ඇමරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ මිත්‍ර සංධානයේ රටවල් විසින් 2005 වසරේ සිට මේ දක්වා; 2014, 2017, 2019, 2020 වර්ෂයන්හිදී නව කොන්දේසිද පණවමින් වෙනිසියුලාවට එරෙහිව පණවා ඇති සම්බාධක හේතුවෙන් එරටේ ලක්ෂ 25ක ජනතාවක් සාගින්දරෙන් පීඩා විඳින බවත් කොවිඩ් වසංගතය හමුවේ අමානුෂික ලෙස වෛද්‍ය සැපයුම් පවා අත්හිටුවීමෙන් එරට ජනතාවගේ මූළික අයිතිවාසිකම් පවා උල්ළංඝණය වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත ඇලෙනා දොව්හාන් (Alena Douhan) පවසයි.
පෙබරවාරි 1වනදා සිට 12වනදා දක්වා; වෙනිසියුලාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීන් මෙන්ම එරට ජනාධිපති නිකලස් මදුරෝ ද මුණගැහෙමින් වෙනිසියුලාවට එරෙහි ඇමරිකාව ඇතුළු මිත්‍ර සංධානයේ ඒකපාර්ශවීය සම්බාධක වල මානුෂීය බළපෑම පිළිබඳව වන වාර්තාව එළිදක්වමින් ඇය මෙම කරුණු හෙළිදරව් කර තිබේ.
ඇමරිකාව, එංගලන්තය, පෘතුගාලය වැනි රටවල ජාත්‍යන්තර බැංකු වල ඇති ඩොලර් බිලියන ගණනක් වන වෙනිසියුලාවේ විදේශ සංචිත මුදාහැරීම මෙම සම්බාධක මත පදනම්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර, දැනට ඇති යන්ත්‍ර වල අමතර කොටස් පමණක් නොව මෙම කොවිඩ් වසංගතය හමුවේ එරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වර්ග පවා මිළදී ගැනීමේ නොහැකියාවෙන් එරට සමස්ථ ජනතාවම දැඩි පීඩාවන්ට ලක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් සිය වාර්තාවේ සඳහන් කර තිබේ.
ලොව පිරිසිදුතම බොර තෙල් ඇති, වාර්ෂිකව බැරල් බිලියන 304ක නිෂ්පාදන ධාරිතාවක් සහිත රටක් වන වෙනිසියුලාවට කළින් කළට වඩ වඩාත් දැඩි කරමින් පනවා ඇති මෙම ඒකපාර්ශවීය සම්බාධක නිසා 2005ට පෙර පැවති ඔවුන්ගේ ජාතික ආදායමට සාපේක්ෂව වර්තමාන ආදායම 1%ක් දක්වා පහල බැස තිබීමෙන් එරට සමාජ, ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, …….. ආදි සියලු ක්ෂේත්‍රයන්හි දැඩි ඛේදජනක ව්‍යසනකාරී තත්වයක් මේවනවිට ඇතිවී තිබෙන බව වාර්තා සඳහන් කරයි.
මේ අතර හමුදා කුමණ්ත්‍රණයක් හරහා වෙනිසියුලාවේ බළය ඇල්ලීමට දෙවරක්ම උත්සාහ කර අසාර්ථක වූ එරට විපක්ෂ එකමුතුවේ ප්‍රධානී ජුආන් ගුඅයිදෝ (Juan Guaido) වෙනිසියුලාවේ ජනාධිපති ලෙස පිළිගනිමින් ඔහුව අභිෂේක කිරීමට ඇමරිකාව කටයුතු කර ඇත.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
ttps://www.rt.com/news/515451-us-sanctions-venezuela-covid/
https://www.rt.com/news/513033-guaido-biden-venezuela-recognize/
https://fair.org/home/so-who-is-reporting-that-trump-sanctions-have-killed-thousands-of-venezuelans/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...