නැගෙනහිර සහ උතුරු චීන මුහුදේ පවතින යුධ, දේශපාළන අර්බුධයන්හි උණුසුම තව, තවත් වර්ධනය කරමින් කළාපයේ ඇමරිකානු, චීන තායිවාන් යුධ ක්‍රියාකාරකම් ඉහල යමින් පවතින බව වාර්තාවෙමින් පවතින තත්වයක් තුළ නැගෙනහිර චීන මුහුදේ “සෙන්කකු” දූපත් කරා කාළතුවක්කු සහිත එක් යාත්‍රාවක් ද සමගින් වන නාවික යාත්‍රා දෙකක් යැවීමට චීනය කටයුතු කර ඇතැයි නවතම වාර්තා සඳහන් කරයි.
ජපානය “සෙන්කකු” (Senkaku) නමින් ද චීනය “දියෝයු” (Diyoyu) නමින් ද හඳුන්වන මත්ස්‍ය සම්පත් බහුල මෙන්ම ආර්ථික සහ යුධමය වශයෙන් ඉතා ඉහල මූලෝපායික වටිනාකමක් ඇති මෙම ජනශූන්‍ය දූපතට චීනය තම උරුමය ප්‍රකාශ කරන අතර ජපානය තම අයිතිය ප්‍රකාශ කිරීම හේතුවෙන් රටවල් දෙක අතර දීර්ඝකාළීන අර්බුධයක් පවතින අතර ඇමරිකාව ද ලෝක බළවතෙකු ලෙස තම කළාපීය උවමනාවන් වෙනුවෙන් මෙම අර්බුධයට මැදිහත් වී සිටීමෙන් අර්බුධය තව, තවත් උත්සන්න වෙමින් පවතී.
සඳුදා සිට දූපත් අසල සැරිසරමින් තිබූ චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකකට ඊයේ ඉහත යාත්‍රා දෙක ද සම්බන්ධවන අයුරු දක්නට ලැබුනු බව “නික්කෙයි ඒෂියා” (Nikkei Asia) සහ “ක්යෝතෝ නිව්ස්” (Kyoto News) පුවත් වාර්තා කරන අතර මෙම එක් යාත්‍රාවක් ජපාන ධීවර යාත්‍රාවකට තර්ජනය කොට එය පලවා හැර ඇතැයි වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වුව ද මේ වනවිට යාත්‍රා හතරම එම මුහුදු කළාපයෙන් ඉවත්ව ගොස් ඇති බව ද වාර්තාවේ.
චීනය විසින් අලුතින් සම්මත කළ ජාත්‍යන්තර මතභේදයන්ට තුඩු දී ඇති “වෙරළාරක්ෂක නීති” වලින් පසු මෙම වසර තුළ සිදු කළ හත්වන යාත්‍රා එවීම මෙය බවට ජපානය චෝදනා කරයි.
මේ අතර උතුරු චීන මුහුදේ ඇමරිකානු, තායිවාන් ඒකාබද්ධ යුධ අභ්‍යාසයන් ද ඉහල යමින් පවතින බව සහ අදාල දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයන්හි වාර්තාවෙමින් පවතී.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9266507/East-China-Sea-Chinese-coast-guard-ships-armed-autocannon-enter-Japanese-waters.html?ito=push-notification&ci=78186&si=20844222
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...