අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පණතක් මගින් ස්ථාපිත කරන ලද්දේ පසුගිය යහපාලන රජය සමයේ දී
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කරන ලද පාවාදීමේ එක් අතුරු ඵලයක් වශයෙනි. අදාල පාවාදීම ස්ථාපිත
කිරීම පිණිස නොයෙක් උත්සාහයන් ගන්නා ලද නමුත් නොයෙක් ආකරයෙන් ඒවා පරාජය කෙරුණ ද අතුරුදන්
වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම පරාජය කළ නොහැකි විය.
ඒ නිසාම ඒ ද්‍රෝහී බලඇණියේ අති දක්ෂයෙකුවූ සාලිය පීරිස් ජනාධිපති නීතීඥවරයා එම කාර්යාලයේ සභාපති වශයෙන් පත්කෙරුණි. සාලිය පීරිස්ගේ ධුරකාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2021 පෙබරවාරි 15වන දින වුවත් සිදුවූ දේශපාලන පෙරළිය සමඟ එතෙක් අල්ලාගෙන සිටීමට ඔහුට හැකියාවක් නොතිබූ හෙයින් කල් ඇතිවම ඉල්ලා අස්වන්නට සිදුවිය.
යම් හෙයකින් ඒ දේශපාලන පෙරළිය සිදු නොවූයේ නම් මෙවර ජිනීවා සමුළුවට ආදල කාර්යාලයෙන් නිකුත් කරනවාර්තාව සකස් කෙරෙනුයේ සාලිය පීරිස් අතිනි. ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් තම වගකීම ඉටු කරමින් නිකුත් කරන ලද අතුරු වාර්තාවේ නිර්දේශ අතිශයෙන්ම බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ හිතසුව පිණිසම සැකසුනු ඒවාය.
ජිනීවා සමුළුවේ ත්‍රස්ත හිතවාදී තර්ජන යළි උස් හඩින් ඇසෙන අද දවසේ ඒ වාර්තාව යළි කියවීම ඉතා වැදගත් බව අපගේ විශ්වාසයයි. මෙහි “අතුරුදන් වූවන්” යන යෙදුම වෙනුවට, ඇත්ත වශයෙන්ම එහි අර්ථය වූ “මියගිය කොටි ත්‍රස්තවාදීන්” යන වචන ආදේශ කර කියවීමෙන් මෙහි සැබෑ අර්ථය වටහා ගැනීම පහසු වේ.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කල 2018 අගෝස්තු අතුරු වාර්තාවේ නිර්දේශ අතරින්
කිහිපයක් මෙසේය.
1. “අතුරුදහන් වූවන්ගේ” පවුල් වලට රු: 6,000/= ක මාසික දීමනාවක් ලබාදිය යුතුය.
2. “අතුරුදහන් වූවන්” සැමරීමට ජාතික දිනයක් හදුන්වාදිය යුතුය.
3. “අතුරුදහන් වූවන්ගේ”සමූහ භූමදාන ස්ථාන අනුස්මරණීය ස්ථාන ලෙස සංරක්ෂණය කළ යුතුය.
4. “අතුරුදහන් වූවන්ගේ” බැංකු ණය කපා හැරිය යුතුය.
5. “අතුරුදහන් වූවන්ගේ” පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ඇතිකර ඔවුන් ඒවායේ පදිංචි කළ යුතුය.
6. රජයේ රැකියා වලින් කෝටාවක් .”අතුරුදහන් වූවන්ගේ” පවුල්වලට වෙන්කළ යුතුය.
ජිනීවා යෝජනාවන්ගෙන් යළි යළිත් අපට පහර වැදෙනුයේ කවර බලවේගයන්ගේ කවර කාර්යයන් නිසාද යන්න වටහා ගැනීම පහසු වන පිණිස මෙම සිහිපත් කිරීම ම’විසින් ශ්‍රී ලාංකේය දේශප්‍රේමී ජනයා වෙත කරනු ලබමි. අදාල වාර්තාවේ කොටස් පහත පළකෙරේ.
-උදිත සෙනරත් කුංකුනාවේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...