යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් එයට නොබියව මුහුණ දීම සඳහා තම රට සූදානම් බවත් රුසියාව යුධමය වශයෙන් ස්වයංපෝෂිත වන්නාසේම ආර්ථික අතින් ද ස්වයංපෝෂිත වීමේ අරගලයක නිරතව සිටින තම රටේ ආර්ථිකය අනතුරේ හෙළීම අරමුණු කරගෙන යුරෝපා සංගමය රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට උත්සාහ දරන්නේ නම් තම රට එය නොඉවසන බවත් රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් (Sergei Lavrov) පවසයි.
දුෂ්ඨ අරමුණකින් පැනවීමට තතනන මෙම සම්බාධක වලින් යුරෝපා සංගමයට ද ඇති සෙතක් නොමැති බව පවසන ඔහු තම රටේ සෑම අංශයකම සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වීමට කිසිලෙසකින් කටයුතු නොකරන බව ද අවධාරණය කරයි.
රුසියානු විදේශ ඇමතිවරයාගේ මෙම තදබළ ප්‍රකාශය විකෘති කරමින් බටහිර මාධ්‍ය සිදු කර තිබූ මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රකාශයක් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) සඳහන් කරන්නේ; එම මාධ්‍ය කරුවන් සිදු කර ඇත්තේ බරපතළ වරදක් බවත් විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ඔහු පෙන්වා දී ඇත්තේ යුරෝපා සංගමය අපක්ෂපාතීව, සාධාරණව මෙන්ම අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව කටයුතු කිරීමට වගබලාගත යුතු බව මෙන්ම යුරෝපා සංගමය සමඟ සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ රුසියාවට ඇති අභිලාෂය බවත් නමුත් එය එසේ නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සුදුසු පියවර ගැනීමට රුසියාවේ ඇති සූදානම බවත්ය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://sputniknews.com/russia/202102121082052190-moscow-ready-to-break-ties-with-eu-if-bloc-puts-russian-economy-at-risk-foreign-minister-says/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...