දියුණුව යන්න හැම විටම විවිධාකාරව, විවිධ මට්ටම්වල පවතින්නකි. සංඛ්‍යා දත්ත හරහා යමක් දියුණු යයි කෙනෙකුට කිව හැකි වුවද දියුණුව යන්න සාපේක්ෂව සන්සන්දනය කර මැනිය යුත්තක් යැයි තවත් කෙනෙකුට කිව හැක. ඒ අනුව පුද්ගලයෙක් නම් තමාගේ ඉතිහාසයට සාපේක්ෂව ඒ දෙස බලන අතර සමාජයක් දියුණුව මනින්නේ ද ඉතිහාසයට සාපේක්ෂවය. ඒ මැණිමත් ඉතාම නිවැරදි ද? ඉතිහාසයට සාපේක්ෂව වර්තමානය සෑම අතින්ම දියුණු යැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් ඒ කුමන ක්ෂේත්‍ර ද, ඒ දියුණුව අපට කොතෙක් වැදගත්ද යන්න සමාලෝචනය කර ගත යුතුව ඇත. එය මහා විශාල මාතෘකාවකි. අභියෝගාත්මක කාර්යයකි. මේ කතා කරන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. මිනිසා දියුණු වන්න දියුණු වන්න දුරස්ථ වූ දේවල් අහිමි වූ දේවල් බොහෝය. නෑදෑ – පවුල් සබඳතා දුරස් වීම, සමාජ දුරස්ථභාවය, කාලය අහිමිවීම් සංස්කෘතිකමය පරිහානිය, සෞඛ්‍ය පරිහානිය වැනි බොහෝ දේ ඒ අතර ඇත. මෙසේ මිනිසා දියුණු, එහෙත් බොහෝ පැතිවලින් පිරිහුණු කොටසක් බවට පත්ව ඇත. මේ පිරිහීමේ බරපතළම හානිය ඇත්තේ සෞඛ්‍ය සහ සංස්කෘතිය කෙරෙහිය. ඉතා දියුණ ආහාර රටාවකට උරුමකම් කී අප අද වස – විස අඩංගු ක්‍ෂණික ආහාරයෙන් සන්තර්පනය වන රට වැසියන් බවට පත්ව ඇත. අප පමණක් නොව අපගේ අනාගත පරම්පරාවද එහි ගොදුරු බවට පත් කරලීමට අප සමත්ව ඇත. ඇතැම් පිරිස් අවබෝධයෙන් ඉන් ගැලවීමට උත්සාහ කළත් ඉන් සම්පූර්ණයෙන්ම මිදීම උකහටව ඇත. එක් පැත්තකින් ඉන් ගැලවීමට උත්සාහ ගනිද්දී තවත් පැත්තකින් ගොදුරුවීම වැළැක්විය නොහැක්කක් ලෙස තිබේ.
අපි අපේමද?
උදෑසන නැගිට දත් මදින්නට බුරුසුව අතට ගත් වේලේ පටන් රාත්‍රී නින්දට යන තෙක්ම අප හැසිරෙන්නේ කෙසේද? අපව හසුරුවන්නේ බහුජාතික සමාගම්, විදේශීය වෙළඳපල බලවේග, වෙළඳ දැන්වීම් නොවේද? විදේශයකින් ගෙන්වනු ලැබූ දත් බුරුසුවක් මතට විදේශීය දත් බෙහෙත් ආලේප කොට දත් මැද, විදේශයකින් ගෙන්වන ලද සබන් හෝ ඊට ආදේශකයක් උලා මුහුණ සෝදා, විදේශීය ආලේපන, විලවුන් ඇඟ ගල්වා, විදේශීය රටකින් ගෙන්වනු ලැබූ රෙදි වලින් මැසූ ඇඳුමක්, සාරියක්, ගත දවටා, එවැනිම පාවහන් පළඳනා – අත්බෑග් ආදිය පළදා, දවසපුරා ක්‍ෂණික ආහාරයකින් වස – විස අඩංගු ආහාරයකින් කුස පුරවා නින්දට යන්නේද එක පෙළට එන බාලගනයේ විදේශිය ටෙලි නාට්‍යයක රස වින්දනය හිස තුළ පුරවාගෙනය. සත්තකින්ම එවිට ඔබ දකින හීනයද විදේශිය වී ඇතිවාට සැකනැත. අපි අපේද? සිතා බැලිය යුතු නොවේද? අප කන්නේ බොන්නේ රූපවාහිනිය හරහා කන්න කියා බල කරන විස සහිත ආහාරනම්, අප ආලේප කරන්නේ ‘ඔයා සුදුවට ඉන්න ඕනි නැත්තම් සමාජයේ තැනක් නෑ” කියා සිතන්නට බලකරන දැන්වීම්වලින් කියවෙන ආලේපන නම්, අපි ගාන්නේ දැන්වීම්වලට වැඩිපුරම මුදල් වියදම් කිරීමේ හැකියාව සහිත ආයතනවලින් නම් කරන ලද සබන්නම්, අපි කවුද? අපිව හසුරුවන්නේ කවුරුන්ද? මේ මොහොතේ අපව හසුරුවන්නේ අන් කවරෙකුත් නොව බහුජාතික සමාගම් විසිනි. ඔවුන් තමන්ගේ වෙළඳ බලහත්කාරය හරහා අපව යටත්කොට සිටී. නරක බව කෙතරම් ඔප්පු වී තිබුණත් ‘අපි තමයි හොඳම’ යනුවෙන් පුනරුච්චාරණය කරමින් ජනතාව මංමුලා කරයි. එයට ඇතැම්විට රාජ්‍ය හෝ පිළිගත් යහපත් ආයතන යැයි හඳුනාගත් අයගේද සහය ලැබෙයි. ඊට හොඳම උදාහරණය වන්නේ ලොවම වෙලාගත් කෝවිඩ් වසංගතය හමුවේ ජනතාව දැනුවත් කරමින් ගමින් ගමට යන වගකීම නිල වගකීම බාරගෙන ඇත්තේ ලයිෆබෝයි, නැතිනම් යුනිලිවර් සමාගම වීමය.
අපි දන්නේ මොනවාද?
මුලින් ක්‍රීඩකයින්, නළු නිළියන් යොදාගෙන ප්‍රචාරය කරන ලද, එහෙත් වර්තමානයේ අත් සෝදන සබන් වල කතාව අපූරු එකකි. බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික අපි සබන් කියා ඇග ගල්වා ගත්තේ රෙදි සෝදන ද්‍රව්‍යවල අඩංගු, භාජන සෝදන ද්‍රව්‍යවල අඩංගු වාහන කාපට් සෝදන ද්‍රව්‍යවල අඩංගු රසායනික ද්‍රව්‍ය යැයි ඔබ විශ්වාස කරනවාද? අප සංවිධානය විසින් මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මීට වසර කිහිපයකටකට පෙර සිටය. ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග තෝරමින් සිටින අප රජයක් විසින් සාධාරණය ඉටු නොවෙන කල සංවිධානාත්මකව ගමින් ගමට ගොස් එහි අනතුර පිළිබඳව දැනුමවත් කිරීම කරනු ලබන්නේ හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට දැන දැනම ජනතාව අනතුරේ වැටීම බලා සිටීමට නොහැකි හෙයිනි. අපේ අම්මලා විසින් තමන්ගේම අතින් තමන්ගේ දරුවන්ට වස දීමට පොළඹවන වෙළඳ දැන්වීම් ආධිපත්‍ය සහිත සමාගම්වල ක්‍රියාකාරිත්වයට එරෙහිව, විෂ කිරිපිටි වලට එරෙහිව, අප විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. සබන් පිළිබඳව ද එසේ ම ය. ඇසුරුම් කරන ලද බොහෝ ආහාරවල සඳහන් ෑ සංකේත අංකය පිළිබඳව කාන්තාවන් දැනුම්වත් කරමින් යද්දී අපට මහා කම්පනයක් දැනෙන්නේ ග්‍රාමීය කාන්තාවන් පමණක් නොව නාගරික, මධ්‍යම පාන්තික කාන්තාවන් පවා ෑ අගය යන්නෙන් කුමක් අරුත් ගැන්වේද යන්න දැනුම්වත් නොවීම පිළිබඳවය. දැනුවත් කළ පසු ඔවුන් තමන්ගේ දරුවන්ගේ අනාගතය තමන් විසින්ම විනාශ කළ අයෙකු ලෙස කම්පා වන වාර අනන්තය. කිරිපිටිවල කතාව ද ඉතාම භයානකය. ඒ පිළිබඳව අපේ අම්මලා ගේ දැනුමේ ප්‍රමාණය ඉතාම කුඩාය. එවැනි අහිංසක අම්මාවරුන් ඔත්‍ඵ අගය ගැන දන්නේ මොනවද? සබන් කෑල්ලක් මිලදී ගැනීමට ගිය විට එහි මිල විනා ඔත්‍ඵ අගයක් බැලීමට තරම් ඔවුන් දැනුමින් සන්නද්ද නැත. රටේ ජනතාවගෙන් බහුතරය ඊට අදාළය. පසුගිය කාලයේ යුනිලිවර් සමාගම පැණිලිකරු වූ නඩුවක් විභාග fවින් තිබුණි. මෙහි විත්තිකරු වූයේ දේශීය සබන් නිෂ්පාදන ආයතනයකි. කාරණය වූයේ ලක්ස්, ලයිෆ්බෝයි යන වර්ග අපකීර්තියට පත්වන ආකාරයේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමයි. “චන්ඩි පැන්ඩා’ නම් වෙළඳ දැන්වීම හරහා තම නිෂ්පාදන අපකීර්තියට පත්වන බැවින් මෙම දැන්වීම පලකිරීම වළක්වන ලෙස අතුරු ඉන්ජන්ෂන් තහනමක් ඉල්ලා එය ගොනුකර තිබුණි. ඔවුන් එයින් අවධාරණය කර තිබුණේ මෙම දැන්වීමේ අඩංගු “බේදින්බාර් වලට සබන් කියන්න බැහැනේ” යන වචන කිහිපය ඉන් ඉවත්කර දෙන ලෙසයි.ඉන් කියවෙන්නේ කුමක්ද? බේදින්බාර් – සබන් යනුවෙන් පැහැදිළි බෙදීමක් ඇතිබව නොවේද? ලයිෆ්බෝයි නිෂ්පාදනයේ කිසිම තැනක “සබන්” යැයි සඳහනක් නැත. ඒ වෙනුවට කුඩා අකුරින් “බේදින්බාර්” ලෙස සඳහන්ය. එහෙත් ඔවුන් සෑම ප්‍රචාරක දැන්වීමක් හරහාම අඟවන්නේ ලයිෆ්බෝයි යනු සබන් කියාය. මේ ආකාරයට කිරිපිටි මාෆියාවට සමානවම මෙම සබන් මාෆියාව සහ රූපලාවන්‍ය ආලේපන මාෆියාව අප සමාජය වෙලාගෙන හමාරය. හොඳ හෝ නරක ඕනෑම දෙයක් පිළිගත හැකි ආකාරයේ ප්‍රචාරක ක්‍රියාවලියක් බහුජාතික සමාගම් සතුවේ. මේ හොඳ – නරක පිළිබඳව විවිධ නඩු තීන්දු හරහා පවා ප්‍රකාශයට පත්ව තිබුණත් තවම අප නටන්නේ බහුජාතික සමාගම්වල පදයටමය.
ප්‍රමිති ආයතනයේ සිදුරක්
අප සංවිධානය විසින් 2017 පෙබරවාරි 17 දිනැති ලිපිය හරහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ීඛී 1220ථ2016 ප්‍රමිතිය මඟින් බේදින් බාර් සඳහා අනිවාර්ය කර ඇති කෘතිම සේදුම්කාරක ලැයිස්තුවේ අඩංගු ලිනියර් ඇල්කයිල් බෙන්සින් සල්ෆොනේට් එම අනුමත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ලංකාවේ සබන් නිෂ්පාදනය කරන ආයතන, යුනිලීවර් සමාගම ඇතුළු නිෂ්පාදන ආයතන ගණනාවකගේ නියෝජිතයින් සහභාගී වන සාකච්ඡාවකට 2017-03-29 දින අපවද කැඳවා තිබුණි. එහිදී දීර්ඝ ලෙස මෙම විෂ සහිත සබන් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර යුනිලීවර් සමාගමට ලයිෆ්බෝයිවල අන්තර්ගතය ජනතාවට අහිතකර බව පිළිගැනීමට සිදු විය.ඔවුන් ශ්‍රී ලංකාවේ අපට බෙදන්නේ අන් රටවලට බෙදන හැන්දෙන් නොවන බව එදින ඔවුන්ටම පිළිගන්නට සිදුවිය. එදින සාකච්ඡාව අවසන් වූ අතර ඉන් ඉදිරියට ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි අපට වැටහීමක් නැත. එම සාකච්ඡා හරහා ජනතාවට වූ සෙතක් පිළිබඳව අපට දැනෙන්නේ ද නැත. අපනම් අද ද ගමින් ගමට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමේ නිරතව සිටිමු. එක් අතකින් අහිංසක ජනතාව මේ වස විස සහිත ආහාර, ආලේපන ආදියෙන් බේරාගත යුතු අතර දේශීය නිෂ්පාදකයා දිරි ගන්වා ඔවුන් ශ්‍රී ලාංකීය භූමිය තුළ ඉහලටම ඔසවා තැබිය යුතුය. ඒ වෙනුවෙන් වන පුංචිම පුංචි කාර්යයක් වුවද කරන්නට අප සූදානම්ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීම, අරමුණ වන්නේ කුමක්දැයි අපේ රටේ ජනතාවට නම් පැහැදිලි නැත. ප්‍රමිති ආයතනයේ ඇති රිංගා යා හැකි සිදුරුවලින් රිංගා ගිය බොහෝ ආයතන ඇත. ඒ සිදුරු හඳුනාගෙන ඇතත් ඒවා වසා දැමීමට කිසිවෙකුට උවමනාවක් නැත්තේ සිදුරුවලින් රිංගද්දී තවෙකෙකුට ධනයෝග මතුවන නිසා දැයි සැකයක් නැත්තේම නොවේ. ඇඟගල්වන “සබන්’ (ඔදසකැඑ ිද්ච* වෙනුවට භාජන සෝදන ද්‍රව්‍ය ඇඟේ ගෑමට සිදුව ඇත්තේ ඒ නිසාය. ඒ හරහා විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇති බව අදටත් බහුතර ජනතාව දන්නේ නැත.
සබන් කැටේ කතන්දරය
බේදින් බාර් :ඊ්එයසබට ඊ්ර* යන්න ලංකාවට ආගන්තුක වචනයක් වුවද 2001 වසරේ සිට ලංකාවට බේදින්බාර් හදුන්වාදුනි. ඊට පෙර ලංකාවේ පැවතියේ ඇග ගල්වන සබන් පමණි. එතැන් පටන් ජනතාව මුලා කිරීමට බහුජාතික සමාගම්වලට හැකියාව ලැබුණි. ීෘඊක් :ීදාසමප ෘදාැජහක ඊැබ‘ැබැ ීමකදෙබ්එැ* යනු ලෝකයේ රෙදි සෝදන කුඩු සහ ගෘහස්ත පිරිසිදුකාරක නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන්ම යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍යකි. ලස්සන මනබඳිනා සඳවන් මුහුණක්, රන්වන් ශරීරයක් ලබා ගැනීම සඳහා සබන් වෙළඳ දැන්වීම් අප අතරට එන්නේ තරුණියන් පමණක් නොව වයසක අම්ම කෙනෙකුට වුව මේ සබන් භාවිතා කළොත් සඳවන් මුහුණක් ලැබෙතැයි විශ්වාසය ඇති වන ලෙසටය. එහෙත් ඒ සියල්ල “සබන්” ද මීට වසර 20කට පමණ පෙර සිට ඔදසකැඑ ිද්ච සහ ඊ්එයසබට ඊ්ර ලෙස වර්ග කොට වෙළඳපොළට ඒමට පටන් ගත්ත ද ඒවායේ වෙනස පෙනුමෙන් හෝ සුවඳින් හඳුනාගත නොහැක. එහෙත් අන්තර්ගතය එකිනෙකට වෙනස්ය. එහි වෙනස මනින්නේ ඔත්‍ඵ :ඔදඒක ත්‍්එඑහ ඵ්එඑැර* හරහාය. සබන්, බේදීන්බාර් යනුවෙන් කුමන නමකින් ආවත් එහි අඩංගු විය යුතු අවම ඔත්‍ඵ අගයක් තිබේ. බේබි සබන්වල ඔත්‍ඵ අගය 78%ට වැඩි විය යුතු යැයි නිර්දේශ කරන්නේ ඒවායේ සුමුදු බව වැඩි කිරීම සඳහාය. පහත වගුව අනුව එය අපට වටහා ගත හැකි වනු ඇත.
සියල්ල මෙසේ වගු ගත වෙද්දී එහි තවත් සිදුරකි. ඇඟගල්වන සබන් (බේබි සබන් ඇතුළුව) සඳහා කෘතිම සේදුම් කාරක අන්තර්ගත නොකළ යුතුය යන්න පෙන්වා දී තිබුණත් බේදින් බාර් සඳහා 2%ක ඩිටර්ජන් ප්‍රමාණයක් අන්තර්ගත කළ හැකිය යන්න සඳහන්ව ඇත. එහි උපරිම පරිමාවක් නොමැතිකමින් වාසි ලබා ගන්නා නිෂ්පාදකයන් විශාල ප්‍රමාණයක් සිටී. ීෘඊී නැමති රසායනිකය 0.4%ට වැඩි වේනම් ඇස්, සම ආදියට විශාල ලෙස හානිවන බව සොයාගෙන ඇත. ීඛී ප්‍රමිතියට අනුව සබන්වල ඔත්‍ඵ අගය 76%ට වඩා වැඩි විය යුතුය. එය එසේද කියා ඔබටම වෙළඳපලේ ඇති සබන් යැයි හඳුන්වන ද්‍රව්‍ය පරීක්ෂාකර බැලිය හැක. පරීක්ෂණවලින් විද්‍යාත්මකව තහවුරු වී තිබුණත් තවමත් වෙළෙඳ පොළේ මේ විෂ සහිත සබන් විකිණීමට තිබේ. ලක්ස්, ලයිෆ්බෝයි වැනි සබන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාව විසින් විශ්වාසයෙන් භාවිතා කරනු ලබන, යම් ආකාරයක ‘නාමයක්’ ගොඩනගාගත් සබන් වර්ගය. එහෙත් ඒවා ‘සබන්’ නොවේ යැයි අප දන්නේ මෑතක සිටය. කෙසේ වෙතත් අද වන විට පිටරටින් එන සියලු හොඳ දේ ද නරක දේද එකම ආකාරයකින් පිළිගන්නා බහුතරයක් ජීවත්වන රටක ගැඹුරින් මේ පිළිබඳ අවධානය යොමුකරන්නන් අල්පය.
නියාමනය අපට අදාල නැද්ද?
සබන් කතාව පමණක් නොව අනෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදනවල තත්වයද එසේම ය. මේ පිටරට ආලේපන එන්නට ප්‍රථම ඉතිහාසයේ අපේ රටේ රූමත්, පැහැපත් කාන්තාවන් සිටියේ නැති ද? නිරෝගී හැඩි දැඩි පිරිමින් සිටියේ නැතිද? ඔවුන් රූපලාවන්‍ය පිළිබඳ අවධානය යොමු කළේ නැතිද? අද කෝමාරිකා යැයි හඳුන්වමින් විවිධ රසායනික ද්‍රව්‍ය කලවම් කෙරූ ආලේපන පිටරටින් එන්නට පෙර කෝමාරිකා ආලේප කළේ නැතිද? රූපලාවන්‍ය සඳහා දේශීය කැඳවර්ග පානය කළේ නැද්ද? ඉතිහාසය පුරාවට එය ඔප්පු කළ අවස්ථා ගණනාවක්ම ඇත. අපේ කුස්සිය සැබැවින්ම රූපලාවන්‍යාගාරයකි. එය දන්නේ කීයෙන් කී දෙනා ද? හිසකෙස් වර්ධනය සඳහා, තුවාල කැළල් මැකීම සඳහා, සබන්, ෂැම්පු නිස්පාදනය සඳහා, විෂබීජ මර්ධනය සඳහා ආදී බොහෝ දේ සඳහා ඉතිහාසයේ කෝමාරිකා ශාකය යොදාගෙන තිබේ. එපමනක් නොව රූපලාවන්‍යට අවශ්‍ය බොහෝ පැලෑටි, ගෙඩි, මල්වර්ග අපේ රටතුළ ඕනෑතරම් වැවේ. එහෙත් අද සිදුවන්නේ ඒ නාමයෙන්, හැඩය, ගුණය ප්‍රයෝජනට ගෙන කෘතිමව නිපදවූ ආලේපන අපේ අතට පත්වීමයි. බහුජාතික සමාගම්වල උගුලට හසුවන්නේ අප පමණක් නොවේ. අපේ තරුණ, දූපතුන්, ළඳරුවන් ආදී සෑම වයස් මට්ටමක පිරිස් එහි ප්‍රතිඵල අත්විදිමින් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති විලවුන්, උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරිය 2015 ජුලි 01 දින සිට අහෝසි කිරීමත් සමඟ රූපලාවන්‍ය උපකරණ, විලවුන්, ඖෂධ නියාමනය නොකරන බහුජාතික සමාගම්වලට රිසිසේ සැරිසැරිය හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත්විය. රූපවාහිනී මාධ්‍ය ඇතුළු අනිකුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන දැන්වීම් වලින් උලුප්පා පෙන්වන පරිදිම බොහෝ ආලේපන සමේ සුදු බව කෙටි කලකින් ලබාදිය හැකි ආලේපනයන්ය. බහුජාතික සමාගම්වල උගුලට හසු වෙන අපේ තරුණියන්, අම්මාවරුන් මේ රසදිය විශාල වශයෙන් අඩංගු උග්‍ර විෂ සහිත ආලේපන ශරීරයේ උලාගනී. ප්‍රතිඵල 100%ක්ම සාර්ථකය. සුදු වනවාට සැක නැත. එහෙත් දීර්ඝකාලීනව සිදුවන හානිය භයානකය. රූපලාවන්‍ය නිෂ්පාදනයක අඩංගු විය යුතු රසදිය ප්‍රමාණය වන්නේ එම නිෂ්පාදනයේ කිලෝ ග්‍රෑමයකට රසදිය මිලි ග්‍රෑම් 1කි. එහෙත් වෙළඳපොලේ ඇති ඇතැම් රූපලාවන්‍ය නිෂ්පාදන වල අන්තර්ගත රසදිය ප්‍රමාණය පිළිබඳව ඔබ පුදුම වනු ඇත. ඇතැම් නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 200,3000,4000, පවා ඉක්මවා ගොස් ඇති බව ඔබ දන්නවාද? ඇතැම් නිෂ්පාදන වල අඩුම තරමේ ඒවා ලංකාව තුළට ගෙන්වන්නේ කවුරුන්ද කියාවත් සලකුණු කොට නොමැත. පසුකාලීනව මේ අධික රසදිය හේතුවෙන් ස්නායු පද්ධතියට සහ මොළයට වන හානිය ඉතා විශාලය. වකුගඩු අක්‍රීයවීම, කැසීම, ශ්‍රව්‍ය ආබාධ මතක ශක්තිය අඩුවීම, ස්නායු රෝග, ආමාශගත රෝග ආදියද වේ. ගර්භනී මවක් දිගින් දිගටම මෙම ආලේපන භාවිතා කරන්නේ නම් කළලයට පවා හානි සිදුවිය හැකි බව තහවුරු වී ඇත. අපේ රටේ මේ ආලේපන ඕනෑතරම් මිලදී ගත හැකි වුවද ඇතැම් රටවල මෙම ආලේපන අලෙවි කිරීම තහනම් කර ඇත. අපේ රටට පමණක් මෙම නියාමනය නැත්තේ කුමන හේතුවක් නිසා ද? කනගාටුවට කරුණ ඇත්තේ එතැනය. සබන්, ආලේපන, විලවුන්, රසකාරක වස – විස සහිත ආහාර සියල්ලම ඇත්තේ එකම නියාමයක් දැයි අපට සිතෙන තරමට දිනෙන් දිනම මෙම ද්‍රව්‍ය වෙළඳපොල තුළ බහුල වෙමින් පවතී. ප්‍රමිති ආයතනයේ සිදුරු වසා දමා පාරිභෝගික අධිකාරිය වැනි තැන්වල ක්‍රියාකාරීත්වය, දායකත්වය වැඩි වැඩියෙන් ලබාදෙමින් නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තෙක් මේ ගැටලූවට විසඳුම් නොලැබෙන බව සහතිකය. මේ පිළිබඳව රටක තිබිය යුත්තේද එක නීතියකි. ඒ නීතිය ක්‍රියාත්මක වන තෙක් අපට බලා සිටීමට සිදුව ඇත. එහෙත් ඉන් නොනැවතී හැකි පමණින් ජනතාව දැනුම්වත් කරවමු. බහුජාතික සමාගම් වල වෙළෙඳ දැන්වීම්වලට මුලා නොවී විෂ රසායන අඩංගු ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
ප්‍රියංගා කොතලාවල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...