ප‍්‍රධාන පුවත්

මුළ්‍ය ලාභය මතම පමණක් හඹායන “සමාජ, ආර්ථික – දේශපාළන මොඩලයක්” දේවත්වයෙන් වන්දනා කරමින් අන් රටවල්වලට ද ඔවුන්ගේ “සමාජ, ආර්ථික – දේශපාළන දේව ඇදහිල්ල” බළහත්කාරයෙන් පටවන ඇමරිකාවේ “සෞභාග්‍යයේ මිත්‍යාවේ” නිරුවත කෝටි දහයකට අධික ටෙක්ස්සාස් වැසියන් මේ දිනවල දකිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය හෙළිදරව් කර සිටී.

ජල සහ විදුලි සැපයුම් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ජාලයන් ද බිඳවැටී උෂ්ණත්ව මාපකයේ සෘණ අගයන් පෙන්වන අධික ශීතලෙන් දින ගණනාවක්ම එම වැසියන් පීඩා විඳීම හේතුවෙන් මේ වනවිට මරණ 24ක් වාර්තා වී තිබුණ ද ෆෙඩරල් හෝ මධ්‍යම රජයන්හි පාළනාධිකාරීන් ඒ පිළිබඳව කිසිදු තැකීමකින් කටයුතු නොකරන බව එම වාර්තා සඳහන් කරයි.

ඇමරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානයේ රටවල් ඔවුන්ගේ “සමාජ, ආර්ථික – දේශපාළන දේව ඇදහිල්ල” වන නූතන ලිබරල්වාදය පිළිනොගන්නා රටවලට විවිධ සම්බාධක දමමින් සිදුකරණ අකටයුතුකම් නිසා විවිධ රටවල බිලියනයකට අධික අහිංසක ජනතාවක් සා, පිපාසාවෙන් පෙළෙන බව නොරහසක් බවත් මෙම ටෙක්ස්සාස් අර්බුධයේ උදාහරණය එක්තරා ආකාරයක දිට්ඨ ධම්ම වේදනීය කර්ම ප්‍රතිසන්ධියේ දෛවෝපගත සිදුවීමක් වැනි යැයි එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලක්ෂ 50කට ආසන්න තම රටවැසියන් මරුමුවට පත්ව ඇති තත්වයක් තුළදී වුව ද තම රටවැසියන්ගේ දැවෙන ප්‍රශ්ණ වලට විසඳුම් දෙනවා වෙනුවට ගෝලීය යුධ හා මිලිටරි න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කරගැනීමට වලිකෑම හාස්‍යයට එහා ගිය මානව අපරාධයක් වන බව මෙන්ම එය ඇමරිකාව දේවත්වයෙන් අදහන “සමාජ, ආර්ථික – දේශපාළන මොඩලයේ” අවියෝජනීය මෙන්ම අනිවාර්‍යය ප්‍රතිඵලයක් ද වන බව කරුණු අධ්‍යයනය කරන විට පෙනීයන කරුණකි.

මානවයාගේ මූළික අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කරගත් “මධ්‍යගත සැළසුම්කරණය” (Centrally Planned System) වෙනුවට උග්‍ර ධන හිමියන් කිහිප දෙනෙකුගේ ධනවත්කම තව තවත් තීර්ව කරමින් ඇති නැති පරතරය වඩ වඩාත් පීඩාකාරි ලෙස උග්‍ර කරනා උග්‍ර ධන හිමියන් අතලොස්සකගේ සංධානයකින් ලාභයම පමණක් අරමුණු කරගනිමින් නිෂ්පාදනයන් හා ආර්ථිකයන් සැළසුම් කිරීමේ මෙම “ක්‍රමය” (Centrally Planned System Vs System Planned by a Clandestine Center ) මගින් මුලු ලොවෙහිම ස්වභාවික පරිසරය සහ ස්වභාවික සම්පත් මංකොල්ල කෑම පමණක් නොව මානවීය සාර්ධර්ම ද මුදළට යටකිරීමේ ප්‍රතිවිපාක මෙම ටෙක්ස්සාස් අර්බුධයෙන් පිළිබිඹු වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මානවයාගේ සහ ස්වභාවික පරිසරයේ යහපැවැත්ම පිළිබඳ තුට්ටුවක සැළකිල්ලක් නැති ලාභයම පමණක් අරමුණු කරගත් මෙම “ක්‍රමයේ” අසාර්ථකභාවය; “නිදස් වෙළඳපල” , “පුද්ගල අයිතිය”, “මානව හිමිකම්”, “පුද්ගල නිදහස”, …….. වැනි සමාජ, දේශපාලන මෙන්ම ආර්ථික සටන් පාඨ ලොවපුරාම ප්‍රචලිත කරමින් වසාගැනීමට උත්සාහ කළ ද ටෙක්ස්සාස් අර්බුධය මේ සියල්ලේම නිරුවත ලොවට හෙළිකරමින් තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/op-ed/516066-texas-crisis-us-infrastructure/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More