යුරෝපා සංගමයේ රටවල් වල භාවිතාව සඳහා බොහෝ යුරෝපීය රටවල් බළාපොරොත්තුවෙන් සිටි රුසියාවේ ස්පුට්නික් V (Sputnik V) කොවිඩ් එන්නතට යුරෝපා ඖෂධ ඒජන්සියේ අනුමැතිය ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව යුරෝපීය මාධ්‍ය වාර්තා කරයි.
Sputnik V and European Medical Agency teams held the Scientific Review of #SputnikV on Jan 19. RDIF filed for Sputnik V registration in the EU and expects it to be reviewed in February. Based on these reviews EMA will decide on the authorization of Sputnik V for the EU. pic.twitter.com/dq7HNjOHVA
— Sputnik V (@sputnikvaccine) January 20, 2021
නවතම පර්යේෂණ වාර්තා අනුව විවිධ කණ්ඩායම් තුළ 96.1% – 100% දක්වා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති මෙම ස්පුට්නික් V එන්නත ලබාගැනීම සඳහා බෙල්ජියම, ජර්මනිය ඇතුලු බොහෝ යුරෝපීය රටවල් ඉතා උනන්දුවක් දක්වන අතර රටවල් 190ක් මෙම එන්නත ලබාගැනිම සඳහා තරඟවදිමින් සිටින බවත් එම වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, ඇල්ජීරියාව, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, බහරේන්, බෙලරූස්, බොලීවියාව, ගයනා, හන්ගේරියාව, ඉරානය, ලෙබනනය, මෙක්සිකෝව, මොන්ගෝලියාව, මියන්මාරය, නිකරගුවාව, පකිස්තානය, පලස්තීනය, පැරගුවේ, රුසියාව, සර්බියාව, ටියුනීසියාව, ටර්ක්මෙනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව යන රටවල් ස්පුට්නික් V එන්නත ඔවුන්ගේ සමූහ එන්නත්කරණ වැඩසටහන සඳහා දැනටමත් භාවිතා කරමින් සිටී.
එයට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඔවුන්ගේ කොවැක්ස් (COVAX) වැඩසටහන සඳහා ස්පුට්නික් V එන්නත ලබාගැනීමට බළාපොරොත්තු වන බව පසුගිය 09වනදා නිවේදනය කර ඇත.
අනෙක් සියළුම එන්නත් වලට වඩා මෙම එන්නතේ සාර්ථකත්වය, සාධාරණ මිළ සහ ගබඩා කිරීමේ හා ප්‍රවාහණයේ ඇති පහසුකම සැළකිල්ලට ගෙන ලොව රටවල් මෙම එන්නත් මාත්‍රා මිලියන ගනනින් ලබාගැනීමට තරඟ වදිද්දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාළීන මිතුරන් වන රුසියාවේ හා චීනයේ කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා අප රටේ පාළකයින් සහ සෞඛ්‍ය බළධාරීන් ඉතා ඇල්මැරුණු උදාසීන ප්‍රතිපත්තියක් අනුගමණය කිරීම පිළිබඳව තතුදත් අය මවිතය පළකරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/515004-ema-accept-sputnikv-application/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...