– උතුර, නැෙඟනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප‍්‍රධාන සංඝ නායක, අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමි
රස්තවාදී යුද්ධයේ අවසානයෙන් පසු උතුර, නැගෙනහිරය බෞද්ධ උරුමය සුරක්‍ෂිත කරගැනීමට කැප වූ භික්‍ෂුන්වහන්සේ අතර අරිසිමලේ නායක හිමි පෙරමුණේම සිටිති. අන්තවාදීහු උතුර, නැෙඟනහිර බොදු බිම් ප‍්‍රසිද්ධියේ ඩෝසර් කරන විට, මහා බුද්ධ ප‍්‍රතිමා කුළු ගසා කුඩු පට්ටම් කර දාගැබ් හාරන විට දිවි පරදුවට තබා එම ස්ථානවලට වැඩම කර ඒ විනාශයන් නතර කළේ උන්වහන්සේය. කාලකණ්ණි, තිරිසන් අන්තවාදීන්ට හිසරදයක් වූ අරිසිමලේ නායක හිමි අපවත් කිරීමට ප‍්‍රයත්න දැරූ අවස්ථා කිහිපයකි. එහෙත් සම්බුද්ධ ශාසනයේ ආනුභාවයෙන් උන්වහන්සේගේ ශරීරයේ සිරීමක් හෝ කිරීමට අන්තවාදීන්ට ඉඩක් නොලැබිණි. එහෙත් භික්‍ෂුන්වහන්සේ ඇතුළු සිංහල බෞද්ධයන් උතුර, නැෙඟනහිර භූමියේදී අන්ත අසරණ වී සිටින ආකාරය එදා උන්වහන්සේ මෙසේ අපට පැවසූහ. 2017 ජූලි 09 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි’ පළ වූ ඒ කතාවෙන් කොටසක් අද මෙසේ අපි සිහිපත් කරන්නෙමු.
‘‘ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැගෙනහිර පළාත්වල සුළුතරය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ මිනිස්සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් මැද. දැන් මම වැඩවාසය කරන අරිසිමලේ අරණ්‍යය සේනාසනයට අයත් දාන ශාලාව ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා. තව මුස්ලිම් ජාතිකයෙක් ආරණ්‍යය සේනාසනයේ කුටි ගෙවලූත් අල්ලගෙන ඔප්පුවක් හදලා. අදාළ සියලූ ආයතනවලට මම ඒ බව දැනුම් දුන්නා. ඒත් අදාළ කිසිදු ආයතනයක් කි‍්‍රයාත්මක වෙලා ඒ අක‍්‍රමණිකයන් පළවාහරින්න කටයුතු කළේ නෑ. ඒ විතරක් නෙමෙයි නැෙඟනහිර ඝන රක්‍ෂිත මහදවල් ගිනිබත් කරනවා. ඉපැරැණි වෙහෙර විහාර මත පල්ලි, කෝවිල් ඉදිකරනවා. අපිට කරකියා ගන්න දෙයක් නෑ. අන්ත අසරණයි…’’ ඒ අන් භික්‍ෂුන්වහන්සේගේ හඬ නොවේ. උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප‍්‍රධාන සංඝ නායක, කුච්චවේලී ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන්ගේ පීඩිත හඬය. අදත් උන්වහන්සේගේ අදහස වන්නේ යහපාලන දුර්භික්‍ෂයේ සහ අතිබහුතර සිංහල බෞද්ධ ජන්දවලින් තේරීපත් වූ පවතින රජය යටතේ කියා නැගෙනහිර ලොකු වෙනසක් නැති බවය. මේ පෙළගැසෙන්නේ උන්වහන්සේ කියන දුක හිතෙන ඒ කතාවය. ඊට පෙර පණාමුරේ තිලකවංශ නායක හාමුදුරුවන්ගේ නැෙඟනහිර ආගමනය ගැන කෙටියෙන් දැනුවත් කිරීම අපගේ අදහස විය.
පරගැති සතුරු අක‍්‍රමණවලින් විනාශ වී මහා කැලෑවෙන් වැසී ගිය උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය සොයා ගිය හිටපු කර්මාන්ත අමාත්‍ය සිරිල් මැතිව් මහතාගේ මඟපෙන්වීම යටතේ 1980 වර්ෂයේදී පිහිටුවා ගත් රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් ගොඩනැඟුණු ප‍්‍රධාන ආගමික සිද්ධස්ථානය අරිසිමලේ ආරණ්‍ය සේනාසනයයි. එමෙන්ම රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් උතුර, නැෙඟනහිර බෞද්ධ සිද්ධාස්ථාන සියයක් ප‍්‍රතිසංස්කරණය කර දකුණේ ස්වාමීන් වහන්සේට සන්නස් පත‍්‍ර මගින් පවරා දී ඇති බව ද ඉතිහාසයේ සඳහන්ය. අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ආරම්භක සේනාසනාධිපති වූයේ නින්දානේ කාශ්‍යප ස්වාමීන්වහන්සේය. පණාමුරේ තිලකවංශ ස්වාමීන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ද උන්වහන්සේය.
උතුර, නැගෙනහිර භූමියේ එවැනි බෞද්ධ පුනර්ජීවනයක් ඇති වෙමින් තිබෙන පසුබිමක 1983 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය හිස ඔසවන්නට පටන් ගත්තේය. නැෙඟනහිර ජීවත් වූ මුස්ලිම්, දෙමළ මිනිස්සු එල්.ටී.ටී.ඊ.යට තොරතුරු සපයමින් කොටි හිතවාදීන් බවට පත් වූහ. අවසානයේ නැෙඟනහිර එම ප‍්‍රදේශ එල්.ටී.ටී.ඊ. බලප‍්‍රදේශ බවට පත් විය. ආරක්‍ෂක අංශවල ඉල්ලීම මත අරිසිමලේ නායක හිමි නින්දානේ කාශ්‍යප නායක හාමුදුරුවෝ ඇතුළු සෙසු හිමිවරු දකුණු පළාතට වැඩම කළහ. කොටි ත‍්‍රස්තවාදය උඩුදිවීමත් සමඟ වෙරළට මායිම්ව පිහිටි අසිරිමලේ ආරණ්‍ය සේනාසනය මුහුදු කොටි මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය විය. අපේ කතාව යටපත් කරමින් අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පණාමුරේ තිලකවංශ නායක හාමුදුරුවන්ගේ හඬ ඉස්මතු වූහ.
‘‘යුද්ධයේ අවසානයත් සමඟ 2009 අවුරුද්දේ මම අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරනකොට එම ස්ථානයේ තිබුණේ නාවික හමුදා කඳවුරක්. එදා මේ ප‍්‍රදේශයට එනකොට අවට මුස්ලිම් මිනිස්සු මා දිහා බැලූවේ හරි අමුතු විදිහට. මට ඉන්න තැනක් තිබුණේ නෑ. වැඩ සිටියේ ඛනිජ වැලි සංස්ථාවේ. පස්සෙ මම නාවික හාමුදාපතිවරයා මුණගැහිලා ආරණ්‍යය සේනාසනයේ අයිතිය ලිඛිතව ඉදිරිපත් කළාට පස්සෙ නාවික හමුදා කඳවුර පහළට අරගෙන සංඝයා වහන්සේට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය නිදහස් කළා. ඊට පස්සේ නාවික හමුදාවේ දරුවන්ගේ, ඛනිජ වැලි සංස්ථාවේ කිහිපදෙනෙකුගේ උදව් උපකාර ඇතිව මැටියෙන් කුටියක් හදාගෙන මම මෙතැන වැඩවාසය කරන්න පටන් ගත්තා. දවසටම දානය ලැබුණේ එක වේලයි. ඒකත් දුන්නේ නාවික හමුදා කඳවුරෙන්.
මම මේ ස්ථානයට ඇවිත් වැඩවාසය කිරීමත් එක්ක ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේ අතර අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ප‍්‍රසිද්ධ වුණා. ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේ වරින්, වර මේ සේනාසනයට වැඩම කරන්න පටන් ගත්තා. ටිකෙන්, ටික දායක පිරිස වැඩි වෙලා, අරිසිමලේ සේනාසනය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ එක්කම මුස්ලිම් මිනිස්සු, නටබුන්ව පැවති චෛත්‍යය දෙසින් ආරණ්‍යය සේනාසනයට අයත් භූමිය අල්ලගෙන ඉහළට එන්න පටන් ගත්තා. ඒ වගේම මම මේ ආරණ්‍යය සේනාසනයට වැඩම කරන්න ඉස්සෙල්ලා බොරළු කපන්න කියලා මේ භූමියේ අක්කර අටක විතර පුරාවිද්‍යා නටබුන් ප‍්‍රදේශයක ගල් කණු පෙරළලා, සෙල් ලිපි, සඳකඩ පහණ විනාශ කරලා තිබුණා. එතැනින් නතර වුණෙත් නෑ. සංඝයා වහන්සේ වැඩවාසය කරන කුටි සෙනසුන් පෙරළගෙන යන තරමට අන්‍ය ආගමික ආක‍්‍රමණය ප‍්‍රචණ්ඩ වුණා. ආරණ්‍යය සේනාසන භූමියේ පුංචි, පුංචි පැළපත් හදාගෙන මිනිස්සු පදිංචි වෙන්න පටන් ගත්තා. පස්සෙ මම බණ භාවනා කටයුතුවලින් මඳකට ඈත් වෙලා ඉඩම් කොල්ලය ගැන හොයා බැලූවා. ඛනිජ වැලි සංස්ථාවේ බෞද්ධ සංගමයේ දායක මහත්වරුත් ඒ කටයුතු සාර්ථක කරගන්න ගොඩක් උදව් උපකාර කළා…’’
හොයාගෙන යනකොට 1980 අවුරුද්දේ සිරිල් මැතිව් මහත්තයාගේ කාලේ සකස් කරපු ලිපිගොනු ටිකක් මට ලැබුණා. ඒ ලිපි ගොනුවල අරිසිමලේ ආරණ්‍යය සේනාසනය ගැන වගේම මේ ප‍්‍රදේශයේ අනිකුත් වෙහෙර විහාර පිහිටලා තියෙන තැන්වල විස්තර සඳහන් වෙලා තිබුණා. පස්සෙ මම ආරක්‍ෂක අංශවල උදව් ඇතිව ඒ ස්ථාන ගැන සොයා බලන්න ගියා. ඒ ස්ථානවලට ගිය විට අපිට දකින්න ලැබුණේ කුඩුපට්ටම් කර දාපු විශාල බුදුපිළිම. ගර්භය හැරූ චෛත්‍යය වහන්සේ. කපා දැමූ බෝධීන් වහන්සේ. ඒ ඉඩම්වල අන්‍ය ආගමිකයන් පදිංචි වී හිටියා. මගේ හිත කඩාවැටුණා. බණ භාවනා කරන්නත් භූමියක් තියෙන්න ඕනෑ. ඒ වගේම අපේ සිංහල අම්මලාගේ දරුවො ලේ වගුරමින් මේ භූමිය නිදහස් කර ගත්තේ අන්තවාදයක් ගොඩනඟන්න ඉඩ දෙන්න නෙමෙයි. මතු පරපුරට නිදහස් රටක් උරුම කරදීමට. ඒ හැම දෙයක් ගැනම හිතලා අන්තවාදීන්ගෙන් බෞද්ධ උරුමය බේරාගැනීම උදෙසා මම පෙරමුණ ගත්තා. මුලින්ම අදාළ ආයතන දැනුවත් කරලා ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථාන ගවේෂණය කරන්න එම ආයතනවලින් ලිඛිතව අවසර ලබාගත්තා. එම අවසරයෙන් මේ වන විට ඉපරැණි බෞද්ධ වෙහෙර, විහාරවල නටබුන් සහිත සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තියෙනවා. එම ස්ථානවල සංඝයා වහන්සේට වැඩ හිඳින්න පුළුවන් ආකාරයට පරිසරය නිර්මාණය කරලා තියෙනවා. නාග ලෙන, බඹරගල, දෙඹරගල, යාංඔය, ඈතානැඟි කන්ද, මිහිඳු ලෙන, සංඛමලේ, සංඝරාජ පබ්බත, සප්තනාග, පත්මරාජ, සද්ධර්ම නියුක්තික, බුද්ධරාජ පබ්බත, පබ්බරාජ පබ්බත, බායිය පබ්බත යන ආරණ්‍ය සේනාසන එකී නම්වලින් රජයේ අනුමත නීති රෙගුලාසිවලට යටත්ව ලියාපදිංචි කරලා තියෙනවා. මේ වනවිට අරිසිමලේ ආරණ්‍ය සේනාසනයෙන් පමණක් ශ‍්‍රී සම්බුද්ධ ශාසනයට ස්වාමීන්වහන්සේ එකසියපනස්නමක් දායාද කරලා තියෙනවා. නැෙඟනහිර පළාතේ ප‍්‍රථම උපසම්පදා විනයකර්මය හැටියටත් අරිසිමලේ ආරණ්‍ය සේනාසනය මූලිකත්වයෙන් සිද්ධවෙනවා.
‘‘අපි මේ ශාසනික මෙහෙවර කරගෙන යන්නේ මල් මාවතක නෙමෙයි. කටුකොහොළින් පිරුණු අන්තවාදී ගොහොරුවක ගිලෙමින්. කැලෑ පාළුවන්ට, පූජාභූමි කොල්ලකරුවන්ට අපිව දකිනකොට නයාට අඳුකොළ වගෙයි. පහුගිය කාලේ මම ජීවත් වුණේ මරණයේ සෙවණැලි දකිමින්. ගමනක් ගිහින් සෙනසුනට වඩිනකම් ජීවිත අවදානම තිබුණා. මුස්ලිම් අන්තවාදීන් කොයි මොහොතක හෝ අපවත් කරයි කියන සැකය මා තුළ තිබුණා. ඒ වගේම අරිසිමලේ බොදුබිමේ ඉඩම් නිදහස් කරගැනීමට පමණක් අවුරුදු පහක් විතර නඩු කියන්න වුණා. විත්තිකරුවෙක් විදිහට අධිකරණයට ඉදිරිපත් වෙච්ච වාර අනන්තයි. ඒ වැරැදි කරලා නෙමෙයි, ශී‍්‍ර සම්බුද්ධ ශාසනයට උරුම ශාසනික දේපළ නූපන් පරම්පරාවට සුරක්‍ෂිත කරදීමට වැඩ කරපු නිසයි. අරිසිමලේ චෛත්‍ය වහන්සේ ඉදිකිරීමට දෙවතාවක් මුල් ගල් තැබුවා. ඒ දෙවතාවේම මුස්ලිම් මිනිස්සු උසාවි ගිහින් නතර කළා. තෙවැනි වතාවටත් චෛත්‍ය වහන්සේ ඉදිකිරීමට මේ මෑතක මුල්ගල තැබුවා. මට දැනෙන විදිහට මෙවරත් උසාවි යන්න වෙනවා. මුස්ලිම් මිනිස්සු බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න අරිසිමලේ දාන ශාලාව අදටත් අපිට නිදහස් කරගන්න බැරිව තියෙනවා. ඒ වගේම අපේ ආරණ්‍යය සේනාසන සංචිත ඉඩම් අන්‍ය ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා. එම ඉඩම් ඒ, ඒ සිද්ධස්ථානවලට නිදහස් කරදීමට අදාළ ආයතන කටයුතු කරන සේයාවක්වත් නෑ. අදටත් අන්තවාදී කණ්ඩායම්, ව්‍යාපාරිකයන් රක්‍ෂිත එළිපෙහෙළි කර ගිනිබත් කරනවා. යහපාලනෙයි, මේ පාලනයෙයි නැෙඟනහිරදී ලොකු වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ පාට මාරුවීම විතරයි. උතුර, නැෙඟනහිර පළාත්වල අදාළ ආයතනවල නිලධාරීන් තවමත් එකයි. ගමේ ග‍්‍රාම සේවකගේ ඉඳලා ඉහළට යනකම් දෙමළ, මුස්ලිම් නිලධාරීන්. ඉහළින් මොන නියෝග ආවත් ඒ නිලධාරීන් වැඩ කරන්නේ ප‍්‍රභාකරන්ගේ න්‍යාය පත‍්‍රයට. ඕක තමයි සත්‍ය කතාව. ඇත්ත කතා කරනකොට නිලධාරීන්ට අපිව රුස්සන්නේ නෑ. ඒ අය විවිධ චෝදනා ඉදිරිපත් කරලා අපිව හොරු, මංකොල්ලොකාරයෝ, භූමි කොල්ලකරුවෝ බවට හංවඩු ගහන්න හදනවා. මට දුක අපි සමඟ එක මේසයක වාඩිගෙන උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගන්න කතා කරපු ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයාත් ඒ ඇම ගිලපු එක ගැනයි…’’
‘‘පසුගිය දිනක දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවක් අමතමින් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයා ‘ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කුච්චවේලී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑ කැපීම පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කළා. ‘ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ අපිත් එක්ක වැඩ කරන හාමුදුරුනමක් මහා වන සංහාරයක් සිද්ධ කරන’ බවත් එම දේශනයේදී ප‍්‍රකාශ කළා. අරිසිමලේ ආරණ්‍ය සේනාසන නමවත්, මගේ නමවත් පාවිච්චි වුණේ නෑ. ඒත් ආරක්‍ෂක ලේකම්තුමා චෝදනා කරන භික්‍ෂුන්වහන්සේ කවුද කියලා මම සොයා බැලූවා. සොයාගෙන යනකොට චෝදනාව එල්ල වෙන්නේ මට කියලා පැහැදිලිව සනාථ වුණා. ඒ මොහොතේ ඉඳලා ආරක්‍ෂක ලේකම්තුමාගේ පෞද්ගලික දුරකථන අංකයට දිගින් දිගටම ඇමතුම් ලබාගත්තා. ඒ කිසිම ඇමතුමකට එතුමා සම්බන්ධ වුණේ නෑ. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දුරකථනය ඔස්සේ කතා කළ අවස්ථාවේ මට විරුද්ධව නැෙඟන අභූත චෝදනාව ගැන එතුමා පුදුම වුණා. පුදුම වෙන්න ඕන තමයි. සියලූ දේ අතහැරලා ආපු මට මොකටද ඉඩම්. ඒ වගේම උපසම්පදා භික්‍ෂුවකට ගහකින් කොළයක්වත් කඩන්න අවසර නෑ. මෙපමණ කාලයකට මම ඒ සීලය කඩලත් නෑ. ඉදිරියට කඩන්නෙත් නෑ…’’
‘‘ඒ වගේම කමල් ගුණරත්න කියන්නේ තිස් වසරක් පැවති ත‍්‍රස්තවාදී යුද්ධය අවසාන කරන්න නායකත්වය ලබාදුන් යුද සෙන්පතියෙක්. අපේ රට, ජාතියට මහ සම්පතක් වූ නායකයෙක්. පහුගිය කාලේ නැෙඟනහිර උරුමයන් සුරැකීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ අපි දෙදෙනාම නිලධාරීන්. නැෙඟනහිර ගැටලූ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්තුමා නිතර මා සමඟ කතා බහ කළා. එවැනි සමීප ඇසුර තුළදී එතුමා තුළ තිබෙන මානුෂීය ගුණධර්ම මට දැනිලා තියෙනවා. ඒත් මේ ප‍්‍රකාශය තුළින් අපට දැනුනේ එතුමා තුළ විමසා බැලීමේ අඩුපාඩුවක් තිබෙන බවයි. මීට වඩා විමසා බැලීමකින් යුක්තව අදහස් ප‍්‍රකාශ කළා නම් අද අපි මේ විදිහට පසුතැවෙන්නේ නෑ.’’
‘‘මට තියෙන කනගාටුව සෝමාවතිය ප‍්‍රදේශයේ සිදුවන වන සංහාරය ආරක්‍ෂක ලේකම්තුමාට වාර්තා නොවීම ගැන. අපි වැඩ සිටින ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සිදුවන කැලෑ විනාශය වාර්තා නොවීම ගැන. කුච්චවේලී ප‍්‍රදේශයේ සිදුවන වන සංහාරය නතර කරගන්න පමණක් පුල්මුඬේ පොලිසියේ පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපි දාලා තියෙනවා. නැෙඟනහිර පළාතේ මහ රක්‍ෂිත විතරක් නෙමෙයි සංවේදී කඩොලාන පරිසර පද්ධතිත් විනාශ කරනවා. සම්පල්තිව් කඩොලාන පරිසරය මහ දවල් ප‍්‍රසිද්ධියේ ඩෝසර් කරමින් භූමිය කොල්ලකෑවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු සියලූ පාර්ශ්ව අපි දැනුවත් කළා. ඒත් ඒ සම්බන්ධයෙන් තවම අදාළ කිසිම ආයතනයක් ක‍්‍රියාත්මක වෙලා නෑ. එහෙව් පරිසරයක අනාගතය ගැන හිතලා දායකයන්ගෙන් ලැබෙන ධන පරිත්‍යාගයෙන් ආරණ්‍යය සේනාසන කිහිපයකට මායිම්ව තිබුණු පුරන් කුඹුරු ඉඩම් අක්කර කිහිපයක් මුස්ලිම් මිනිසුන්ගෙන් අපි මිලට අරගෙන තියෙන බව ඇත්ත. අපි ඒ මිලදී ගත්තෙත් ඉදිරියේදී එම විහාරස්ථානවලට අභියෝගයක් වෙයි කියා හිතෙන ඉඩම් විතරයි. ඒ වගේම තවත් ප‍්‍රදේශ කිහිපයක සිංහල මිනිස්සු අපිට ඉඩම් පූජා කරලා තියෙනවා. මිලදී ගත්ත, පූජා කළ ඒ කිසිදු ඉඩමක් විහාර සංචිත ඉඩම්වලට එකතු කළේ නෑ. ජනාධිපතිතුමාගේ පුරන් කුඹුරු ඇස්වැදීමේ වැඩසටහනට සමගාමීව නැෙඟනහිර අසරණ සිංහල මිනිසුන්ට බෙදා දුන්නා. උතුර, නැෙඟනහිර සිංහල පදිංචිකරුවන් බහුතරයකට ඉඩම් ලබාදීලා තියෙන්නේ පර්චස් දහයයි, විස්සයි. ඒ මිනිස්සුන්ට වගා කරන්න ඉඩම් නෑ. ජීවත් වෙන්න රැකියා අවස්ථා නෑ. ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳිනවා. ඒ අසරණ සිංහලයන්වත් බලාගන්න වෙලා තියෙන්නේ අපිට. මෙපමණ කාලයකට අපිට පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ව බලා ගත්තා. ඉදිරියටත් ඒ යුතුකම අපි ඉටුකරනවා. ඒ වගේම මොන චෝදනා, අවලාද නැඟුවත් නැෙඟනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැප වෙනවා. ඒක මගේ ප‍්‍රතිඥාවක්. අපවත්වන තෙක් ඒ යුතුකම ඉටු කරනවා…’’
‘‘ගල් මුල්, තාඩන පීඩන නොසෑහෙන්න එයි. ඒත් ඵල ඇති රුකටයි ගල් වඳින්නේ. ‘උතුර, නැෙඟනහිර අපිට වැඩක් නෑ, අපේ පාඩුවේ දකුණට වෙලා ඉන්නවා’ කියා හිතාගෙන හිටියා නම් අපිට අද අවලාද අහන්න වෙන්නෙ නෑ. එහෙම වුණා නම් මේ වනවිට උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමයක් නෑ. සිහළ උරුමය අන්තවාදීන් කම්බස් කරලා ඉවරයි. පහුගිය ආණ්ඩුව කාලයේදී වැළලෙන්න ගිය උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය අපි ආරක්‍ෂා කරගත්තා. සදාචාරාත්මකව, සම්බුද්ධ ශාසනයේ විනය ධර්මයට එකඟව නීති අණපනත්වලට යටත්ව රට, ජාතියට, ශාසනයට දැනෙන්න වැඩ කරලා තියෙනවා. ඒ ගැන හිතාගෙන ඕනෑම මොහොතක සතුටින් අපිට අපවත් වෙන්න පුළුවන්. ඒ වගේම කළ කී මෙහෙවර වැරැදි නම් අපි කළ වරද වෙනුවෙන් දඬුවම් විඳින්නත් සූදානම්. ඒත් මේ නිලධාරීන් අභූත චෝදනා කරලා නැති කරන්න හදන්නේ අපේ දන්වේල…’’
‘‘මෙපමණ කාලයක් අපි යැපුණේ බාහිර ප‍්‍රදේශවල සිංහල බෞද්ධයන් ලබාදෙන පත්‍යාධාර මත. මෙවැනි ප‍්‍රකාශ කිරීමත් සමඟ සමාජයේ යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වෙලා තියෙනවා. මෙතරම් ගුණ පුරණ, සිල් රකින ජාතියට, ශාසනයට සේවය කරන ස්වාමීන්වහන්සේ මෙවැනි දේවල් කරනවද? කියා මිනිසුන් තුළ කුකුසක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය අපේ ආරණ්‍යය සේනාසනයේ පැවැත්මට විශාල ගැටලූවක්. අපිට රජයෙන් ප‍්‍රත්‍ය පහසුකම් ලැබෙන්නෙත් නෑ. බැතිමතුන්ගෙන් ලබාදෙන පත්‍යාධාර නැති වෙනකොට මේ ප‍්‍රදේශවල සිටින භික්‍ෂුන්වහන්සේ වෙන, වෙන පළාත්වලට වැඩම කරනවා. එහෙම වෙනකොට නැවත නැෙඟනහිර පළාත ආරාජිකත්වයට පත්වෙනවා. බොදු බිම්වල මුස්ලිම්, දෙමළ කොළණි බිහි වෙනවා. ඊනියා කොටි නිජබිම, නැෙඟනහිර මුස්ලිම් රට සිංහලූන් විසින්ම හදලා දෙනවා. උතුර, නැෙඟනහිර ක‍්‍රියාත්මක දෙමළ, මුස්ලිම් අන්තවාදය අතිශය සූක්‍ෂමයි. දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් බළලූන් ලවා කොස්ඇට බාවන්න අති දක්‍ෂයි. යම් කෙනෙකුට අරිසිමලේ හාමුදුරුවෝ ගැන සොයන්න ඕනෑ නම් මුස්ලිම්, දෙමළ අන්තවාදී නිලධාරීන්ගේ වහසි බස් විශ්වාස නොකර, මේ ප‍්‍රදේශවලට ඇවිත් අපි කරන්නේ මොනවද කියා හොයා බලන්න. බුද්ධි නිලධාරීන් යොදවන්න. අපේ චරිත ඝාතනය කරන්න එපා…’’
මේ රජයෙන් මෙවැනි හිරිකිත වැඩ අපි බලාපොරොත්තු වුණේ නෑ. මේ ආණ්ඩුව පත් වෙනකොට සුබ අනාගතයක් නිර්මාණය වෙයි කියා අපි සිහින දැක්කා. බුදු දහමට මූලිකත්වය දෙන ඒකීය රටක ජීවත් වෙන්න සිහින දැක්කා. ගෝඨාභය ජනාධිපති දිවුරුම් දෙන අවස්ථාවේ මුළු ලෝකයටම ඇහෙන්න ‘‘මම සිංහල බෞද්ධ ඡන්ද මතින් පත් වෙච්ච ජන නායකයෙක්’ කියලා කියනකොට හිතට පුදුම සතුටක් දැනුණා. ජනාධිපති ගෝඨාභය යුතුකම් ඉෂ්ට කරන්න උනන්දු වන බවක් පේනවා. ඒත් එතුමා වටා සිටින කිහිපදෙනෙක් කකුලෙන් අදිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් වෙන්නෙ නෑ කියලා දැන් අපිට පැහැදිලිව පෙනී යනවා. එදත් අපි අසරණයි. අදත් එසේමයි…’’ අරිසිමලේ නායක හාමුදුරුවන්ගේ ඒ කතාව ඇසෙන විට මගේ හදවත කීරි ගැසිණි. අපේ නායක හාමුදුරුවන්ට ද එතැනින් එහාට කතා කරගැනීමට නොහැකි විය. වචන පැටලිණි. අප අතර රජයන දැඩි නිහඬතාව බිඳින්නට ද උන්වහන්සේ අකැමැති වූහ.
අනගාරික ධර්මපාලතුමා වරෙක මෙසේ පවසා තිබිණි. ‘ජාතිය වෙනුවෙන් දෙයක් කරනවා නම්, නින්දා අපහාස විඳින්න බලාගෙන කරන්න. එහෙම විඳින්න බැරි නම් කරන්න එපා…’ සිංහලයන්ට වැඩියෙන් කළොත් වැඩියෙන් නින්දා විඳින්න වන බවත් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. එදාටත් වැඩියෙන් එම ප‍්‍රකාශය අදට ගැළපෙන බව සැබෑය. මේක අමුතු රටකි. මැතිවරණ සමයේදී උතුර, නැෙඟනහිර බෞද්ධ උරුමය සුරක්‍ෂිත කිරීමට සංවිධාන ගොඩනඟමින්, එක මේසයක සාකච්ඡා කළ හිමියන් වසරින්, දෙකකින් අමතක කරන බලලත් නිලධාරීන් සිටින රටක ජීවත් වන සිංහලයන්ට බුදුසරණය. තවත් කතා අවැසි නැත.
2021 පෙබරවාරි 28 දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...