටකර ඇති බැවිනි.
2021 02 11 දිවයින කතුවැකිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...