තවත් දින හයකට පසු එනම් 15 වැනිදායින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වන බව විපක්ෂයට එක් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම කියා සිටිති.
ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යන යෝජනාව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බවත් ඉන් පසු එජාපයට යන අයට හා හැකි බවත් ඔවුන් සදහන් කරති.
ශ්‍රිලනිප මහ ලේකම්වරයා හා සන්ධාන මහ ලේකම්වරයා එම තනතුරුවලින් ඉවත් කර වෙනත් ගැලපෙන පුද්ගලයන් දෙදෙනෙකු ඊට පත් කර ගැනීමටද එම පිරසි බලාපොරොත්තු වෙති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත මැයි 08 වැනිදා පසුවන තෙක් කාලයක් සිටි බවත් තවත් කාලයක් කිසිසේත්ම බලා සිටීමට සූදානම් නැති බවත් එම කණ්ඩායම මීට පෙර සදහන් කර තිබින.මේ අතර 16 කණ්ඩායම මේ මස 15 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...